බෝසත් පිළිම
මෛත්‍රී බෝසතාණන් වහන්සේ
ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ |
ශාස්ත්‍රවේදී
එන්. කරුණාරත්න
අධ්‍යාපන ඩිප්ලෝමා
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ එකම දහමකි. එය මහායාන
හීනයාන ථෙරවාදී වශයෙන් කොටස්කර නොදැක්වූහ. එසේ වෙන්කොට ගන්නා ලද්දේ
පසුකාලීනයෝය.
මහා විහාරවාසීහු ථෙරවාදයද ඉන්පසුව අභයගිරිවාසීහු මහායානයද පිළිගත්හ.
මහායානික නිර්මාණ ශිල්පීහු බෝසත් පිළිම කළහ. පසුකල එවැනි දේ ථෙරවාදීහු
ද පිළිගත්හ.
ඒවාට වන්දනා කළහ. මෛත්‍රී බෝසත් වන්දනාව මෙරට ප්‍රචලිත වූයේ ක්‍රි.ව 5
වන සියවසින් පසුවය. ඒ අනුරාධපුර යුගයේ අවසාන භාගයයි.
මෛත්‍රී බෝසත් පිළිම
පළමුවන දප්පුල රජතුමා විසින් ක්‍රි.ව 661 - 664 පසළොස් රියන් උස
මෛත්‍රී බෝසත් පිළිමයක් කළ බව චූලවංශයේ සඳහන් ය. (ම.වං දෙවන කොටස)
‘තවද අන්‍ය වූ පසළොස් රියන් මෙතේ් බුදු රූප කරවි. ම. වං. දෙවන කොටස 43
පරිච්ඡේදය 42 පිටුව
පළමුවන පරාක්‍රමබාහු රජතුමා විසින්ද මෛත්‍රී බෝසත් පිළිම තුනක් කරවන
ලදී. ක්‍රි.ව. 1153 ‘සියලු කර්මයන් දක්වා විද්‍යාධර ගුහාවද වැඩහුන්
පිළිම ලෙනක්ද නොහොත් පිළිම ගුහායක් දැයි මෙතේ පිළිම ලෙන් තුනක්ද දක්ෂ
වූ ශිල්පීන් ලවා කර වූයේය.
ම.ව. දෙවන කොටස 78 පරිච්ඡේදය 78 පිටුව
කීර්ති ශ්‍රී‍්‍ර රාජසිංහ රජතුමා විසින් ද කුරුණෑගල රිදී විහාරයේ
මෛත්‍රී බෝසත් පිළිම දෙකක් කරවා ඇත. ක්‍රි.ව. 1747.
අනද තෙරුන්ගේද, මෙතේ බෝසතුන්ගේද නාථ දේවවරයාගේද ගැමුණු රජුගේද හොබනා රූ
කරව්’ (මේ බෝසත් පිළිම හඳුනා ගෙන නැත.)
ම.වං. දෙවන කොටස 100 පරිච්ඡේදය 339 පිටුව
* මහ වංශය - හික්කඩුවේ සුමංගල හිමි - බටුවන්තුඩාවේ පඬිතුමා ,
රත්නාලංකාර පොත්හල - කොළඹ වර්ෂ 1946.
බුදුරුවගල
අපට අගනා බෝසත් පිළිම දක්නට ලැබෙන්නේ බුදුරුව ගලය. බුදුරුවගල හිටි බුදු
පිළිමය දෙපස මේ බෝසත් පිළිම ඇත. බුදු පිළිමයට දකුණු පසින් ඇත්තේ
අවලෝකිනේශ්වර බෝධි සත්වයන්ගේ සහ ඔහුගේ බිසව වන තාරා දේවියගේද
පිළිරුවයි. මෙම බුද්ධ ප්‍රතිමාවට වම් පසින් ඇත්තේ මංජු ශ්‍රී බෝසත්
පිළිමය යි. ඒ අසල ඔහුගේ බිසව ද සිටී. මෙම රූප, ගලෙහි සාමාන්‍ය අන්දමින්
මතුකොට දක්වා ඇත. වෙනත් බෝසත් රූපවල මෙන් මේවායේ ඇඳුම් පැළඳුම්
පැහැදිලිව පෙනෙන්නට නැත.
මාලිගාවිල
නිදන් හොරු විසින් විනාශ කර දමන ලද අගනා බෝසත් රුවක් මාලිගාවිල
බුදුපිළිමයට නුදුරින් ඇත. මෙය මෑතදී සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින්
ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම බෝසත් ප්‍රතිමාවට සමාන අලංකාර බෝසත්
පිළිමයක් ලොව අන්කිසිම රටක දක්නට නැත. උසට සරිලන මහතින් යුත් පිරිපුන්
සිරුරකින් යුත් මේ පිළිමය මනහරය. සිත්ගන්නා සුළුය.
මෛත්‍රී බෝසත් පිළිම අලංකාර ඇඳුම් පැළදුම්වලින් සරසා ඇත. මේවා
විශේෂයෙන් හඳුනා ගැනීමට හැකිවන්නේ හිස් වැස්මෙහි ඇති ස්ථූප සංකේතයයි.
එසේම අත්වලින් ධර්ම චක්‍ර, විතර්ක වැනි මුද්‍රා එකක් හෝ දෙකක් නිරූපණය
කර ඇත. මාලිගාවිල දඹේවෙල නම් ස්ථානයේ ඇති පිළිමය සෘජුව සිටගෙන සිටින
ඉරියව්වෙන් නෙලා ඇත. පිළිමයේ සිරසෙහි ඔටුන්නක් වැනි කැටයම් සහිත හිස්
පළඳනාවකි. එහි මැද කුඩා බුදු රුවක්ද සටහන් කොට තිබේ. වැලමිට ළඟින් ඉහළට
නැමුණු අත්වල ඇඟිලි වලින් දේශනා ස්වරූපයෙන්යුත් මුද්‍රාවකි. පිළිමයේ
උරය රාජා භරණවලින් සරසා ඇත. මිණිමුතු මාල දක්නට ඇත. ඉණෙන් පහළට අලංකාර
සළුවක් ඇඳ සිටී. උරයේ ඒකාවැල නම් නූල් මාලාවකි. මෙයින් රෝගීන් සුවපත්
කළ හැකියයි පිළිගැනීමක් ඇත. මේ අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පිළිමයයි.
කුෂ්ඨරාජගල
ගාලු - කළුතර මාර්ගයේ වැලිගම කුෂ්ඨරාජගල පර්වතයෙහි ගලෙහි හාරන ලද
කුහරයක බෝසත් පිළිමයක් නෙළා ඇත. මෙය අවලෝකිතේශ්වර බෝසතුන්ගේය. ශරීරය
සෘජුය. හිස් පළඳනාවෙහි ඉදිරියේත් දෙපසත් ධ්‍යාන මුද්‍රා කුඩා බුද්ධරූප
නෙළා ඇත. පිළිමයේ වැලිමිටෙන් ඉහළට එසවුන දකුණු අතින් විතර්ක මුද්‍රාවද
වමතින් වරද මුද්‍රාවද නිරූපණය වෙයි. උඩුකය මාලවලින් සරසා තිබේ. යටිකය
අගනා සළුවකින් සරසා ඇත. මෙම පිළිමයේ හස්ත මුද්‍රා සහ හිස් පළඳනාවේ ඇති
බුද්ධ රූප නිසා මෙය සමන්ත භද්‍ර මහායානික බෝසතුන්ගේ යැයි සමහරු කල්පනා
කරති.
යාල
යාල අභය භූ®මියේ සිතුල්පව්වෙහි මිශ්‍ර හුණු ගලින් කරන ලද අලංකාර බෝසත්
පිළිමයක් ඇත. එම සිරුර කඩවසම්ය. මුහුණ සුන්දරය. එහෙත් දෙ අත් කැඩීගොස්
තිබේ. ඒ නිසා එම පිළිමයේ වූයේ කිනම් මුද්‍රාවක් දැයි සඳහන් කිරීමට
නුපුළුවන.
මෙසේ කැඩී බිඳී ගිය බෝසත් රූප ගණනාවක්ම තිස්සමහාරාම යටාල විහාරයෙන් සහ
අම්බලන්තොට ආදී ප්‍රදේශවලින් අපට හමු වී ඇත.
කොළඹ කෞතුකාගාරය
කොළඹ කෞතුකාගාරයේ ද කුඩා බෝසත් රූප තුනක් දක්නට ඇත. එයින් එකක් අඟල් 18
ක් උසය. සිරුර තුන් තැනකින් නැවී ඇත. (නිවංක) මෙයද සිත් ගන්නා මනහර
රූපයකි. අගනා රාජාභරණවලින් සරසා තිබේ. මෙය මෛත්‍රී බෝසතුන්ගේ පිළිමයයි.
කෞතුකාගාරයේ රන් ආලේපිත තවත් බෝසත් පිළිමයක් ඇත. මෙය යෞවන කුමාරයකු ගේ්
අයුරින් නෙළා තිබේ. රූපයේ ඇති අඳුම් සහ පළඳනා කුමාර විලාශය ගනී. අසුනක්
මත දකුණු පය නවාගෙන වම් පය පහතට දමාගෙන සිටින ආකාරයෙන් නිමවා ඇත. දකුණු
අතින් මල් කැකුලක් වැනි දෙයක් ගෙන සිටී. වේරගල සෙල්මුවා පිළිමය නමින්
නම්කර ඇත. මෙය ද ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයකි. මේ බෝසත් පිළිම අනුරාධපුර
යුගයේ කලාකරුවෙකුගේ නිර්මාණයැ’ යි සැලකේ. |