සදහම් දැනුම
වහුමුවේ විජයවංස නා හිමි
ප්‍රශ්නය :-බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාව හා මහා ප්‍රඥාව පිළිබඳ ව
කෙටි හැඳින්වීමක් කරන්න.
පිළිතුර - බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රඥාව පිළිබඳ ව ශ්‍රී මුඛ පාඨයක්
වශයෙන් දම්සක් පැවතුම් සූත්‍රයෙහි සඳහන් වන “ මයා සම්ම දක්ඛාතො භාවිතො
බහුලී කතො අභිඤ්ඤාය සම්බෝධාය - නිබ්බාණාය “ ආදී වශයෙන් තමා අවබෝධ කරගත්
සද්ධර්මය තමා විසින් ම ප්‍රඥා මහිමයෙන් ම ලබා ගත්තක් බව සඳහන් කිරීමෙන්
මුළු ලොව ම අන්ධකාරයෙන් ආලෝකය කරා ගෙන යා හැකි ශ්‍රේෂ්ඨ පුද්ගලයා
බුදුරජාණන් වහන්සේ බව පාලි නිකායගත තොරතුරු අනුව තහවුරු වේ.
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතයෙහි ප්‍රඥාවෙහි ආරම්භය බුදුවීම වුවත් පෙළ
පොත්හි එය සඳහන් වන්නේ සිවුසස් (චතුරාර්ය සත්‍යය) අවබෝධය ත් ප්‍රතීත්‍ය
සමුප්පාද ධර්මාවබෝධයත් නිසා ප්‍රඥාව උදා වූ බවයි.
ඡලභිඤ්ඤ හා තේවිජ්ගුණ ශ්‍රාවකයන් වහන්සේට පොදු වන අතර බුදුරදුන් ගේ
ප්‍රඥාව ප්‍රකට වන්නේ “ සතර වේසාරජ්ජ “ ගුණයෙනි.
පාලි පොත පතෙහි එන ඡළභිඤ්ඤ -
1. පුබ්බේ නිවාසානුස්සති
(තමන්ගේ පෙර ආත්ම පිළිබඳ අවබෝධය
2. චුතූපපාතඤාණය
(අන්‍යසත්වයන්ගේ චුති උත්පත්තිය
පිළිබඳ අවබෝධය)
3. ආසවක්ඛඤාණය
(සියලු කෙලෙසුන් මුළුමනින්ම
නැසීම පිළිබඳ ඤාණය )
4.ඉද්ධිවිධ ඤාණය
5. දිබ්බසොත ඤාණය
6. පරචිත්තවිජානන ඤාණය (චෙනොපරිය)
බුදුරදුන්ට ආවේණික ඇතැම් ගුණ රහතන් වහන්සේ තුළ ද පැවැතිණි. මේ නිසා
ඇතැම් දෙනකු බුදුරදුන් ශ්‍රාවකයන් වහන්සේලා හා සම තත්වයෙහි ලා සලකා ඇත.
එහෙත් මෙහිදී පවතින මූලික වෙනස නම් තථාගතයන් වහන්සේ ගුරුවරයා වන අතර,
ශ්‍රාවකයන් ශිෂ්‍යයන් වීමය.එමෙන්ම මාර්ගය සොයා ගත් මුල්ම උතුමාණෝ
බුදුරජාණන් වහන්සේය. ශ්‍රාවකයෝ බුදුරදුන්ගෙන් අසා ඒ මඟ ගමන් කොට දෙවනුව
රහත් බව ලබා ගත් අය වෙති. මේ පිළිබඳව “ මහා සකුළුදායි “ සූත්‍රයෙහි
සඳහන් වන්නේ,
“ බුදුරදුන් විසින් ප්‍රතිපත්තිය කියන ලදී. එම ප්‍රතිපත්තිය අනුගමනය කළ
ශ්‍රාවකයෝ සියලු ආශ්‍රව දුරුකොට මෙලොවදීම ඵලසමාධිය හා ඵල ප්‍රඥාව ලබා
වාසය කරති” යනුවෙනි. වරෙක ආනන්ද තෙරුන්ගෙන් ගෝපක මොග්ගල්ලාන
බ්‍රාහ්මණයා බුදුරදුන් හා සමාන ශ්‍රාවකයෙකුවේදැයි ඇසූ විට උන්වහන්සේ
මෙසේ කියති.
“ නත්ථි ඛො බ්‍රාහ්මණා එක භික්ඛුපි තෙහි ධම්මේහි සබ්බේන සබ්බං
සබ්බථාසබ්බං සමන්නාගතොයෙහි ධ්වෙහි සමන්නාතොසොභගවා අහොසි අරහං සම්මා
සම්බුද්ධො “
(ම.නි. ගොපකමොග්ගල්ලාන සූත්‍ර)
උ:දෙවදහවග්ග)
භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයකින් සමන්විත වූ සේක් ද ඒ සියලු ප්‍රඥා හා
සර්වඥතා ගුණ ඇතුළු සියල්ලෙන් සියල්ල සම්පූර්ණ වූ ශ්‍රාවකයකු නොමැති
බවය.
බුදුරදුන් හා ප්‍රඥාවෙන් හෝ වෙනත් ධර්මතාවයකින් හෝ සමාන වන කිසිදු
ශ්‍රාවකයකු නැත. බුදුන් වහන්සේගේ මහා කරුණාව පිළිබඳ පෙළ පොත් හි එන
පරිදි, මහා කරුණා සමාපත්තිඤාණයක් සේ බොහෝ විට සටහන් වී තිබේ.
මානසංභාවයේ අපරිමාණං කරණීයමෙත්ත සූත්‍රයෙහි එන පරිදි අරමුණක් සීමාවක්
නැති කරුණාව මහා කරුණාවයි.
ආභිධම්මිකයන් සඳහන් කරන පරිදි, බුද්ධ කරුණාව මහා කරුණාව වීමට හේතු 05
ක් දක්වා ඇත.
මහා කරුණාව සඳහා කරන ලද කුසල් උසස් වන්නා සේම එය ලබා ගැනීමට කළ කුසල්
කරුණාව සඳහා වූ කුසල් වලට වඩා බලවත් වේ.
ස්වරූපය අතින් උසස් වන මහා කරුණාව දුක හා සැප යන දෙකේහි ම එක සේ
දැක්වෙන අතර කරුණාව දුකෙහි දී පමණක් (පරදුක්ඛෙ සති හදය කම්පනය)
ක්‍රියාවට නැංවේ.
උසස් අරමුණෙහි පවතින මහා කරුණාව කාමරූප හා අරූප යන ධාතු ත්‍රයෙහිම
ක්‍රියාත්මක වන අතර කරුණාව කාම ධාතුකෙරෙහි පමණක් ක්‍රියාවට නැංවේ.
මහා කරුණාව සියලු සචේතනික අචේතනික ධර්ම සමූහය උදෙසා ම ක්‍රියාවට නැංවෙන
අතර කරුණාව පුද්ගල ඒකීය භාවය සඳහා ම යොමු වේ.
මහා කරුණාවේ පැතිරීම ප්‍රමාණයෙන් හා කාලය වැනි සීමාවන්ගෙන් ඔබ්බට යන
අතර කරුණාව සීමිත පරිමාණයක් තුළ ක්‍රියාවට නැංවෙනු ඇත.
ප්‍රශ්නය - බොහෝ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ වෙත ගෞරවාදරයෙන් බුද්ධ
පූජාව අප්‍රමාණ භක්තියකින් සිදු කිරීමට ඉදිරිපත් වෙති. බුද්ධ පූජාව
ශ්‍රාවකයෙකු විසින් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේ වැඩ
සිටි අවධියෙහිදී ම එක්තරා ශ්‍රාවකයකුට දුන් අවවාදයෙන් වඩාත් පැහැදිලි
වෙයි. මෙම සිදුවීම පිළිබඳ විස්තරයක් කරන්න.
පිළිතුර - බුදුරජාණන් වහන්සේ ගේ රූපශි‍්‍රය කෙරෙහි ලොල් බවක් දැක්වූ
වක්කලී ශ්‍රාවකයාණන් වහන්සේ, දම් සභා මණ්ඩපයෙහි සැමදා උන්වහන්සේ ගේ
අභිමුඛයෙහි සිට තමා වෙතම බලා සිටිනු දුටු බුදුන්වහන්සේ, “ මා තෙ වක්කලී
, යො ධම්මං පස්සති, සො මං පස්සති යො මං පස්සති සො ධම්මං පස්සති”
යනුවෙන් යමෙක් ධර්මය දකී නම් ඔහු මා දකින්නේය. ඔහු මා දකී නම් ධර්මය ද
දකින්නේම, යැයි වදාරා පිළිවෙත් ගරුක බව ම අවධාරණය කළහ.
තවද කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සිංහ
සෙය්‍යාවෙන් වැඩ සිටින අවස්ථාවෙහි දී අවට පරිසරයෙහි නොකල්හි මල් පිපී
බුදු සිරුරට මල් වගුරුවනු බලා අනඳ හිමියන්ට මෙසේ වදාළහ. “ ආනන්ද මෙබඳු
පූජාවකින් තථාගතයන් වහන්සේට පූජා පැවැත්වීම , ගරුකිරීම නියම සුදුසු
දැයක් කළා යැයි අගය කළ නොහැකිය. සිව්වණක් පිරිස නව ලොව්තුරා දහමට
අනුගතව පිළිවෙතින් සරුව කරන බුද්ධ පූජාව ම උසස්” යනුවෙන් වදාළහ.
මේ අනුව - බුද්ධ පූජාව ආමිස හා ප්‍රතිපත්ති යනුවෙන් ආකාර දෙකකි. මෙයින්
ප්‍රතිපත්ති පූජාවම බුදුරජාණන් වහන්සේ අගය කළහ.
ප්‍රශ්නය - බුද්ධ ධර්මය අනුව කර්මය පිළිබ¼ඳ සඳහන් කිරීමෙහිදී “
චෙතයිත්වා කම්මං කරොති “ යන්නෙන් දේශිත ධර්මය පිළිබඳ පැහැදිලි කරන්න
පිළිතුර - කම්ම යන වචනයෙහි තේරුම ක්‍රියාව යන්නය. සිතා මතා කරන
(චෙතයිත්වා) ඕනෑම කායික මානසික හෝ වාචසික ක්‍රියාවක් කර්ම ලෙස
හැඳින්විය හැකිය. තුන්දොරින් සිදුකරන ක්‍රියා යන්නෙන් මේ සියල්ල
සැළකෙයි. සියලු මිනිස් ක්‍රියා “ චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි” මහණෙනි!
මම චෙතනාවම කර්මය කොට කියමි. එසේ නම්, චේතනා රහිත, අසංචෙතනික ක්‍රියා
කර්ම නාමයෙන් ගිණිය නොහැකිය.බුදුන් වහන්සේ, රහතන් වහන්සේ හැර අන් සියලු
දෙනාගේම චේතනාත්මක ක්‍රියා කර්ම නම් වෙයි. බුදුරජාණන් වහන්සේ සියලු
කෙළෙසුන්ගෙන් මිදුණු හෙයින් උන් වහන්සේ කුසල් අකුසල් දෙකම ඉක්ම වූහ. |