පන්නිල ශ්‍රී ආනන්ද නා හිමියන්ගේ ශාසනික සමාජ මෙහෙවර
ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නා හිමි
|
අත්තනගල්ල රාජ මහා විහාරාධිපති සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන් දේශීය හා විදේශීය වශයෙන් ද ආගමික
හා සමාජ සේවා රැසක නිරතව සිටින යතීන්ද්‍රයන් වහන්සේ නමකි.
සුනාමි විපත සිදු වූ අවස්ථාවේ මෙරට මහ සඟරුවන සිදු කළ මෙහෙවර
සදානුස්මරණීයය. ඒ අතර ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියෝ් ද විදේශීය
පරිත්‍යාග ශීලීන්ගේ සහ විදේශ ගත ශිෂ්‍ය හිමිවරුන්ගේ ද සහායෙන්
සුනාමියෙන් අවතැන් වූවන් සඳහා නිවාස සිය ගණනක් විවිධ ප්‍රදේශයන්හි ඉදි
කරවූහ.
ආනන්ද නාහිමියෝ විදේශීය දායක කාරකාදීන්ගේ ද දේශීය හා විදේශීය
හිතවතුන්ගේ ද සහාය ලබා ගනිමින් වෙහෙර විහාර ඉදිකරවීමට ද පසුගිය වසරේ
දායක වූහ. ඒ අතර තායිවානයේ පරිත්‍යාගශීලී දායක පින්වතුන්ගේ
අනුග්‍රහයෙන් වල්ගම්මුල්ල බෝධිනන්දාරාමයේ සම්බුදු මැඳුර සහ කඹුරගොල්ල
ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ සම්බුදු මැඳුර ද වතුපිටිවල ළදරු හා වැඩිහිටි
නිවාසයේ බුදුමැඳුර ද ඉදිකරවූහ. අත්තනගල්ල හග්ගල්ල ශ්‍රී නාගවනාරාමයේ
අභිනව සංඝාවාසය හා වතුපිටිවල ජේ.බී. ඔබේසේකර ආර්යා මූලික රෝහලේ ළදරු
වාට්ටුවද ඉදිකරවූහ.
වල්ගම්මුල්ල ශ්‍රී බෝධිනන්දාරාමයේ අභිනව සම්බුදු මැඳුර |
කඹුරගල්ල ශ්‍රී බෝධිරුක්‍ඛාරාමයේ අභිනව සම්බුදු මැඳුර |
අත්තනගල්ල හග්ගල්ල ශ්‍රී නාගවනාරාමයේ අභිනව සංඝාවාසය |
වතුපිටිවල ළදරු හා වැඩිහිටි නිවාසයේ සම්බුදු මැඳුර |
වතුපිටිවල ජේ.පී. ඔබේසේකර ආර්යා මූලික රෝහලේ ළදරු වාට්ටුව |
|