සදහම් දැනුම
අනුරාධපුර රුවන්වැලි සෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවෙණාධිපති, ශාස්ත්‍රාචාර්ය
වහුමුවේ විජයවංස
නා හිමි
ප්‍රශ්නය- මේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවවාද වලින් උපුටාගත්
කොටසකි. මෙහි අදහස ඔබේ වචනවලින් සිංහලයට නගන්න. පරිපක්කො වයොමයිහං
පරිත්තං මම ජීවිතං පහාය වො ගමිස්සාමි කතං මෙ සරණ මත්තණො අප්පමත්තා සතී
මන්තො සුසිලා හොථ භික්‍ඛවො සුස මාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛථ යො
ඉමස්මිං ධම්ම විනයෙ අප්පමත්තො විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං
කරිස්සති.
පිළිතුර- මගේ වයස මෝරා ගියේ ය. මගේ ජීවිතයේ ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. ඔබ
හැම අතහැර මම යන්නෙමි. මගේ කටයුතු සියල්ල මම කරගෙන ඇත්තෙමි. මහණෙනි!
අප්‍රමාදීව සිහි ඇතිව සිල්වත්ව වාසය කරන්න. මනාව සමාධි ගත කළ
සිතිවිලිවලින් සිය හිත රැකගන්න. යමෙක් මෙම ධර්ම විනයෙහි නොපමාව
යෙදෙන්නේ නම් හෙතෙම සසර හැර දුක් කෙළවර කරයි.
ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ සහ ආලවක හමුව. ආලවක විසින් අසන ලද
එක් ප්‍රශ්නයකි මේ. “මනුෂ්‍යයාට ඇති වටිනාම ධනය කුමක්ද? කුමක් මනාව
ප්‍රගුණ කළ විට සැප ගෙන දේ ද? සියලු රස අතර මිහිරිම රසය කුමක්ද? කෙසේ
ජීවත්වීම උසස් ම ජීවිත යැයි කියත් ද? මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ
විසින් දෙන ලද පිළිතුරු පැහැදිලි කරන්න.
පිළිතුර- මිනිසාට ඇති වටිනාම ධනය ශ්‍රද්ධාවයි. ධර්මයම මනාව ප්‍රගුණ
කළහොත් සැප ලැබෙයි. සියලු රස අතර ධර්ම රසයම උතුම් ය. ප්‍රඥාවන්තව
ජීවත්වීම උසස් ජීවත් වීමයි.
ප්‍රශ්නය- දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහිදී බුදුරජාණන් වහන්සේ
විසින් මෙබඳු ප්‍රකාශනයක් කර ඇති බව දක්නට ලැබේ. “ඤණංච පනමේ දස්සනං
උදපාදි අකුප්පා මෙ වෙතො විමුක්ති. අයමන්තිමා ජාති නත්ථිදානි
පුබ්බභවොති” මෙය සිංහලයට නගන්න.
පිළිතුර - “මට මෙබඳු විදර්ශනා ඤාණයක් පහළ විය. මගේ වෙතො විමුක්තිය
අකම්ප්‍යය. මෙය මගේ අවසන් උපතයි. නැවත පැවැත්මක් සිදුවන්නේ නැත”
ප්‍රශ්නය - පිරිනිවන් පෑ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය
තැන්පත් කළ චිතකයට ගිනිදැල්වූවද ගිනි නොගත් බවත් එක් මහරහතන් වහන්සේ
නමක් අතගැසීමෙන් පසුවම ගිනිදැල් නැගුණු බවත් අප අසා ඇත. ඒ ශ්‍රේෂ්ඨ
මහරහතන් වහන්සේ කවු ද?
පිළිතුර - මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ.
ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වාසය
කරද්දී බ්‍රාහ්මණ පරපුරක්ම බුදුරජාණන් වහන්සේ හමුව බුදුන්සරණ ගියහ. මේ
බ්‍රාහ්මණ පරපුර කුමක්ද? ඒ අයගේ කිහිප දෙනෙකුගේ නම් සඳහන් කරන්න.
පිළිතුර- භාරද්වාජ බ්‍රාහ්මණ පරපුර, භාරද්වාච අක්කොසක භාරද්වාජ -
සුනදරි භාරද්වාජ – විලංගික භාරද්වාජ.
ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ එක්තරා ක්‍රෝධයෙන් වෙළි ගිය
සිතැතියකුට මෙසේ වදාළහ. ශ්‍රාවකය - ක්‍රෝධය නසා සුවසේ කල්ගෙවිය හැකි ය.
ක්‍රෝධය නසා ශෝක නොවී සිටිය හැකි ය. නසාලිය යුතු එකම දෙය නම් ක්‍රෝධය
බව මම සිතමි. මේ තැනැත්තා පසුව පැවිදිව රහත් විය. ඒ කවුද?
පිළිතුර - භාරද්වාජ බ්‍රාහ්මණ.
ප්‍රශ්නය - මේ දෙදෙනෙකු අතර ඇති වූ සංවාදයකින් උපුටා ගත්තකි. මේ
දෙදෙනා කවුද? බමුණා යම්කිසි කෙනෙක් තවත් කෙනෙකුට පරුෂ වචනය කියා පරිභව
කරන විට ඔහු බණින තැනැත්තාට ආපසු පරිභව කරයි නම් ඒ බැණුම් ඒ දෙදෙනාම
එකතු වී බෙදා ගැනීමක් තමයි කරන්නේ. ඒ නිසා බමුණ මා ඔබේ බැණුම්
පිළිගන්නේ නැහැ. ඒවා ඔබම පිළිගන්න.
පිළිතුර- බුදුරජාණන් වහන්සේ සහ අක්කොසක භාරද්වාජ අතර වූ සංවාදයයි.
ප්‍රශ්නය - කාන්තාවන් පිළිබඳ මේ කියමන බලන්න. “ආදරය කරුණාව,
දයාව, කැපවීම, ඉවසීම, අධිෂ්ඨානය හා ධෛර්යය” වැනි ලෞකික ගුණධර්ම පමණක්
නොව මාර්ගඵල උසස් ආර්ය ගුණධර්ම කාන්තාවන්ට ප්‍රගුණ කළ හැකි බව. ඇය ලොවට
පෙන්වා දුන්නා ය. මේ ශ්‍රේෂ්ඨ කාන්තාව කවුද?
පිළිතුර- මහා ප්‍රජාපතී ගෝතමිය.
ප්‍රශ්නය- රජගහනුවරටත් නාලන්දා නුවරටත් අතර බ්‍රහ්මපුත්ත නම් නුගරුක යට
ඇති වූ සංවාදයකි.
මේ මේ දෙදෙනා කවුද?. මේ කරුණු තුනෙන් දේශක හා ශ්‍රාවක අතර ඇතිවන
සද්භාවය කුමක්ද?
1. ස්ථවිර – නවක – මධ්‍යම යන සියලු භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි ගෞරවය හා
ආචාරශීලී භාවය ඇතිව හැසිරිය යුතු ය.
2. ධර්මය අසන විට එය තමන්ට වැඩදායක යයි සිතා මුළු සිතින්ම කන්යොමා ඇසිය
යුතු ය.
3.කය අනුව සිත විහිදුවාගෙන (කායගතාසතිය) ශරීරයෙහි නිස්සාර භාවය මෙනෙහි
කළ යුතු ය.
පිළිතුර- බුදුරජාණන් වහන්සේ සහ පිප්පලී බ්‍රාහ්මණ කුමරු තම ජාති මානය
දුරුකිරීම පිණිස පළමු කාරණය ද, බහුශ්‍රැත භාවය නිසා ඇතිවිය හැකි
අහංකාරය දුරුකිරීම පිණිස, දෙවන කරුණ ද ශරීර ලක්‍ෂණ නිසා ඇතිවන මමත්වය
දුරුකිරීම පිණිස, තුන්වන කරුණ ද බුදුරජාණන් වහන්සේ වදාළහ.
ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ දළදා පෙරහර පැවැත් වූ රජවරුන් අතරෙන් අවසන්
වරට දළදා පෙරහර පැවැත් වූ රජතුමා කවුද?
පිළිතුර- කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා.
ප්‍රශ්නය- ධූතාංග ධාරීන් අතරින් අග තනතුරු ලත් මෙම ශ්‍රාවකයාණන් වහන්සේ
වරෙක බුදුරජාණන් වහන්සේ අමතා මෙසේ වදාළහ. ස්වාමීනි, මම බොහෝ කලක්
ආරණ්‍යවාසය කළෙමි. දිගු කලක සිට පිණ්ඩපාතයෙන් යැපෙමි. පාංශුකූල සිවුරු
දරමි. සැහැල්ලු දිවියක් ගෙවමි එය මට රුචි ය. මෙම ශ්‍රාවකයාණන් වහන්සේගේ
නාමය කුමක්ද?
පිළිතුර - කරුණා ගුණයෙන් හා නිහතමානී ගුණයෙන් යුත් මහා කාශ්‍යප මහරහතන්
වහන්සේ.
ප්‍රශ්නය- වාද අතරෙන් පානදුරා වාදය බුදුදහම විදේශයන්හි පවා ව්‍යාප්ත
වීමට හේතු විය. ඇමරිකන් ජාතික හෙන්රි ස්ටිල්ඕල්කට්තුමා මෙරටට පැමිණ
ඉමහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට හේතු වූයේ පානදුරා වාදයයි. මේ
පානදුරා වාදයේ නිර්මාතෘවර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වාදිහසිංහ වූ
මුන්වහන්සේගේ නම කුමක්ද?
පිළිතුර- පරවාද මථනය කළ පැවිදි මිණිපහන විරුදාවලිලත් මොහොට්ටිවත්තේ
ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ ය.
ප්‍රශ්නය-පහත සඳහන් සංවාදය සිදුවූයේ කවුරුන් අතර ද නාමික ව සඳහන්
කරන්න. ‘රජතුමනි මානසික වශයෙන් මෙලොව පරලොව සැනසීම ලබාදීමට සමත් එකම
උත්තමයා ගෞතම බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ දැනට ශ්‍රාවක පිරිස
පිරිවරාගෙන අඹ උයනේ වැඩ වෙසෙනවා. අපි උන්වහන්සේ මුණ ගැසීමට යමු ’
පිළිතුර- ජීවක වෛද්‍යාචාර්ය තුමා සහ අජාසත් මහරජතුමා.
ප්‍රශ්නය- තමා අතහැර නොයන සෙවණැල්ල මෙන් කුසල කර්මයක විපාක දුන් අයුරු
පැහැදිලි කරන ශ්‍රාවක චරිත කථාවක් සඳහන් කරන්න.
පිළිතුර - ලාභීන් අතරින් අගතනතුරු ලත් සීවලී මහරහතන් වහන්සේගේ චරිත
කථාව.
ප්‍රශ්නය -පියමතුරා බුදුරදුන් සමීපයෙහි මම මතු බුදු සසුනක ධර්ම කථික
භික්‍ෂූණීන් අතර අග තනතුර පතමි යනුවෙන් එතුමිය කළ ප්‍රාර්ථනාව ඉටු
කරමින් ගෞතම බුදුරජාණන් වහන්සේ අබියස පසු කළෙක ධර්ම කථික භික්‍ෂූණීන්
අතර අගතනතුරු ලැබූහ. මෙම රහත්තෙරණිය කවු ද?.
පිළිතුර - ධම්මදින්නා රහත් තෙරණිය.
ප්‍රශ්නය- සිව්වනක් පිරිසෙහි තෙවැනි තැන හිමිවන්නේ උපාසකවරුන්ට ය.
බුදුරදුන් වැඩ සිටි කළ ජීවත් වූ විවිධ චරිත ඇති උපාසකවරුන් අතරෙන්
උපාලි ගහපති, චිතත් ගහපති, යන අය ගැන කෙටි හැඳින්වීමක් කරන්න.
පිළිතුර- උපාලි ගහපති, නිගණ්ඨනාථ පුත්තගේ ගිහි ග්‍රාවක වූ උපාලි
ගහපති, නාලන්දා නුවර විසූ ඉතා ධනවතෙකි.
චිත්ත ගහපති බුදුරජාණන් වහන්සේ වෙතින් ධර්ම කථික උපාසකවරුන් අතුරෙන්
අගතනතුරු ලැබීය. පියමතුරා බුදුරදුන් සමයෙහි සිට බලාපොරොත්තු සහිතව
පින්දහම් කළ චිත්තගහපතිතුමා මච්ජිකාභණ්ඩ නුවරෙහි සිටු තනතුරක් ද ලැබූහ. |