කැලණියේ දුරුතු උළෙලට
			දිනපතා දහම් දෙසුම්
			
			 
			කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා 
			විහාරයේදී 2008 ජනවාරි 14 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම 
			දේශනා මාලාවක් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ 
			මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පිරිදි පැවැත්වේ. 
			ඒ අනුව 2007 දෙසැම්බර් 31 වනදා සිට පිළිවෙලින් දිනපතා මහාචාර්ය උතුරාවල 
			ධම්මරතන හිමි 2008 ජනවාරි 1 වනදා අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස 
			අනුනාහිමි , උයන්වත්තේ ඤාණාලෝක අනුනාහිමි, දොඩම්ගොඩ අස්සජි නාහිමි 
			දර්ශනපති කොස්වත්තේ අරියවිමල හිමි, බොරැල්ලේ අතුල නාහිමි, ආචාර්ය 
			නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දහම් දෙසුම් 
			පවත්වති.  |