| 
			 			 			 			 			 			 			 			 			
			 			සිරි මහ බෝ පූජෝපහාර පින්කම
						 			කැලණියේ වනවාසල ශ්‍රී සුධර්මාරාම මහා විහාරස්ථානයේ දැනට අවුරුදු තුනක 
			සිට සෑම පසළොස්වක පොහෝ දිනකම පවත්වනු ලැබූ ආශිර්වාදාත්මක කිරි පිඬු 
			පූජාවට සමගාමීව ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ සම්ප්‍රාප්තිය මෙනෙහි කිරීමේ 
			“චීවර” පුෂ්ප පූජෝපහාරය මෙවර ද මෙම උඳුවප් පොහෝ දා අලුයම 4.00 - 5.00 
			දක්වා සිදු කෙරේ. විහාරාධිපති නිල්පනාගොඩ සුමතිරතන හිමියන්ගේ අනුශාසනා 
			පරිදි සිදු කැරෙන එම පින්කමට අමතරව සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් 
			උදෙසා සිල් රෙදි පරිත්‍යාග කිරීම අයි. ඩී. විල්බට් මහතාගේ 
			ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.  |