කට වට කර
බැඳිය හැකි
දහම් වැට
විශ්‍රාමික ගුරු උපදේශක
ඒ.එම්. පේ‍්‍රමරත්න
අපේ කනට අසෙන ශබ්ද අතර මිහිරි වූ සුගම වූ සුමධුර වූ වචන තරම් අපගේ සිත
පිනවන වෙනත් ශබ්දයක් නැත. අමිහිරි වූ සුගම වූ කටුක වූ ඵරුස වූ වචන අපට
ඇසෙන විට සිත හැකිළෙයි, රළු වෙයි, සසල වෙයි, දූෂ්‍ය වෙයි. ශබ්දයට
ප්‍රතිචාර දැක්විය හැකි සිවුපාදී සතෙක් වුවද මිහිරි - පි‍්‍රය වචනයෙන්
අමතන විට අප කෙරෙහි හික්මෙයි. ලෙන්ගතු වෙයි.වචනයේ බලපෑම එතරම් ම
ප්‍රබලය. එය, අතින් පයින් අවියෙන් දක්වන ප්‍රතිචාර ඉක්මවයි.
අපට බොහෝ හානි පැමිණෙන්නේ කට වරද්දා ගැනීමෙනි. ආහාර ගැනීම හා කතා කිරීම
යන ප්‍රධාන කාර්ය දෙක ඉටු කරන කට , ඒ ක්‍රියා දෙකේදීම පරෙස්සම් කර
ගැනීම, මෙලොව පරලොව දෙකටම ශුභ ඵල ගෙන දීමට හේතුවන බව, බුදු දහමෙහි බොහෝ
තැන් හි දැක්වේ. තිදොරින් කැරෙන වැරැදි අතර වැඩි වැරැදි සංඛ්‍යාවක්
කැරෙන්නේ වචනයෙනි. වාචසික වැරැදි හතරක්ම දස අකුසල් වලට අයත්ය.
වචනය වටා ගෙතී ඇති පිරුළු ප්‍රබන්ධ බොහෝය. ‘හොඳට නරකට දෙකට කටමය .’රට
වටකර වැට බැන්දත් - කට වටකර වැට බැඳිය නො හැකිය. ‘ කතාව දෝලාවෙන් - ගමන
පයින් ‘ ‘කටින් බතල හිටුවන්නා වාගේ ‘ වැනි කියුම්. අප අතර ප්‍රචලිතව
ව්‍යවහාරයේ පවතී. භාෂිතයේදී වචනයත් කනත් අතර ඇත්තා සේම , රචනයේදී
වචනයත් ඇසත් අතර දැඩි සබඳතාවක් ඇත්තේය. රස විඳින්නට යෙදෙන දිව නැත්නම්
කටින් වචන පිට කළ නොහැකිය. එනිසා ඇස, කණ , දිව යන ඉන්ද්‍රියන් තුනක්ම
වචනය සමග බැඳේ.
හොඳ , නරක ලෙස හෝ යහපත් - අයහපත් ලෙස හෝ සම්මා මිථ්‍යා ලෙස හෝ පි‍්‍රය
- අපි‍්‍රය ලෙස හෝ වචනය ද්විප්‍රකාර කොට දැක්වීම බොහෝ විට කෙරෙයි. වචනය
කෙරෙහි පරිසර සාධකය ප්‍රබලව බලපායි. සත්තිගුම්බ ජාතකයෙහි එන සත්තිගුම්බ
සහ පුෂ්පක යන ගිරා පෝතකයින් දෙදෙනාගේ කතා පුවත, ඊට කදිම උදාහරණයකි.
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද ශ්‍රී
සද්ධර්මයෙහි පෙර කී ද්විප්‍රකාර වචනය කෙබඳුදැයි ඉතා නිරවුල්ව දැක්වෙයි.
කට රැක ගැනීමට නම් ඒ කරුණු අපට ඉතාමත් වැදගත්ය. ජීවත්වන පරිසරය කෙබඳු
වුවද කතා කරන භාෂාව කුමක් වුවද බුදු දහමින් ඛ්ැසිරවුණු වචනයෙහි අනන්‍ය
ලක්‍ෂණ හා ගුණ ඇත.
බොරු කීම (මුසාවාදය ) , කේළාම් කීම (පිසුණා වාචා) , රළු වදන් බිණීම
(ඵරුසා වාචා) , හිස් බස් දෙඩීම (සම්ඵප්‍රලාප ) යන හතර වචනයෙන් කැරෙන
වැරැදි හැටියට කුඩා අවදියේ සිටම ඉගැන්වෙයි. ඒවා දස අකුසල කර්ම පථ
සංඛ්‍යාත වුවද ප්‍රාණඝාතය , සොරකම තරම් බැරෑරුම් වැරැදි ලෙස ගැනීමේ
ආකල්පමය හැඩ ගැස්මක් බොහෝ දෙනා තුළ නැති බව පෙනේයි. එනිසා දෝ, ඇඟට
නොදැනී ලොකු කුඩා කවුරුත් මේ වැරැදි හතරෙහි නිරතුරුව බැස ගනිති.
ගිහියාගේ අධි සීලය වන ආජීව අට්ඨමක සීල සිකපද අටෙන් සියයට පනහක්ම වන්නේ
වචනයෙන් කැරෙන වැරැදිවලින් වැළකීමේ සමාදානයයි. මේ වැරැදි හතර, චතුර්විධ
වාග් දුෂ්චරිතයෝ වෙති. තෙවැදෑරුම් සංස්කාර විෂයෙහි ‘වචී සංස්කාර ‘ ලෙස
දැක්වෙන වචනය , චේතනාව මගින් අභිසංස්කරණය වී කර්ම වශයෙන් කුසල අකුසල
දෙකෙහිම පිහිටයි. කිළිටි වූ සිතින් ප්‍රකාශ කරන වචනය, ගැල අදින ගොනාගේ
පාද අනුව ඇදෙන ගැලෙහි රෝද සේ පසුපසින් පැමිණ දුක් විපාක දෙන බවද පහන්
සිතින් යමක් කියන්නේද එය තමා අත් නොහැර සිටින සෙවණැල්ල මෙන් පැමිණ සැප
විපාක දෙන බවද, ධම්මපදයේ මුල් ගාථා දෙකෙන් දැක්වෙයි. ගොළු බව, ගොත බව,
මුඛයේ දුගඳ බව ,විරූපී බව, සත්පුරුෂ සේවනයක් නොලැබෙන බව, මිතුරන්
නොසිටින බව, ආදී තත්ත්ව වාග් අකුසල විපාක ලෙස ධර්මයෙහි දැක්වෙයි.
බොහෝ දෙනෙක් චතුර්විධ වාචසික අකුසල කර්ම අතරින් අපාය ගාමී දුක් විපාක
ලැබෙන අකුසල කර්මය ලෙස සලකන්නේ, මුසාවාදය පමණකි. සම්ඵප්‍රලාපය
සම්බන්ධයෙන් නම් එවැනි විපාක සංඥාවක් ඇත්තේම නැති තරම්ය. පන්සිල්,
අටසිල්, දස සිල් ආදියට අයත් වන්නේ, මුසාවාදයෙන් වැළකීමේ සිකපදය පමණක්
නිසා අනෙක් වැරැදි වලින් ශික්‍ෂණය වීමක් ගැන කරදර නොවිය යුතු යැයි
තර්කයක් මතු කරන්නෝ ද වෙත්. සීලය යනු, පාපයෙන් වැළකී සිටීමේ එක්
විරතියක් පමණකි . එය සමාදාන විරතියයි. මුසාවාදා දී අනෙකුත් පාප කිරීමට
වුවමනාවක් ඇති වූ තැන්හිදී නුවණින් දැක ඒ පාපය නොකර වැළකීම සම්පත්ති
විරතියයි. ශික්‍ෂාපද කියා සමාදන් නොවූවත් වාචික දුෂ්චරිතයන්ගෙන්
වැළකීමේ අවශ්‍යතාව එයින් ප්‍රකට වෙයි. මේ විරති දෙකම ලෞකික පක්‍ෂය ගනී.
අරිය මඟින් සියලු අකුසල් මුල් සිඳ දමා සියලු පවින් වැළකීම සමුච්ඡේද
විරතියයි. එබැවින් පරිසමාප්ත වාචික සංවරය සඳහා මෙකී දුෂ්චරිත හතරෙන්ම
වැළකිය යුතුවෙයි.
මනාකොට - සර්ව ප්‍රකාරයෙන්ම සංවර කරගත් වචනය , සම්මා වාචා, ලෙස අරි
අටඟි මඟෙහි එයි. එය සංසාර විමුක්තිය පිණිස වෙයි. මෙකී සිවු
දුසිරිත්වලින් වැළකීම් වශයෙන් ලැබෙන්නේ මිථ්‍යා වචනයෙන් සම්පූර්ණයෙන්ම
වැළකීම නම් වූ විරති චෛතසිකයයි. “ සම්මා වදන්ති ඒතායාති සම්මා වාචා”
යනු එහි නිර්වචනයයි. ආර්ය මාර්ග - ඵල ප්‍රාප්තියේදී පහළ වන්නා වූ ඒ
විරති චෛතසිකය කරණකොටගෙන , මුවින් පිටවන වචන , ශෝභනය , අර්ථවත්ය. මනෝඥ
ය , සුමධුරය , අවශ්‍ය දේ හැර අනවශ්‍ය දේ නොකි යයි. කරන දේම කියන , කියන
දේම කරන (යථාවාදී තථාකාරී - තථාවාදී යථාකාරී ) බුදුරජාණන් වහන්සේ, කතා
කරන මනුෂ්‍යයන් අතර අග්‍ර වන සේක.
සිදු නොවූ - නැත්තා වූ දෙයක් , සිදු වූ - ඇත්තා වූ දෙයක් වශයෙන් හෝ
සිදු වූ - ඇත්තා වූ දෙයක්, සිදු නොවූ - නැත්තා දෙයක් වශයෙන් වචනයෙන්
ඇඟවීම් වශයෙන් (වචී විඤ්ඤත්ති ) හෝ කයෙන් ඇඟවීම් වශයෙන් (කාය
විඤ්ඤත්ති) ප්‍රකාශ කිරීම , මුසාවාදය ලෙස දැක්වෙයි , බොරුලියා ලිඛිතව
දැක්වීමද , වචී විඤ්ඤත්ති උපක්‍රමයම වෙයි. දැන සිටින සත්‍යයක් හෙළි කරන
ලෙස කී විට, වචනයකුදු නොදොඩා නිශ්ශබ්දච සිටීම ද මුසාවාද ඇවැතකි. එය
සත්‍යය වසන් කිරීමක් වන බැවිනි. බොරු කියන්නාට නොකළ හැකි පාප කර්මයක්
නැත. එය බලවත් අකුසල කර්මයකි.
ඇසූ තැනැත්තා සත්‍යයක් යැයි පිළිගත් විට, බොරු කියූ තැනැත්තාට කර්ම
පථයක් වෙයි. ඇසූ තැනැත්තා එය සත්‍යයක් ලෙස ගෙන එලෙසින්ම තවත් අයෙකුට
කියයි. එසේ කියැවෙන වාරයක් පාසා මුලින්ම බොරුව කී තැනැත්තාට බොරු කීමේ
සාවද්‍ය අකුසලය සිදු වී ප්‍රවෘත්ති විපාක ගෙන දීමට සමත් විය හැකි බව
දැක්වෙයි. මුසාවාස අකුසලය එතරම්ම බලවත්ය. සඝ පසෙහි නම්, මුසාවාදයේ
ස්වභාවය අනුව පරාජිකා , සංඝාදිසේස තුලසි , පචිති , දුකුලා යන පංච ඇවැතම
සිදුවිය හැකිය. අසත්‍ය ප්‍රකාශ කරන්නාට සත්‍යාවබෝධයක් ලැබිය නොහැකිය.
දෙදෙනකුගේ හෝ පිරිසකගේ සමගිය , පි‍්‍රය භාවය මිත්‍රත්වය නැති කරන,
අනුන් බිඳවන වචනය, පිසුණාවාචා වෙයි. හෙවත් කේලාම් බස වෙයි. භේද කරනු
කැමැති අයගේ බිඳීම සිදු වූ විට කර්ම පථය වෙයි. භේදයක් නොවූයේ නම්, කර්ම
මාත්‍ර වෙයි. ඒ සඳහා කියන දේ සත්‍යයක් වන්නට ද අසත්‍යයක් වන්නටද හැකිය.
මෙය හීන වූද ලාමක වූද පහත් වූද ක්‍රියාවකි. බිඳවීම පිණිස බොරු ගොතා
කීමෙන්, බොරු කීමේ හා කේලාම් කීමේ අකුසල කර්ම දෙකම සිදුවෙයි. කේලාම්
කීම, භවාන්තරයේ මිත්‍ර ධර්මයක් සත්පුරුෂ සේවනයක් නො ලැබීමට හේතුවන, සසර
දුකට බැඳ තබන අකුසලයකි.
බැනුම් නො ඇසූ සහ බැනීමක් නො කළ කෙනකු සොයා ගත නොහැකි තරම් නිසා, ඵරුස
වචනය ගැන විශේෂ විස්තර අවශ්‍ය නැත. යම් වචනයක් තමන් ද අනුන්ද රළු බවට ,
කටුක බවය, අප්‍රසන්න බවට පත්කරයි ද, එය ඵරුස වචනයයි. වචනය ඵරුස වන්නේ,
කියන්නා එය උපයෝගී කර ගන්නා ආකාරය හා අවස්ථාව අනුව බව පෙනේ. ඵරුස බව
පවතින්නේ භාෂාවක ව්‍යවහාරයේ පවතින වචනවල නොවේ. ඵරුස වචනය එල්ල
කැරෙන්නාට අතින්, පයින් අවියෙන් පහර දෙනවාට වඩා ප්‍රබල චිත්ත කම්පනයක්
ඇති කරන බැවින්ද ඊට හේතු මූලය ද්වේශය බැවින්ද , එය බලවත් අකුසල
කර්මයකි.
අකුසලයක් සේ නොදැනෙන අනෙක් ලොකුම අකුසලය සම්ඵප්‍රලාපයයි. “ සම්ඵ” යනු
වැඩ හෝ සැප විනාශ කිරීමයි. එම හානිය, කියන්නාටත් - අසන්නාටත් යන
දෙදෙනාට ම සිදු වෙයි. තමන්ටත් අනුන්ටත් වැඩක් නැති, අනුන්ගේ ඇද කුද
ඕපාදූප කථා කිරීම මීට අයත් වෙයි. මෙහි දී බොහෝ විට මුසාවාදය සමගද එවැනි
කතා බහ මිශ්‍ර වීම විය හැකිය. මේ අකුසලය සමග නොබැඳෙන කෙනෙක් නැති
තරම්ය. තමා වචනයෙන් සංවර යැයි සිතා අන් අය සමග කතා නොකර සිටීමක් මෙයින්
නොහැඟවෙයි. හිතවත් හෝ දන්නා අය හමු වූ විට කතා කළ යුතු ප්‍රයෝජනවත් දේ
එමට ඇත. වාචික සංග්‍රහශීලි භාවය, මනුෂ්‍යයා තුළ තිබිය යුතු සදාචාර
ගුණයකි. ආ ගිය තතු වග තුග , දුක සැප කතා කිරීම වරදක් නොවෙයි. එකිනෙකා
ගේ දැනුවත් බවට හේතුපාදක වන, කතා කළ යුතු කරුණු බොහෝ ඇත. එනිසා, මෙය
අකුසලයක් වන අයුරු හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. කරනු ලබන කතාවෙන්
කිසිවකුටත් අර්ථයක් නොවන්නේ නම්, අන් අයගේ එවැනි තොරතුරු අඩුපාඩු කතා
කිරිම හිස් බස් දෙඩීමක් වෙයි. ජනපි‍්‍රය වීම පිණිස ඉවක් බවක් නැතිව
හිල් වූ කළයකින් ජලය ගලා යන්නා සේ, නොයෙකුත් අරුත් සුන් බස් දොඩන
වැඩසටහන් මෙහෙයවන්නන්, බොහෝ විට ඔබ රූපවාහිනී තිරයේ දකිනු ඇත. බොහෝ විට
වචනයෙන් ශික්‍ෂණය නොවු තරුණ ළඳුන් මේ ක්‍රියාවේ යෙදෙන බව පෙනෙයි. ඒ
කිසිවක් කිසිවකුටත් හිත වැඩ පිණිස නොවෙයි. එයින්ම සම්ඵප්‍රලාප අකුසලයේ
ස්වරූපය හඳුනා ගත හැකිය.
සම්ඵප්‍රලාපය මගින් පුද්ගලයාගේ චින්තනය මොට කරවයි. නුවණ වඩා ගැනීම
වළක්වයි. කාලය විනාශ වීමෙන් ප්‍රමාදය ඇති කරවයි. මෝහ මුලික නිසා අකුසල
පක්‍ෂය ගනී. සමහරු නින්දට යන විට, නින්ද යන තුරුත් වල් පල් දොඩවත්, “
අත්තනෝ පරේසංච අනුපකාරං යං කිඤ්ච “ යනු කී හෙයින් තමන්ටත් අනුන්ටත්
උපකාරී නොවන්නා වූ හිස් වදන් දෙඩීමෙන් , වැළකිය යුතුමය.
කට නිසා වන්නා වූ පාප කර්ම සියල්ලම මෙකී ආකාර සතරට සංග්‍රහ වී තිබීම
තථාගත දේශනයෙහි පරිපූර්ණ බව පෙන්වයි. මිනිසාගේ හිත සුව පිණිස යහපත හා
අර්ථ චර්යාව පිණිස පවතින සාර සතර සංග්‍රහ අතර පි‍්‍රය වචනය, දෙවැන්නයි.
සුභාෂිතය මංගල කාරණයකි. නිවැරැදි භාෂිතය වුවත් කළ යුත්තේ සීමා ඇතිවය.
යමෙක් බොහෝ සේ කතා කළ පමණින් පණ්ඩිතයකු හෝ ධර්මධරයකු වන්නේ නැත. (නතේන
පණ්ඩිතා හෝති - න තාවතා ධම්මධරෝ, යාවතා බහු භාසති) කිසිත් නොබැණ සිටීම,
එක් අන්තයකි. අන් අය පරයා බොහෝ සේ කතා කිරීම තවත් අන්තයකි.
කට වනාහි මිනිසාගේ උගත්කම - දැනුවත් බව - බුද්ධිමත් බව- ප්‍රඥාවන්ත බව,
විනය මෙන්ම , මෝඩකම අවිනීත බව, අශ්ශීල බව ආදී බොහෝ ස්වරූ නිරූපණය කරන,
මාධ්‍යයයි. මේ අනුව කට රැක ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එබැවින් දහම් මඟ
ගන්නාට , කට වටකර වැට බැඳ ගැනීම අසීරු කාර්යයක් නොවෙයි. |