වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්
			
			 
			ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ශාසන ශෝබන සිරි 
			සද්ධර්මවාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවතංස අග්ගමහා සද්ධම්ම 
			ජෝතිකා ධජ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියන්ගේ අනු නවවන ජන්ම දිනය 
			නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා පින්කම් රැසක් සිදු කිරීමට මීරිගම 
			ශාසන වර්ධන පිරිවෙන් මහා විහාරීය දායක සභාව සහ මීරිගම විශ්ව මිත්‍රත්ව 
			පදනම කටයුතු යොදා ඇත. උන්වහන්සේට දිගාසිරි පතමින් 07 දින රාත්‍රී 
			පිරිත් සජ්ඣායනාවක්ද පසුදින උදෑසන පනස්කමකට අධික සඟරුවන වෙත හීල්දානය 
			පිරිනැමීමද එදින සවස මහ නාහිමියන්ට සෙත් පතා බෝධිපූජාවක්ද පැවැත්වේ. 
			මීරිගම විශ්ව මිත්‍රත්ව පදනම සංවිධානය කරන වෛද්‍ය සායනය මෙම 09 වන දින 
			මීරිගම ශාසන වර්ධන පිරිවෙන් විහාරස්ථානයේදී උදේ 9.00 සිට සවස 4.00 
			දක්වා මීරිගම ප්‍රදේශයේ වෛද්‍යවරුන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් 
			පැවැත්වේ. එහිදී ප්‍රදේශයේ රෝගාබාධයන්ට ලක් වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ 
			ප්‍රදේශයේ ජනතාවට විධිමත් රෝග පරික්ෂාවකින් පසු ප්‍රතිකාර සහ ඖෂධ වර්ග 
			ලබාදීමට කටයුතු යොදා ඇත. 
			එදිනට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන සියලු දෙනා හට ඔසුපැන් වලින් 
			සංග්‍රහ කිරීමට ද විශ්ව මිත්‍රත්ව පදනම කටයුතු යොදා ඇත.  |