~nƒK áp§v
අනුරාධපුර රුවන්වැලි සෑය මහා විහාර (විශ්‍රාමික) පරිවෙණාධිපති,
ශාස්ත්‍රාචාර්ය
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය - අංගුත්තර නිකායේ පත්ත කම්ම සුත්‍රය බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාළේ අනේපිඬු සිටුවරයා වෙතය. මේ සූත්‍රයෙහි දැක්වෙන පරිදි
ලෝකයෙහි දුර්ලභ කරුණු සතරෙකි. ඒ මොනවාද?
පිළිතුර -
1. ධාර්මිකව භෝග සම්පත් උපදවා ගැනීම
2. ධාර්මිකව පිරිවර සම්පත් දියුණුවීම
3. ධාර්මිකව බොහෝ කල් ජීවත්වීම
4. මරණින් මතු ස්වර්ගගාමී වීම
ප්‍රශ්නය - ලෝකයේ දුර්ලභ කරුණු සතර ලබා ගැනීමට උපකාරී වන කරුණු
සතරෙකි. ඒ මොනවාද?
පිළිතුර - සද්ධා සම්පදා, සීල සම්පදා, තචාග සම්පදා, පඤ්ඤා සම්පදා.
ප්‍රශ්නය - නිර්මාණවාදය පිළිබඳව පැරණිතම අදහස නම් දෙවියන් වහන්සේ ඔහුගේ
ප්‍රතිමුර්තිය අනුව මිනිසා මැවූ බවයි. එහෙත් ඊට පටහැනිව වර්තමාන
චින්තකයෝ ඊට වෙනස් මතවාදයක් ඉදිරිපත් කරමින් මිනිසා ඔහුගේ ම
ප්‍රතිමුර්තියෙන් දෙවියන් මැවූ බව පවසති.
එන් අවස්ථාවක සුභ නම් තරුණයෙක් බුදුන් වහන්සේ වෙත පැමිණ මිනිසුන් අතර
දීර්ඝායුෂ ඇත්තෝ ද, අල්පායුෂ ඇත්තෝ ද වෙති. රෝගීහු ද නිරෝගීහු ද වෙති.
ලක්ෂණ අය ද, අවලක්ෂණ අය ද වෙති. බලවත් ඇත්තෝ ද, බෙලහීනයෝ ද වෙති.
ඤානවන්තයෝ ද, අඤානවන්තයෝ ද වෙති. යනුවෙන් මිනිසුන් අතර උස් පහත් භේදයට
කරුණු විචාළේය. නිර්මාණවාදී අදහස්වලට පිළිතුරු වශයෙන් පෙළපොතේ එන මේ
බුද්ධ දේශනා පැහැදිලි කරන්න.
පිළිතුර - සුභ මානවකට භාග්‍යවතුන් වහන්සේ කෙටි පිළිතුරක් සපයමින්
සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. කර්මය දායාද කොට ඇත්තාහ. කර්මය කාරණා
කොට ඇත්තාහ. කර්මය උස් පහත් වශයෙන් සත්වයා කොටස් කෙරේ, යනුවෙන් වදාළහ.
ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය අනුව උන්වහන්සේ තව දුරටත් මෙම කරුණ පිළිබඳව
පැහැදිලි කරමින්, අප විසින් නෙළනු ලබන්නේ අප විසින්ම වපුරන ලද බීජයේ
අස්වැන්නයි. අප වපුරන බීජයේ අස්වැන්න අපි කවදා කොතැනක හෝ නෙළන්නෙමු.
එක් අතකින් බැලු විට අපි අපේ ම ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයයි අප අනාගතයේ දී
පල විඳින්නේ. වර්තමාන ක්‍රියාවලියේ ප්‍රතිඵලයයි. අනෙක් අතින් බලන කළ
සමස්තයක් වශයෙන් අපි අප කළ ක්‍රියාවේ ප්‍රතිඵලයම නොවේ අප අනාගතයේ දී ඵල
විඳින්නේ.
වර්තමානයේ දී අපගේ්ම ක්‍රියාවල ප්‍රතිඵලය නොවේ. උදාහරණයක් වශයෙන්
ගතහොත් අද අපරාධකරුවා හෙට සද්භාවයෙන් යුත්තෙක් විය හැකිය. බුදු දහම
අනුව එක එල්ලේ ම (නියතිවාදයක්) හැටියට කර්මයට පමණක්ම සීමිත යයි
සැලකීමක් නැත.
හැම දෙයක්ම වන්නේ කර්මය අනුව ම නම් මිනිසා නිරන්තරයෙන් ම දුෂ්ට විය
යුතුය. එසේ නම් “සෑම මිනිසෙක් පව්කාරයෙක්” ය යන්න ද අප විසින් පිළිගත
යුතුය. ඒ ඔහුගේ කර්මයයි. අසනීපයක් සුවකර ගැනීමට නම් අප වෛද්‍යවරයකු වෙත
යා යුතු ය. කර්මානුරූපව ලෙඩ රෝග සුව වේ නම් අපට වෛද්‍ය සහාය නුවුවමනා
බව සත්‍යයක් විය හැකිය.
ප්‍රශ්නය - “මම සැප විඳිමි” යන හැඟීම යම් තාක් සත්වයා තුළ බලපවත්වයි
නම් ඒ තාක් ඔහු තුළ භවයෙන් ඉවත්වීමේ කැමැත්ත පහළ නොවේ. මේ හැඟීම සත්වයා
තුළින් ඉවත් කළ හැකි විසුද්ධි මාර්ගය පැහැදිලි කරන්න.
පිළිතුර - දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා මාර්ග සත්‍යයෙහි ප්‍රථමයෙන්ම
සම්මා දිට්ඨිය යෙදී ඇත්තේ මේ දුක්ඛ සමුදායාර්ය සත්‍යය නැසීම සඳහා
අත්‍යර්ථයෙන්ම වැඩිය යුතු ප්‍රධාන මාර්ගාංගය වශයෙනි.
ප්‍රශ්නය - විඤ්ඤාණය නිසා නාමරූප හටගැනේ. මෙම ප්‍රස්තුතය ගැඹුරු
කරුණකි. එහෙත් සරලව ධර්මානුකූ®ලව විවරණයක් කළ හැකිය. පැහැදිලි කරන්න.
පිළිතුර - නාම රූප යන්නෙන් ගැනෙන්නේ ස්කන්ධ පංචකයයි.
වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ හතර “නාම” ස්කන්ධ වශයෙන් ද කය,
රූප ස්කන්ධ වශයෙන් ද වෙන් වෙයි.
නාම ශබ්දය “නොයෙක් අතට නැමීම” යන අදහස දෙයි. නාම ස්කන්ධ එබඳු නොයෙක්
අතට නැමීමට පත්වන ධර්ම නිසා ඒ නමින් සංග්‍රහ වී තිබේ.
සුඛ දුක්ඛ වශයෙන් පමණක් නොව කුසල අකුසල වශයෙන් ද නාමස්කන්ධ නොයෙක් අතට
පරිවර්තනය වෙයි. “රූප” යනු විනාශ වන ස්වභාවය යන අර්ථයයි. රූපයෙහි
ස්වභාවය ක්ෂණික පරිවර්තනයයි.
ප්‍රශ්නය - බුදු දහමට අනුව නියම අර්ථයෙන් ම පුද්ගලයෙකු වීමට අවශ්‍ය නම්
එය නියම වශයෙන් ම කළ යුතු වන්නේ සමාජයීය මාධ්‍යයක් තුළදීය. එම කරුණු
නිසා කෙනකු නිරතුරුවම අන් අය ගේ වටිනාකම අගය පිළිබඳ සැලකිලිමත් විය
යුතුය. තම පෞරුෂයේ වටිනාකම නැතිනම් අගය පිළිබඳ හැඟීම උද්භව වන්නේ අනුන්
ඇසුරෙනි. කෙනකුගේ පෞරුෂය යන්න බොහෝ දුරට ඔහු අවට ඇති පරිසරයේ
ප්‍රතිඵලයකි. එම පරිසරයේ ම කොටසකි. සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුන් වහන්සේ
අවධාරණය කරන යුතුකම් හා අයිතිවාසිකම් ප්‍රවණතාව හා ඉහත සඳහන් අදහස
කෙතෙක් දුරට සමගාමී වන්නක් ද යන්න පැහැදිලි කරන්න.
පිළිතුර - සිඟාලෝවාද සූත්‍රයෙහි දී බුදුරදුන් අවධාරණය කොට දක්වන්නේ
යුතුකම් වලින් අයිතිවාසිකම් ගම්‍යමාන වන බවත්, අයිතිවාසිකම් වලින්
යුතුකම් ගම්‍යමාන වන බවත්ය. අපට ලැබෙන අයිතිවාසිකම්වලට කෘතගුණ පූර්වක
ආකල්පයක් දක්වන්නේ නැත්නම් දුදනන් හා මෝඩයන් බහුල සමාජයක් බිහිවන ලකුණු
පහළ වන බවත්, සමාජය සදාචාරාත්මක අගයෙන් ද පිරිහී පුද්ගල අගය ද හීන වී
යන බවත් ය. එයින් අදහස් වන්නේ සොබා දහම අප වෙත සාධාරණ අන්දමින් සලකන
නිසා අප විසින් ද සොබා දහමට සාධාරණ අන්දමින් සැලකිය යුතු බව අවධාරණය
කරයි. ස්වභාව ධර්මය සමග කතාබහක් ඇතිකරගත හැකි එකම මඟ නම් සදාචාරය බව
බුදු සමය විශ්වාස කරයි.
මක්නිසාද ස්වභාව ධර්මයා ගේ ස්වභාවයට අනුකූල වීම සදාචාරය වන නිසාය. අප
ස්වභාව ධර්මය වැරැදි විධියට පාවිච්චි කළහොත් එයට නියම පරිදි සැලකිලි
දක්වමින් කටයුතු නොකළහොත් ඒ සඳහා අපට දරුණු ප්‍රතිවිපාක විඳීමට සිදුවනු
නොඅනුමානය. බුදු දහමට අනුව මෛත්‍රිය වනාහි සකල සත්වයන් කෙරෙහිත් ස්වභාව
ධර්මයා කෙරෙහිත් පැතිරවිය යුතු දහමකි. බුදු සමය හුදු මානව හිතවාදී
ආගමක් පමණක් නොවන බවත්, එයින් ඔබ්බට ද ගමන් කරන බවත් මෙයින් පැහැදිලිි
වෙයි.
ප්‍රශ්නය - වෙලුද්වාර සූත්‍රයෙහි එන අත්තුපනායික ධර්ම පරියාය වශයෙන්
බුදුන් වහන්සේ වදාළ ධර්මයෙහි සුවිශේෂ ලක්ෂණ පැහැදිලි කරන්න.
පිළිතුර - අවබෝධය සඳහා පෙළෙහි එන අයුරින්ම ප්‍රස්තුතයට අදාළ කොටස මෙසේ
සඳහන් කළ හැකියි. ගැහැවියෙක් තමා එලවා දැක්වීම ඇති දහම් නය
(අත්තුපනායික ධර්ම පරියාය) කවරේ ද යත්, ගැහැවියෙනි, මෙහි අරි සව් තෙමේ
මෙසේ නුවණින් සලකා බලයි. මම වනාහි ජීවත්වනු කැමැත්තෙමි. සුව
කැමැත්තෙමි. දුක පිළිකුල් කරන්නෙක් වෙමි.
යමෙක් ජීවත්වනු කැමැති නොමැරෙනු කැමැති, සුව කැමැති, දුක පිළිකුල් කරන
මා දිවියෙන් තොර කරන්නේ නම් එය මට ප්‍රිය මනාප නොවන්නේය. මම ද ජීවත්වනු
කැමති සුව කැමැති, දුක පිළිකුල් කරන, මෙරමා (කවරෙකු හෝ) දිවියෙන් තොර
කරන්නේ නම් මෙරමාහට ද (අනෙකාට ද) එය අප්‍රිය අමනාප වන්නේය. යම් මේ
දහමක් මට අප්‍රිය අමනාප නම් කෙසේ මෙරමා (අන්‍යයා) ඒ දහම සමග යොදන්නේ
දැයි මෙසේ නුවණින් සලකා තෙමේත් පණිවායෙන් වැළකුණේ වෙයි. පණිවායෙන්
වෙන්වීමේ යහපතත් කියයි. මෙසේ ඔහු ගේ මේ කාය සංවරය තුන් කෙළවර පිරිසුදු
වූයේ වෙයි.
බුදුරජාණන් වහන්සේ අත්තූපනායික ධර්ම පරියාය දේශනා කොට වදාළේ අංග දෙකක්
සැලකිල්ලට ගනිමිනි. (1) ඇගැයුම්ශීලී අංශය (2) සිද්ධිවාචක අංශය යනුවෙන්
වෙන්කොට හඳුනා ගෙන ඇත.
තමා උපමාවට ගෙන අනුන්ට හිංසා නොකළ යුතු ය. මෙහි දී අගැයුම්ශීලී අංගය
වෙයි. එවන් තීරණයක් ගත යත්තේ සියලු සතුන් දඬුවමට බිය ය, ජීවත්වීමට
කැමැති ය. මරණයට අකමැතිය. සැප කැමතිය. දුකට අකැමැතිය. යන සිද්ධි වාචක
අංශය පදනම් කොට ගෙනය. |