විතාරන්දෙණියේ චන්දජෝති නා හිමි ගුණානුස්මරණ පින්කම 17 - 18
			
			 කොළඹ 
			කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ නිර්මාතෘව වැඩ සිටි විතාරන්දෙණියේ 
			ශ්‍රී චන්දජෝති නාහිමියන්ගේ දසවැනි වාර්ෂික ගුණ සමරු පින්කම 
			සම්බුද්ධාලෝක විහාරයේ දී මෙම 17 - 18 දිනවල දී සිදු කැරේ. විචිත්‍ර 
			ධර්ම කථිකයන් වහන්සේ නමක් වූ විතාරන්දෙණියේ චන්දජෝති නාහිමියෝ ඉමහත් 
			ආගමික හා සාමාජික මෙහෙවරක ද නිරත වූ සංඝ පීතෘන් වහන්සේ නමකි. විවිධ 
			සමිති සමාගම් රැසක නිලතල දැරූ චන්දජෝති නාහිමියෝ ලේක්හවුස් බෞද්ධ 
			සංගමයේ අනුශාසකවරයාණෝ ද වූහ. උන්වහන්සේගේ ගුණ සමරුව නිමිත්තෙන් 17 වන 
			දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ 18 වන දා ශතාධික සංඝගත 
			දක්ෂිණාවක් පිරිනැමේ.  |