ලුම්බිණියේ වාර්ෂික කඨින පින්කම
			ඉන්දියානු මහාබෝධි සමාගමේ මහාලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත 
			නාහිමියන්ගේ අනුශාසනා පරිදි ලුම්බිණී මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති 
			කිරිගල්වැවේ වනරතන හිමියන්ගේ මූලිකත්වයෙන් නොවැම්බර් මස 10 සහ 11 දෙදින 
			තුළ කඨින පූජා මහෝත්සවය නිමිත්තෙන් විශේෂ උත්සව මාලාවක් නේපාලයේ 
			ලුම්බිණියේදී පැවැත්වේ. 			10 දින උදෑසන අෂ්ඨාංග ශීලසමාදානයෙන් ආරම්භ වන මේ කඨින පිංකමේදී දරුවන් 
			පැවිදි කිරීම, බුද්ධ පූජාව, මහා සාංඝික දානමය පිංකම, විශේෂ ධර්ම 
			දේශනාවක් පැවැත්වේ. ධර්මදේශකයාණෝ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් 
			වහන්සේය. බෝධිපූජාව මෙහෙයවනු ලබන්නේ තපස්සි ධම්ම හිමියන් විසින් මහාමාය 
			දේවි විහාරයේ බෝධීන් වහන්සේ අබියසදීය.එදින සර්වරාත්‍රික මහා පරිත්‍රාණ 
			ධර්ම දේශනාවකි. 			අලුයම 4.00 ට කඨින චීවරය රැගත් මහා පෙරහර වීදිසංචාරය කිරීමෙන් අනතුරුව 
			විහාරස්ථානයට ළඟාවන අතර උදෑසන කඨින චීවර පූජාව සහ හීල දානය පිරිනැමේ. 
			මෙදින ශ්‍රී ලංකාව සහ නේපාලය අතර රාජ්‍යත්‍රන්ත්‍රීය සම්බන්ධතා ආරම්භ 
			කර අවුරුදු 50 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විශේෂ රුක්රෝපණ මහෝත්සවයක් 
			පැවැත්වේ. අනතුරුව ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන්ගේ මූලිකත්වයෙන් 
			විශේෂ උත්සව සභාවක් පැවැත්වේ. ප්‍රධාන ආරාධිත අමුත්තා නේපාලයේ 
			සංස්කෘතික සංචාරක සහ ගුවන්සේවා ඇමති ගරු පෘතෘවි සුභාගුරු මහතාය. 
			ප්‍රධාන දේශනය නේපාලයේ ශ්‍රී ලංකා තානාපති සුමිත් නාකන්දල මහතාය. 
			මුලසුන ඌව වෙල්ලස්ස දෙදිශාවේ ප්‍රධාන සංඝනායක චන්දජෝති නායක මාහම්පාණන් 
			හොබවති. 			කඨිනානිශංස ධර්ම දේශනාව අලුදෙනියේ ධර්මකීර්ති සිරිසුනන්ද සුමනජෝති 
			නාහිමියන් විසින් පවත්වනු ලැබේ.  |