මහා ජනතා පෙරැළියේ අනුස්මරණීය වකවානුව
පරිවර්තනය නාරාවිල පැට්රික්
බුදුසරණ පුවත්පතේ 2007.10.10 වනදා පළ වූ වෛද්‍ය කේ. ජමන්දාස් මහතාගේ
ලිපියේ පරිවර්තනයකි.
විශේෂ ආගමික අවකාශයක් තුළ උපත ලැබීම මගේ පැතුමක් නොවේ. එසේ තිබියදී
මා හින්දුවකු ලෙස උපත ලදුවත්, හින්දුවකු ලෙස නොමැරෙන්නෙමි.”
මෙය 1935 තරම් ඈතකදී ආචාර්ය, බී.ආර්. අම්බෙඩ්කාර් විසින්, ඉන්දියාවේ
මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ, නෂීක් දිස්තිරික්කයේ, යෙවෝලාහිදී කරන ලද
ප්‍රකාශයකි. ඔහු ඒ ප්‍රකාශය කරන ලද්දේ හින්දු ප්‍රතිසංස්කරණයන්ගෙන් ලත්
යථාවබෝධයට අදාළ අත්දැකීම් වලින් පසු මහද්හි සත්‍යග්‍රහයේ දී පොදු
ජලාසයකින් ජලය පානය කිරීම, මනුස්මෘතිය ගිනිබත් කිරීම, කලරාම් කෝවිලට
ඇතුළුවීමට එහි දොරටු අසල සත්‍යග්‍රහ කිරීම හා වටමේස සාකච්ඡාවේ දී
මහත්මා ගාන්ධිගේ කලහකාර හැසිරීම හා පශ්චාත් බලහත්කාර පුනා ගිවිසුම
නිමිති කර ගෙන යි. ඉහත දැක්වුණු මාතෘකා පදනම් කොට ලියන ලද පුළුල්
සාහිත්‍යයක් ඇත. මේ ප්‍රකාශයෙන් පසු ආචාර්ය අම්බෙඩ්කාර් බොම්බායේ
සම්මන්ත්‍රණයක් සංවිධානය කළේ ය. එහිදී ඔහු විසින් “විමුක්තියට මඟ
කුමක්ද?” මැයින් දේශනයක් පැවැත්විණ. එය වචනයක් පාසා ඔහු ලේඛනගත
වෙළුම්හි ඇත. එහි හීන කුල සඳහා ආගමික පෙරළියක අවශ්‍යතාව අවධාරණය කර
තිබේ. එහිදී මුල පටන් ම බුදුදහම කෙරෙහි ඔහුගේ නැඹුරුව පැහැදිලිව දකිනු
හැකි ය. 1950 තරමේ සිට ම ඔහු බුදු දහම වැළඳ ගනු ඇතැයි සිතන්නට කරුණු
ඇත. කෙසේ වෙතත් අන්තිමට 1956 දී ඔහු බුදුදහම වැළඳ ගන්නට තීරණය කළේ ය.
යටිතල සැලසුම්
2500 වැනි බුද්ධ ජයන්තියේ ජාත්‍යන්තර උත්සවයෙන් පසු, ඒ වසරේ දී ම
සාරානාත් හා කාන්පූර් හෝ බොම්බායේ ද බුදුදහමට මාරුවීමේ නැඹුරුවක්
සිදුවෙතියි 1956 වසරේ මුල හරියේ දීම පැහැදිලිව පෙනෙන්නට තිබිණ. එහෙත්
තුන් මසක් පමණ ඉදිරියට තිබියදී, උත්සවස්ථානය නාග්පූර් හා දිනය
ඔක්තෝම්බර් 14 බවට බබාසාහිබ් තීන්දු කළේ ය. එකී පුවත නාග්පූරයට සැලවූ
කල්හි සමස්ත වටපිටාව ම උද්යෝගයෙන් ඇලළී ගියේ ය. කුදු මහත් හැම නායකයෙන්
ම නොපමාව කටයුතු සම්පාදනයට පටන් ගත්හ. නාග්පූර්හි හැම ඡන්ද කොට්ඨාසයක ම
මහජන රැස්වීම් පැවැත්විණ. එස්.එම්. මෙෂ්රාම්, බාබු හර්දාස් අවාලේ ආදීහු
නාග්පූර්හි මුල් පෙළේ දේශපාලන නායකයෝ වූහ. ඉදිරි බෞද්ධ පෙරළිය පිණිස
මහජන මතය සංවිධානය කරන ලද්දේ ඔවුන් විසිනි. මුළු පරිසරය ඉදිරියේ ඉටු කළ
යුතු කාර්යභාරය විෂයයෙහි උද්යෝගිමත් හැඟීමෙන්, කුතුහලයෙන් සහ ධෛර්යයෙන්
වෙළි ගියේ ය. මම මගේ නොවැම්බර්, දෙසැම්බර් එම්බීබීඑස් අවසාන විභාගය
සඳහා ලහි ලහියේ සූදානම් වෙමින් සිටියෙමි. අපි ශිෂ්‍යයන් හැටියට ඒ වන
විට අපේ ශිෂ්‍ය නියෝජිත රැස්වීම ධන්වතී ශාලාවේ පවත්වන්නට තීරණය කළෙමු.
එය පිහිටා තිබුණේ, බබාසාහිබ් ලැඟුම් ගන්නට නිලකර තිබුණු ශ්‍යාමි හෝටලයට
යාබදවයි.
අම්බෙඩ්කාර්ගේ දහම් දැනුම
තමා ඉදිරිපත් කරන, බුදුදහම පිළිබඳ අම්බෙඩ්කාර්ගේ දහම් පිළිවෙත
කුමක්දැයි ඇසූ විට ඔහු සඳහන් කළේ, එය හුදෙක් බුදුරදුන්ගේ මූලික
ඉගැන්වීම වන බව ය. එය සාම්ප්‍රදායික බුදුදහමින් වෙනස් වන්නේ කෙසේද? ඉන්
එකක් නම්, සිද්ධාර්ථ කුමරුගේ අභිනිෂ්ක්‍රමණයයි. සිද්ධාර්ථ කුමරුගේ
අභිනිෂ්ක්‍රමණයට තථ්‍ය, හේතුව රෝගියා, මහල්ලා, මළමිනිය, ශ්‍රමණ රූපය
පමණක් නොවිය හැකි බව අම්බෙඩ්කාර් සිතයි. ඉක්බිති දුක, චතුරාර්ය සත්‍යයේ
මූලික හෙවත් ප්‍රධානතම සත්‍යය නොවන බවට ද ඔහු සැක කරයි.
තව දුරටත් ඔහුගේ අවබෝධය වන්නේ කර්මය හා පුනරුප්පත්තිය, සාම්ප්‍රදායික
මතය සමඟ සම්පාත නොවන බවයි.
සතර වැනිව ඔහු විශ්වාස කරන්නේ බුදුන් වහන්සේ විසින් සංඝ සමාජය
ප්‍රතිස්ථාපන ය කරන ලද්දේ හුදෙක් පූජ්‍යයන් පිරිසක් හෝ සුපිරි පුද්ගල
ගණයක් බිහි කිරීමේ අරමුණකින් නොව ජනතා මිතුරන්, දාර්ශනිකයන් හා
මාර්ගෝපදේශකයන් පිරිසක් පොදු සමාජයෙන් ම තෝරා ගැනීමේ අදහසින් බවයි. තව
දුරටත්, භාවනානුයෝගීව වැඩ සිටින බුදුවරයකුට වඩා, සෘජුව වැඩ සිටින
යථාර්ථවත් මිනිස් බුදුවරයකුට ඔහු කැමති වූයේ ය.
දෘෂ්ටි පරිවර්තනය පිළිබඳ උත්සවය සහ බබාසාහිබ්ගේ ඓතිහාසික දේශනය මැනවින්
ලේඛනගත කර ඇත. මා සඳහන් කරන්නේ හුදෙක් ප්‍රමුඛ තේමාත්මක කරුණු පමණි.
ආචාර්ය අම්බෙඩ්කාර්ට බුද්ධශ්‍රාවක දීක්‍ෂාව ප්‍රදානය කළාහු, එවක
ඉන්දියාවේ සිටි, ඡ්‍යොෂ්ඨතම බෞද්ධ භික්‍ෂුව වූ චන්ද්‍රමණී තෙරණුවෝ ය.
උන්වහන්සේ උපතින් තායිලන්තයෙකි. එහෙත් ඒ වන විට ඉන්දියාවේ වසර 40 ක්
පමණ දිවි ගෙවා සිටියෙකි. තමා දීක්‍ෂාව ලබා ගැනීමෙන් පසු බබාසාහිබ්, අන්
සියලු පිරිස තිසරණ පන්සිල්හි සහ පොරොන්දු 22 ක පිහිටුවීය.
එකකින් නොව කීප අතකින් ම මෙය ඓතිහාසික සංසිද්ධියකි. ඉතිහාසයේ කවර දාක
හෝ කිසිදු ආගමකට මෙසේ එක වර අඩ මිලියනයක් හරවන ලද බවට හෝ කවර දාක හෝ
ගිහියකු විසින් එසේ කළ බවට හෝ වාර්තා වී නැත. එසේ ම එවර මෙන් හින්දු
දෙවිවරුන් සහ දේවතාවියන්, පොරොන්දු 22 කින් ප්‍රතික්ෂේප කරනු ලැබ ද
නැත. ඉන්දියාව තුළ බෞද්ධයකු බවට පත්වීමේ දී කවර විටක හෝ එසේ පිළිවෙත්
වෙනස් කිරීමට ගිවිසීමක් කර ද නැත.
එපමණක් නොව ඉන් පෙර කිසි විටක, බෞද්ධයකු වීමට කැමති වන කිසිවකු, වෙනත්
කවර හෝ බෞද්ධයකු විසින් හෝ බෞද්ධයකු ලෙස නම් කර සම්මත කළ හැකි බවට
ප්‍රකාශ කර තිබුණේ ද නොවේ. එදා බුදුසමයේ භික්‍ෂූත්වය සමඟ උපසම්පදාව ද
ලැබෙන පිළිවෙතක් තිබී ඇත. එහෙත් ගිහියන් සඳහා එවන් පිළිවෙතක් නොවී ය.
බුදුසමය ඉන්දියාවෙන් තුරන් වීමට එය ද හේතුවක් විනැයි සැලකූ අම්බෙඩ්කාර්
ඒ පිළිවෙතට මුල්ගල තැබී ය.
සුපතළ පොරොන්දු 22
01. බ්‍රහ්ම, විෂ්ණු හා මහේශ කෙරෙහි මගේ විශ්වාසයක් නැත. මම ඔවුන්
නොපුදමි.
02. දේව මූර්තියකැ යි විශ්වාස කැරෙන රාම සහ කි‍්‍රෂ්ණ කෙරෙහි මගේ
විශ්වාසයක් නැත. මම ඔවුන් නොපුදමි.
03. ගෞරී, ගණපති සහ වෙනත් දෙවියන් හා දේවතාවියන් කෙරෙහි ද මගේ
විශ්වාසයක් නැත. මම මේ හින්දු දෙවි දේවතාවියන් නොපුදමි.
04. මම දෙවියන්ගේ අවතාරය හෙවත් මූර්තිමත් වීම විශ්වාස නොකරමි.
5. මම බුදුන් වහන්සේ විෂ්ණුගේ අවතාරයකැ යි විශ්වාස නොකරමි. ඉදිරියට ද
විශ්වාස නොකරමි. එය ගජ උමතුවක් හා සාවද්‍ය ප්‍රචාරයකි යි සිතමි.
06. මම ශ්‍රද්ධා හෙවත් බ්‍රාහ්මණ අවමංගල චාරිත්‍ර ඉටු නොකරමි,
පිණ්ඩදානය හෙවත් මළබත නොපුදමි.
07. මම බුදුන් වහන්සේගේ ඉගැන්වීම් හා ප්‍රතිපත්ති උල්ලංඝනය වන ආකාරයෙන්
ක්‍රියා නොකරමි.
08. බ්‍රාහ්මණයන් විසින් සංවිධානය කැරෙන කිසිදු උත්සවයකට මම ඉඩ නොදෙමි.
09. මම මානව සමානත්වය ගැන විශ්වාසය තබමි.
0. මම සමානාත්මකව ස්ථාපනයට යත්න දරමි.
11. මම බුදුන්ගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදිමි.
12. මම බුදුන් විසින් නිර්දිෂ්ට පාරමිතා මාර්ගය අනුගමනය කරමි.
13. මම සියලු සත්ත්වයන් කෙරෙහි කරුණාව සහ මෛත්‍රීය කරමි, සියලු
සත්ත්වයන් ආරක්‍ෂා කරමි.
14. මම සොරකම් නොකරමි.
15. මම බොරු නොකියමි.
16. මම කාමමිථ්‍යාචාරයේ නොයෙදෙමි.
17. මම මත්පැන් හා මත්කුඩු වැනි මත්ද්‍රව්‍ය නොගනිමි.
18. මම ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නට සහ කරුණාව වඩන්නට යත්න
දරමි.
19. මනුෂ්‍යත්වයට හානිකර, මානව ප්‍රගතියට අවහිර කරන සහ සංවර්ධනය අඩපණ
කරන හින්දු දහම සමානාත්මතාවෙන් තොර පදනමේ පිහිටා ඇති හෙයින් මම එය
අත්හරිමි. බුදු දහම මගේ ආගම ලෙස පිළිගනිමි.
20. බුදුන්ගේ දහම එකම යථාවාදී දහම ලෙස මම තරයේ විශ්වාස කරමි.
21. මට පුනර්භවයක් ඇති බව මම විශ්වාස කරමි.
22. මෙතැන් සිට මගේ ජීවිතය බුදුන්ගේ සහ එම දහමේත් ප්‍රතිපත්ති සහ
ඉගැන්වීම් වලට එකඟව මෙහෙයවන බවට සාවධානව සහ තරයේ ප්‍රකාශ කරමි.
මේ දිවුරුම් ප්‍රකාශ 22 ඔහු විසින් විශේෂයෙන් බුදුදහමට හරවා ගැනීමේ ලා
සූදානම් කරන ලද ඒවා ය. ඉන්දියාවේ බුදුදහමට හැරවීමේ දී අද මේ පිළිවෙත
අනුගමනය කරනු ලැබේ. ඉන්දියානු බෞද්ධයනට මඟ පෙන්වීමේලා මූලධර්ම සකසා ගනු
ලබන්නේ මේ පොරොන්දු පදනම් කරගෙන ය. එහිලා අම්බෙඩ්කාර් අරමුණු තුනක්
සාධනය කර ගෙන ඇත.
1. බුදුදහම වැළඳ ගැනීම යනු හින්දු දහම නොපිළිගැනීමකි.
2. ගිහි බෞද්ධයා පමණක් වුව බෞද්ධ සමාජයේ මූලිකාංගයකි.
3.ගිහි බෞද්ධයාට පමණක් වුව බුදුදහමේ දාර්ශනික හරය අනුගමනය කරන්නට හැකි
ය.
ඔවුහු හින්දු දහමේ මූලික විශ්වාස හා වත් පිළිවෙත් විෂයයෙහි බලවත්
විරෝධයක් එල්ල කළහ. එසේ කරන ලද්දේ බමුණු දහම මඟින් ඇති කරන ලද
ව්‍යාකූලත්වය සහ පරස්පරයන්ගෙන් ඉන්දීය බුදුදහම රැක ගනු පිණිස ය.
නාස්තිකාර පිරිවැය වළක්වා ගනු පිණිස ය.
ධර්මාන්තරයාගේ දේශනය
උත්සවය සඳහා නාග්පූර් තෝරා ගත්තේ කුමක් නිසා දැයි ඔහු විස්තර කළේ ය.
“නාග්පූර් යනු නාගයන්ගේ දේශයයි. නාගයෝ බුදු දහමේ ශ්‍රේෂ්ඨ අනුග්‍රාහකයෝ
ය. අපි එක ම නාග සෙන්පති නක්‍ෂක්ගේ පරපුරේ ඇත්තෝ වෙමු. බමුණන්ගේ
නාගවර්ග විනාශක මහා නාගසත්‍ර යාගයේ දී ඔවුන් මුදා ගත්තේ තක්ෂක්
සෙනෙවියා විසිනි” සිය බෞද්ධාගමනයට එරෙහි සියලු බමුණු විවේචන ඔහු
නිෂ්ප්‍රභ කළේ ය. කාල් මාක්ස්ගේ පැහැදිලි විග්‍රහයට අනුව, මිනිසාට පාන්
ගිල දමා බඩ පුරවා ගැනීමෙන් පමණක් තෘප්තිමත්ව ජීවත් විය නොහැකි බව ඔහු
කීවේ ය. ලෞකික සැප සම්පතින් සමෘද්ධිමත් වනවාට අමතරව වැඩිමනත් ආත්ම
ගෞරවය වැදගත් බව ඔහු අවධාරණය කළේ ය. ඔහු තරයේම මෙසේ කියා සිටියේ ය.
හින්දු ආගම විසින්, පහත් යැයි සම්මත කුලවල ජනයාට සටන් බිමට එළඹෙන්නට ඉඩ
සැලසූයේ නම්, ඉන්දියාව කිසිදාක දේශපාලන වහල් භාවයෙන් පීඩනයට පත් වන්නට
ඉඩ නොතිබිණි. හින්දු ආගමෙහි අවිද්‍යමාන ප්‍රගතිය පිළිබඳ බලාපොරොත්තුව
බුදුදහමින් ලැබෙන්නේ කෙසේ දැයි ඔහු පැහැදිලි කළේ ය. ඔහු බුදුදහම
වෙනුවෙන් කැප වන්නට සූදානම් වන ලෙස සිය අනුගාමිකයනට කී අතර, ඒ එක්ක ම
අන්ධ භක්තික අනුගාමිකයන්ගෙන් තමාට වැඩක් නැතැයි ද කීවේ ය. හින්දුවකු
වීමේ කරදරයෙන් අත්මිදුණු හැඟීමක් තමා තුළ ඇතැ යි ඔහු පැවසී ය.
ශිෂ්‍ය සංවිධානයේ සභාපති ලෙස මම ආචාර්ය බබාසාහිබ් වෙත නියෝජිත
පිරිසක් මෙහෙයැවීමි. එයින් අදහස් කැරුණේ ශිෂ්‍යයන්ගේ බෞද්ධාගමනයට ඔහුගේ
ආශිර්වාදය ලබා ගැනීමත්, ඒ අතර ඔහුගේ පැමිණීම ගැන සතුට පළ කිරීමත් ය.
දැඩි ආරක්‍ෂක සෝදිසියෙන් පසු අපි ස්වේච්ඡා සේවකයන් විසින්, ශ්‍යාමි
හෝටලයේ දෙවැනි මහලේ කුඩා ශාලාවකට මෙහෙයනු ලැබූමු. අප ශාලා කෙළවර සිටින
විට, ඩඩාසාහිබ් ගයික්වාද්, බබාසාහිබ් හමුවීමට ශිෂ්‍ය පිරිසක් පැමිණ
සිටින බව ඔහුට කීය. ඒ එක්ක ම බබාසාහිබ් අපේ වුවමනාව කුමක්දැයි අසමින්
බෙරිහන් දුන්නේ ය. සියල්ලෝ ගල්ගැසී ගොළු වූහ. කිසිවෙක් කට අරින්නට තරම්
එඩිතර නොවූහ. තරමක පසුබෑමකින් පසු මම ගොත ගසන්නට තරම් එඩිතර වීමි. අප
ඔහුට සතුට පළ කරන්නටත්, ඔහුගේ ආශිර්වාදය ලබා ගන්නටත් පැමිණි බව කීමි.
ඔහු සිත් සනසන බසින් යමක් කීය. උපදේශක එස්.එම්. මෙෂ්රාම්,
බබාසාහිබ්ගෙන් කිසිවක් අසන්නට කැමති දැයි අපෙන් ඇසී ය. මම මගේ දිරිය
මොළවා ගතිමි. “අපි අපේ ශිෂ්‍යත්ව ගැන කලකිරිල යි ඉන්නේ” මම කීමි. ඒ
එක්ක ම බබාසාහිබ් පිරිස අමතා මහ හඬින් කතා කරන්නට පටන් ගත්තේ ය. පිරිස
සියයක් පමණ සිටින්නට ඇත. සියල්ලෝ හණික බිම හිඳ ගත්හ. ඔහු කියා ගෙන ගියේ
ය. “ඔය ඇත්තන් අපේ ශිෂ්‍යයන් හොඳට ම කම්මැලි වෙලා. ඉගෙන ගන්න කැමැති
නෑ. බරවැඩ මග හරිනව. පහසුකම් තිබුණත් විභාග වලට පෙනී හිටින්නේ නෑ. ඕක
තමයි කියන්න තියෙන්නෙ” අන්තිමට ඔහු අප අස්වසාලීය. අපට ලබා දෙන ලද
පහසුකම් ඔහුගේ යත්නයේ ප්‍රතිඵලයකි. ශිෂ්‍යත්ව ඔහුගේ සාක්කුවෙන් ඇද
දෙන්නාක් සේ ය. විනාඩි දහයකට පමණ පසු අපට යන්නට සුදුසු මොහොත එළඹිණ.
ශිෂ්‍යයන්ගේ උත්සාහය පලදායක බව පෙනිණ. ශාලාවට දරා ගන්නට බැරි තරම්
පිරිසක් පැමිණ සිටියහ. ප්‍රධාන දේශකයෝ වූවාහු උපදේශක එස්.එම්. මෙෂ්රාම්
ද, ඩඩාසාහිබ් ගයික්වාද් ද වෙත්. නොයෙක් යෝජනා සම්මත කැරිණ. ඒ අතර පසුව
නැවත නැවතත් අපේ නේවාසිකාගාර වලට පොලීසිය පැමිණ තිබිණ. අප කිසිත්
නොදන්නා දේ ගැන වඩ වඩා තොරතුරු දැන ගැනීමේ වුවමනාවක් පොලීසියට තිබුණු
සේ පෙනිණ.
නාගරික සම්මානය
වඩාත් වැදගත් වූයේ, නාග්පූර් නාගරික සංස්ථාව මඟින් පිරිනමන ලද සම්මානය
පිළිබඳ බබාසාහිබ්ගේ දේශනයයි. පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී
ක්‍රියාමාර්ග ගැන කීමෙන් පසු මවිතයට පත් පිරිසට ඔහු කීවේ
පාර්ලිමේන්තුවේ බොහෝ මන්ත්‍රීවරියන්, මහාරෂ්ට්‍රයේ කාන්තාවන් හුදෙක්
තමන්ගේ ස්වාමි පුරුෂයන් ගැන කතා කරන විට දී අමතන ආකාරයෙන් අගමැති නේරු
ගැන කතා කරන බවයි.
ඔවුන් අතර මහාරාෂ්ට්‍රිය මන්ත්‍රීවරියන්ද සිටීම ගැන තමා ලජ්ජා වන බව
ඔහු කීය. එහිලා නේරු දැනුම්වත් කරන්නට තමා උත්සාහ කළත්, ඒ ගැන ඔහු
ගණනකට නොගත් බව බබාසාහිබ්ගෙන් පැවසිණ. ඔහුට අනුව එය පැහැදිලි ලෙසම නේරු
පිළිබඳ දරුණු විවේචනයකි. එහෙත් පසු දින පුවත්පත් වලින් බුරුතු පිටින්
උසස් යයි සම්මත කුලවල කාන්තා සංවිධාන අම්බෙඩ්කාර් වෙත ආහ. එහෙත්
පුදුමයට කරුණක් වන්නේ ඒ නේරු විවේචනය කිරීම ගැන කතා කරන්නට නොවන බවයි.
ඔවුන් පැමිණියේ අපකීර්තියට පත් කරනු ලැබිණැයි සිතූ මහාරාෂ්ට්‍රිය
කාන්තාවන් වෙනුවෙනි.
මාධ්‍ය මානසිකත්වය එවැන්නකි. තමන්ගේ අරමුණට ගැළපෙන පරිදි තොරතුරු සිත්
සේ ගෙතීම එබඳු ය. සැබවින්ම එහිලා අදට වඩා ලොකු වෙනසක් එදාත් නොවී ය.
එදා රෑ තේපැන් සංග්‍රහයක් පැවැත්විණ. එය පැවැත්වුණේ ඉන්දියාව පුරා
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරීන් ගැන පමණක් සලකමිනි. එහිලා ශිෂ්‍යයන්
වෙනුවෙන් මට අවසරපත් තුනක් ලැබිණ. මම, අපේ ශිෂ්‍ය සංගමයේ ලේකම්
නාග්ඡ්‍යොතේ සහ හින්දි කතා කරන ප්‍රදේශයෙන් පැමිණ සිටි, ආචාර්ය උපාධිධර
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු සමඟ සහභාගී වීමි. බාබු හරිදාස් ද, අවාලේ මෙන්
සුපුරුදු හින්දියෙන් ආරම්භක දේශනය පැවැත්වීය. ඉක්බිති මේස වටා අසුන්
ගෙන සිටි 50 ක් හෝ 60 ක් පමණ පිරිස අමතන ලෙස බබාසාහිබ්ට ආරාධනය කැරිණ.
ඉන් පෙර මම බොහෝ අවස්ථාහිදී බබාසාහිබ්ගේ දේශන වලට සවන් දී සිටියෙමි.
එහෙත් වියත් හින්දියෙන් ඔහු කතා කරනු මා පළමු වරට සවන් දුන්නේ එවර යි.
දේශනය කෙටි වුවත් එහි බොහෝ නව අදහස් අඩංගු විය. එහෙත් මේ දේශනය පිළිබඳ
වාර්තා හි¼ගය. ඔහු සඳහන් කළේ සමාජ හා ආගමික වෙනසකට වඩා, දේශපාලන කටයුතු
කෙරෙහි වැඩි බරක් තබන බවයි. ඔහු සිය ජීවිතයට අවශ්‍ය සියලු දේ දිනා ගෙන
තිබිණි. අත් පොළසන් මැද ඔහු කියා සිටියේ, සමහර විට ලබා ගනිතොත්
අගමැතිකම මිස අන් කිසිවක් නැති බවයි. එහෙත් ඔහු අප සියලු දෙනා පිළිබඳව
කනස්සල්ලට පත්ව සිටියේ ය. අප, අප අතර ම සටන් කරමින් සිටින බව ඔහුගේ
අදහස විය. තව දුරටත් ඔහු කීවේ. අනෙක් කුලවලට අයත් ජනතාව සමඟ වැඩ කිරීමේ
පුරුද්දක් අපට නැති බවයි.
ඔහු ඒ ගැන වැඩිමනක් මෙසේ කීය. තවත් යම් කලකට සංවිධිත කුල සන්ධානය
පැවතියත්, අනුග්‍රාහකයන් ලෙස එයට සම්බන්ධ සමට වුවමනා විධිවිධාන
ව්‍යවස්ථාවේ පනවා ඇති හෙයින්, බෞද්ධයන් හැටියට අපට එහි සාමාජිකයන් විය
හැකි අතර, අනෙක් කුල සමඟ එකට වැඩ කිරීමට උගත හැකි ය. ඔහු ආර්.එම්.
ලෝභියා, එන්.ජී.ගෝර්, මධු ලීමායේ, පී.කේ. ආත්‍රේ, එස්.එම්.ජෝශි සහ
වෙනත් නායකයන් සමඟ එකට වැඩ කිරීමට වුවමනා සුහදතාව ගොඩ නඟා ගෙන තිබිණ.
ඔහු විසින් අලුත් පක්‍ෂයට ව්‍යවස්ථාවක් සූදානම් කර තිබුණේ ය. එය
ඉක්මනින් ඉදිරිපත් කරන බව කියැවිණ. අනෙක් කුල වලට අයත්
ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දරන ජනතාව සමඟ එක්ව කටයුතු කරන්නට මුසු
වීමෙහිලා ඔහු දැඩි අවධානයක් යොමු කළේ ය. ඔහුගේ දේශනයේ ඒ අංශය කෙරෙහි
අපේ නායකයන්ගේ ඊළඟ පරපුර හා අපේ පූර්වගාමීන් ද මුළුමනින් අමතක කිරීම
බෙහෙවින් අවාසනාවන්තය. ඊළඟ වසරේ එනම්, 1957 දී ඉන්දියාවේ රිපබ්ලිකන්
පක්‍ෂය පිහිටුවන ලදී. එහෙත් එහි අනෙක් එක ද කුලයකින් වත් සාමාජිකයෙක්
නොවී ය.
චන්ද්‍රපූර්හි මහා බෞද්ධාගමනය
චන්ද්‍රපූර්හි මහා බෞද්ධාගමනයට එරෙහිව, සුමේධ සාමණේරයෝ ග්‍රන්ථයක්
සම්පාදනය කළහ. එහි චෝදනා තුනක් නගා තිබිණ. 1. එය මැනවින් සංවිධානය කර
නොතිබිණි. 2. බබාසාහිබ් පිවිස ඇත්තේ සාවාද්‍ය මඟකිනි. එබැවින් කරදර
විඳින්නට සිදුවිය. 3. බෞද්ධාගමනය පිළිබඳ කටයුතු මෙහෙයවන ලද්දේ
බබාසාහිබ් විසින් නොව වෙනත් කවුරුන් හෝ විසිනි. මේ සියල්ල සාවද්‍ය
චෝදනා ය.මම බොහෝ වාරයක් ප්‍රසිද්ධ වේදිකාවේ දී සහ ලිපි ලේඛන වලින් ද ඒ
චෝදනා නිෂ්ප්‍රභ කළෙමි. බෞද්ධාගමන උත්සවය කල් ඇතිව මැනවින් සංවිධානය
කරන ලදී. ඊට වැඩියෙන් කළ හැකි අන් මඟක් නොවී ය. බබාසාහිබ් තමා විසින් ම
දීක්‍ෂා උත්සවය මෙහෙයවන ලදී. |