| 
			 
			 
			 
			වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය
			වැල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී වප් පෝදා දවස පුරා පින්කම් 
			රැසක් සිදු කැරේ. එදින පෙරවරු 6 - 7 සීල සමාදානය මෙහෙයවීම මහරගම මහින්ද 
			හිමි, 8 - 9 දහම් දෙසුම තුංගම පඤ්ඤාකිත්ති හිමි, 9- 10 දහම් දෙසුම 
			මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි. 10 - 11 ආරාධිත දේශනය ජ්‍යෙෂ්ඨ 
			කථිකාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා, 11 බුද්ධ පූජාව, පස්වරු 12 - 1 
			පිරිත් සජ්ඣායනාව , 1 - 2.30 භාවනා දේශනය ගාමිණී පි‍්‍රයන්ත මහතා , 3 - 
			4 දහම් දෙසුම මතුරට අරියධම්ම හිමි, 4 - 5 දහම් දෙසුම 5 බුද්ධ වන්දනාව . 
  
			කොළඹ තරුණ බෞද්ධ සංගමය
			
			 
			කොළඹ තරුණ බෞද්ධ සංගමයේ දී වප් පෝදා පින්කම් රැසක් සිදුකැරේ. එදින සීල 
			සමාදානය හා බුද්ධ වන්දනාව මෙහෙයවීම මොරවක ශාන්ත හිමි, 8 – 9.30 භාවනා 
			වැඩසටහන උතුරාවල ධම්මරතන හිමි, 9.30 – 10.30 දහම් දෙසුම බොරලන්කඩ 
			විමලතිස්ස හිමි, 10.30 –11 බුද්ධ පූජාව පස්වරු 1 – 2 දහම් දෙසුම 
			මෙදේරිපිටියේ චන්ද්‍රවංශ හිමි, 2 – 3 බෞද්ධ කථාව කේ.කේ. සුගතපාල මහතා 
			3.30 – 4.45 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම නාවල චන්දවිමල හිමි, 4.45 – 5.45 
			දහම් දෙසුම වෙරලුගොල්ලේ උදයනන්ද හිමි. 
			 
			කළුතර බෝධිය
			
			කළුතර බෝධි පරිශ්‍රයේ දී කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් වප් 
			පෝදා දවස පුරා පින්කම් රැසක් සිදු කැරේ.  
			එදින පෙරවරු 6.30 – 7.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව යුධඟනාවේ 
			සේනානන්ද හිමි, 8 – 9.45 භාවනා වැඩ සටහන මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ 
			හිමි, 10 – 11.30 දහම් දෙසුම ආචාර්ය නෙළුවේ සුමනවංශ හිමි, පස්වරු 1 – 2 
			දහම් දෙසුම කිතලගම නන්දසාර හිමි, 2.15 – 3.30 දහම් දෙසුම 
			පොහොද්දරමුල්ලේ දීපංකර හිමි,  
			3.45 – 4.45 දේශනය විල්මට් විමලසේන මහතා 5 – 6.30 දහම් දෙසුම මෙලේගොඩ 
			නන්ද නාහිමි, 7 – 8 ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 111 වැනි ජන්ම දින 
			නිමිත්තෙන් විශේෂ දම් දෙසුම ආචාර්ය බ්‍රාහ්මණාවත්තේ සීවලී නාහිමි 8.30 
			කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව.  |