| 
						 
						   | 
					
					
						| 
						 මහවැලි “ සී” කලාපයේ මෙවර යල් කන්නයේ 
						අලුත් සහලින් බුදුරදුන් පිදීම පසුගියදා මහියංගණ රාජමහා 
						විහාරයේදී උත්සවාකාරයෙන් සිදු කැරිණි. මහවැලි අධ්‍යක්‍ෂ 
						ජෙනරාල් කේ. බී. ජයසිංහ සහ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඒ. 
						ඒ. මුණසිංහ යන මහත්වරුන් සංකේතාත්මකව අලුත් සහල් මිටක් 
						බැගින් රාජමහා විහාර භාරකාර හා අස්ගිරි කාරක සංඝ සභාවේ 
						නියෝජ්‍ය ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්ඛිත 
						හිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව පින්තූරයේ දැක්වේ. රතනසිරි 
						හිමියෝද මේ අවස්ථාවට සහභාගි වූහ. 
						ගිරාඳුරුකෝට්ටේ සමූහ  | 
					
					
						| 
						 
						   | 
					
					
						| 
						 රත්මලාන ශ්‍රී රත්නාරාමාධිපති කොළඹ 
						තර්ස්ටන් විද්‍යාලයේ සහකාර විදුහල්පති සූරියගොඩ සිරිධම්ම 
						හිමියන් වෙත සියම් මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වය 
						මගින් බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ 
						සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් උන්වහන්සේ පිළිගැනීමේ 
						උත්සවයක් පසුගියදා රත්මලානේ ශ්‍රී රත්නාරාමයේදී 
						පැවැත්විණි. එම අවස්ථාවේදී දළදා මැදුරේ දියවඩන නිළමේ 
						ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සූරියගොඩ සිරිධම්ම 
						නාහිමියන්ට විජිනි පත පිළිගැන්වූ අවස්ථාව ඡායාරූපයෙන් 
						දැක්වේ.  | 
					
					
						| 
						 
						  
						 
						   | 
					
					
						| 
						 බියගම පට්ටිවිල අභිනව සම්බුදුමැදුර 
						ඉකුත් දා ආගමික කටයුතු ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා 
						ප්‍රධාන ආරාධිත අමුත්තන් අතින් නිරාවරණය කැරිණි. පට්ටිවිල 
						ශෙලතලාරාමාධිපති පාතේගම රාහුල හිමියෝ එහිදී ආගමික වතාවත් 
						මෙහෙයවූහ. පට්ටිවිල ශ්‍රී.ල.නි.ප. ශාඛාවේ ලේකම් ලාල් 
						රංජිත් මහතා ඇතුළු ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් බුදු 
						මැදුර ඉදි කැරුණු අතර අජිත් සූරියආරච්චි මහතා බුද්ධ 
						ප්‍රතිමාව පිරිනැමූහ. කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය 
						කලුගහකුඹුරේ වජිර හිමියෝ අනුශාසනාවක් කළ අතර බස්නාහිර 
						පළාත් සභා මන්තී‍්‍රවරුන් වන රෙහෙනසිරි වරාගොඩ, යූ. ජෝර්ජ් 
						පෙරේරා, මහර කුමර විද්‍යාලයාධිපති සමරනායක ශ්‍රී.ල.නි.ප. 
						පට්ටිවිල ශාඛාවේ ලේකම් ලාල් රංජිත් යන මහත්වරුද උත්සව සභාව 
						ඇමතූහ. එම බුදු මැදුර සඳහා බුද්ධ ප්‍රතිමාව වැඩම වූ අයුරු 
						හා පණ්ඩු බණ්ඩාරනායක අමාත්‍යවරයා ඇතුළු පිරිස එහිදී ආගමික 
						වතාවත්වල නිරත වූ අයුරු.  | 
					
					
						| 
						 
						   | 
					
					
						| 
						 ශ්‍රී ලංකා යුද 
						හමුදාවේ 58 වැනි සංවත්සරය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී 
						මහා බෝධි රාජයාණන් වහන්සේ වෙත යුද හමුදා සියලු ධජ මෙවරද 
						පූජා කැරිණි. යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා එම ධජ පූජා 
						කළ අවස්ථාව. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් 
						ප්‍රධාන මහා සංඝරත්නය ද, යුද හමුදා නිලධාරීහු රැසක්ද 
						එම අවස්ථාවට සහභාගි වූහ. 
						සේයාරුව රුක්මාල් ගමගේ  |