පිහිට පතයි
ගම්පහ, ඔරුතොට අංක 205 පදිංචි බී.ඒ. ලලනි රේණුකා මහත්මිය (අවු. 44)
වකුගඩු ආබාධයකින් පෙළෙන බවත් ඇයගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඒ නෙගටිව් හෝ
ඕ නෙගටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය
වේ. ඒ නෙගටිව් හෝ ඕ නෙගටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි
අයෙකු හෝ හිමිනමක් වෙත්නම් 033- 2226045, 033- 4670345, 077- 3136662,
071-3496898 දුරකථන අංකයනට දැනුම් දෙන ලෙස එම රෝගියාගේ ස්වාමි පුරුෂයා
වන ජයන්ත කුමාර මහතා ඉල්ලීමක් කරයි.
***
ඉබ්බාගමුවේ බැබිල කඳුලව ඉබ්බාගමුව ලිපිනයේ පදිංචි ටී.වී. තුසිත කුමාර
(27) තරුණ පුතු මීට වසරකට පෙර පොළඟකු දෂ්ඨ කිරීම නිසා දරුණු වකුගඩු
අක්‍රියවීමේ ආබාධයකට ලක් වී සිටී. දැනට මහනුවර මහරෝහලේ විශේෂ වකුගඩු
ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගන්නා මොහුට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ
යුතු බව රෝහලේ වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පවසති. ඒ සඳහා
වකුගඩුවක් පරිත්‍යාග කිරීමට ඔහුගේ සොයුරිය ඉදිරිපත් වී සිටියත් සැත්කම
සඳහා අවශ්‍ය ඖෂධ වෙනුවෙන් විශාල මුදලක් වැයවන බව වෛද්‍යවරු විසින්
දැනුම් දී ඇතත් එම මුදල් සපයා ගැනීමට තරම් වත්කමක් තුසිතගේ පියාට
නොමැති බව කියයි. පෞද්ගලික ආයතනයක සුළු සේවකයෙකු වන පියා තම පුතුට
ජීවිතය ලබා ගැනීමට මහජන පිහිට පතයි. ඉබ්බාගමුව මහජන බැංකුවේ ගිණුම් අංක
207 – 2 –001 –1 –5910365 දරන ගිණුමට පරිත්‍යාග ලබා දෙන්නැයි ඉල්ලීමක්
කෙරේ. ගොඩගම පී. වීරසිංහ, ගොකරැල්ල. |