|
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ධූරයෙන් පිදුම් ලද පල්ලත්තර ශ්‍රී සුමනජෝති නා හිමියන් වෙත
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෞරව තිළිණයක් පිරිනැමූ
අවස්ථාව, එම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැති අතර ඊට
සහභාගී වූ මහා සංඝරත්නය, ඇතුළු ඇමැතිවරු හා දායක පිරිස්
මෙහි වෙති.
සේයාරුව :- සුදත් සිල්වා |
|
ඓතිහාසික ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ
නිර්මාතෘවර හිටපු කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය දිවංගත හෙක්ටර්
කොබ්බෑකඩුව මහතාගේ 24 වන ගුණසමරුව නිමිත්තෙන් එතුමාට පින්
අනුමෝදනා කිරීම සඳහා පිළිමතලාව ඌරාපොල ශ්‍රී ධර්මාලෝක
අභයරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවැති සංඝගත දක්ෂිණාවේදී
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා යටිනුවර
ප්‍රධාන සංඝනායක කහගල ධම්මරක්ඛිත නා හිමියන්ට අටපිරිකර
පූජා කළ අයුරු
ඡායාරූපය – පි‍්‍රයන්ජිත් ප්‍රනාන්දු |
|
දඹදෙණිය රජමහා විහාරයේ ඇසළ පෙරහර
නිමිත්තෙන් ආලෝක පූජාව ස්වදේශී කර්මාන්තායතනය මගින් හය
වැනි වරටත් පැවැත්විණි. එම විදුලි ආලෝකයෙන් දඹදෙණිය රජමහා
විහාරය උත්සවාකාරයෙන් ආලෝකවත් වූ අතර එම අවස්ථාවට ස්වදේශී
කර්මාන්තායතනයේ සභාපති අමරි විජේවර්ධන මහත්මිය ද සහභාගි
වූවාය. දඹදෙණිය රජමහා විහාරාධිපති, නාරන්ගොඩ සිරිනිවාස
හිමි, ස්වදේශී ආයතනයේ වෙළද කළමනාකරු චමින්ද එස්. ජයසිංහ
ආරච්චි ස්වදේශී ආයතනයේ ආනන්ද සෝම හා ලලිත් ඩයස් යන මහත්වරු
ද මෙහි වෙති. |
|
අනුරාධපුර රුවන්මැලි
සෑ විහාරස්ථානයේ පැවැති වාර්ෂික මහා පින්කම සඳහා මහා
සංඝරත්නය වැඩම කළ අයුරු සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර
කරුණාරත්න දිවුල්ගනේ මහතා ප්‍රධාන පිරිස ඒ සඳහා මහා
සඟරුවන පෙර දැරි කොට ගමන් කළ අයුරු.
ඡායාරූපය - වෝල්ටර් දයාරත්න, (අනුරාධපුර දිසා විශේෂ.) |
|
කථානායක වි.ජ.මු.
ලොකු බණ්ඩාර මහතා නේපාලයේ ලුම්බිණී පුණ්‍ය භූමිය වැඳ පුදා
ගැනීමට ගිය අවස්ථාවේදී එහිදී ශ්‍රී ලාංකික වන්දනා පිරිසක්
සමග සේයාරුවකට පෙනී සිටි අවස්ථාව
සේයාරුව :- බුලුගහපිටියේ පී. සිරිවර්ධන ආරච්චි |