අතීතය කියැවීම
සියවස් සතරකට අධික කාලයක් යටත් විජිත ආධිපත්‍යයට ගොදුරු වී
තිබූ අප රට අද මුහුණ දෙන ප‍්‍රධාන අභියෝග සතරක් වෙත පාඨකයන්
ගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
1. ජාතික රාජ්‍යය ගොඩ නැඟීම
2. ආර්ථික පරාධීනත්වය
3. සංස්කෘතික
ආක‍්‍රමණය
4. ජාතික සමඟිය
යටත් විජිත ග‍්‍රහණයෙන් මිඳීමට පෙර ද
මේ අභියෝග පිළිබඳ ව නිසි වැටහීමක් ශ්‍රී ලාංකිකයන්ට තිබිණි. ඒ
බව මෙහි පහත උපුටා දක්වන ඡේදයෙන් පැහැදිලි වනු ඇත.
“තමන් ගේ අයිතිවාසිකම් සඳහා නැඟිට සිටිනු. ඔබ විසින් අමතක
කැරෙන ලද, බඩසාදුකින් පෙළෙන ඔබ ගේ දිළිඳු සොහොයුරා වන ගමේ
ගොවියාට පේ‍්‍රම කැරීමට ඉගෙන ගනු. සිංහල ජාතියේ කොඳු ඇටය සෑදී
ඇත්තේ ගොවියන් හා වැඩකරන ජනතාවගෙන් සැදුම් ලද පන්තිය උඩ බව
සලකනු. සිංහල ජාතිය නිම වෙනුයේ බැරිස්ටර්වරුන් කිහිප දෙනකු හා
රට ගොස් උපාධි ලබාගත් දොස්තර වරුන්ගෙන් කිහිප දෙනකු මඟින් නො
වේ.”
“වර්ෂ 2358 ක් යනතුරු අපි නිදහස් ජාතියක් ලෙස ජීවත් වී උනිමු.
ඒ අවදිය තුළ අප ගේ ඉඩකඩම් අප සතුට තිබුණු බැවින් අපට අවශ්‍ය
සියලු දේ අපි රට තුළින් ම ලබා ගතිමු. ඒ යුගයෙහි මෙ රට වාසීහු
තෘප්තිමත් ජීවිතයක් ගත කළ හ. රජ මාලිගාව ආශි‍්‍රතව පැවැති
දේශපාලන කැලඹීම් ගැන ඔවුහු නො තැකූ හ. මේ තෘප්තිමත් ජීවිතයට
හේතුව ඔවුන් අදහන ලද ආගම විසින් කැරෙන ලද මඟ පෙන්වීමයි. කුල
දේවතාවන් වන භික්‍ෂූහු සංඝ සමාජයට හිමි සාමූහික ජීවිතයක් ගත කළ
හ. ගම්වැසි කුඹුරු හිමි ගොවියෝ සාමූහික ජීවිතය හා පරාර්ථය
ආත්මකොට ගත් ආගම අනුව යමින් ගොවිතැන් බත් කැරීමේ දී අන්‍යෝන්‍ය
උපකාරය ආප්තය වූ බැවින් කුලී මලී දී වැඩ ගැනීමක් ගැන ඔවුහු
නොදත් හ.
‘ලංකාවේ තරුණයන්ට පණිවුඩයක් (A
Message to Young Men of Ceylon) නමැති අනගාරික ධර්මපාල තුමන් ගේ රචනාවකින් උපුටා
ගන්නා ලද මේ ඡේදය එතුමන් ගේ අවබෝධය හා අරමුණූ ද මනා ලෙස
පැහැදිලි කැරීමට සමත් ය. එ බැවින් මෙය, අනගාරික ධර්මපාල තුමන්
පිළිබඳ ව කතා කැරීමට අවශ්‍ය පදනම සපයයි. එතුමන් මිය ගොස් වසර
හැත්තෑ සතරක් ගත වී ඇතත්, එතුමන් නායකත්වය දුන් ජාතික
පුනර්ජීවන ව්‍යාපාරයේ අවශ්‍යතාව අහෝසි වී නැත. අප මෙහි මුලදී
දක්වා ඇති අභියෝග සතර ජයගන්නා තුරු අනගාරික ධර්මපාල තුමා
නායකත්වය දුන් සමාජ ව්‍යාපාරය යටපත් කැරීමට නුපුළුවන.
එ සේ වුව ද පසුගිය 17 වන දිනට යෙදී තිබුණු එතුමන් ගේ 143 වන
ජන්ම දින සමරු වැඩ සටහන් මේ සමාජයීය අවශ්‍යතාව හඳුනා ගෙන
තිබුනේ ද? අප ගේ හැඟීම නම්, ධර්මපාල තුමා කළ සේවයට කෘත ගුණ
සැලැකීම පමණක් ප‍්‍රමාණවත් යැයි සිතන සමාජ මානසිකත්වයක් පවතින
බව ය. එය සැබවින් ම වැරැදි තක්සේවරුවකි.
අද දවසේ අප ගේ කාර්ය භාරය විය යුත්තේ. ධර්මපාල තුමන් නායකත්වය
දුන් සමාජ ව්‍යාපාරය නිසි ලෙස හඳුනා ගැනීම, එය ජයග‍්‍රහණය නො
කැරීමට හේතු වටහා ගැනීම හා නූතන සමාජයට ගැලැපෙන පරිදි එය යොදා
ගැනීම ය. එහෙත්, එය සිදුවන බවක් නො පෙනේ.
අවම වශයෙන් එතුමන් ගේ ආගමික මඟ පෙන්වීම් ප‍්‍රායෝගික යථාර්ථයක්
බවට පත් කැරීම හෝ කළ හැකි ය. 1927 දී ලන්ඩන් නුවර පැවැති
දේශනයක දී එතුමන් පළ කළ මේ අදහස් අප සැමගේ අවධානයට ලක්විය යුතු
යැයි සිතමු.
“සියවස් කාලක පමණ සිට යන එන සෑම තැනකම මම බයිබලය රැගෙන යමි.
බයිබලයේ ඇති කතා සමඟ බෞද්ධාගමික පොත්පත් වල ඇති කතාන්දර මම
සන්සන්දනය කැර බලමි. බුදුන් වහන්සේ ගේ උගැන්වීම් කි‍්‍රස්තුස්
වහන්සේ ගේ උගැන්වීම සමඟ ද කි‍්‍රස්තියානි උපමා කතා බෞද්ධ උපමා
කතා සමඟ ද, කි‍්‍රස්තුස් වහන්සේ විසින් දකින ලද ආචාර ධර්ම හා
මානසික උගැන්වීම් බුදුන් වහන්සේ විසින් දක්වන ලද ආචාර ධර්ම සහ
මානසික උගැන්වීම් සමඟ ද මම නිරන්තරයෙන් සන්සන්දනය කැර බලමි. මේ
පුරුද්ද සත්‍යය අන්තර්ගත මාර්ගයන් දැක ගැනීමෙහි ලා මට බෙහෙවින්
ප‍්‍රයෝජන වී ඇත.”
අනගාරික ධර්මපාල තුමන් කෙතරම් ප‍්‍රායෝගික මනුෂ්‍යයකු වී ද
යන්න වටහා ගැනීම ම එතුමන්ට කැරෙන උපහාරයක් වනු ඇත. |