| 
						 
						   | 
					
					
						| 
						 ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදි 
						කර්තෘ වැලිතර මහ කරාවේ ඤාණවිමලතිස්ස මහ නාහිමියන් වෙනුවෙන් 
						උන්වහන්සේගේ ජන්ම භූමිය වූ මහාකරාවේ ඉදි කළ වනගතව පැවැති 
						ස්මාරකය ආචාර්ය බ‍්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනාහිමියන් 
						විසින් යළි ප‍්‍රතිසංස්කරණය කරවන ලදී. එම ස්මාරකය යළ පූජා 
						කිරීමේ පුණ්‍ය මහෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 
						උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ 
						නාහිමියන් ඇතුළු මහ සඟ රුවනෙහි අනුශාසකත්වයෙන් නීතිපති 
						ජනාධිපති නීතිඥ සී. ආර්. ද . සිල්වා මහතාගේ හා එම 
						මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් බලපිටිය මහකරාවේදී ඉකුත් දා 
						සිදු කැරිණි. අනතුරුව උපහාර අභිනන්දන උත්සව සභාව 
						අඹගහපිටිමූල මහා විහාරස්ථානයේදී පැවැත්විණි. නීතිපතිතුමන් 
						සමරු ඵලකය නිරාවරණය කළ අවස්ථාව. ආචාර්ය බ‍්‍රාහ්මණවත්තේ 
						සීවලී නාහිමියෝ ද සේයාරුවේ වෙති.  | 
					
					
						| 
						 
						   | 
					
					
						| 
						 පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක 
						බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මාතලේ 
						දිස්ති‍්‍රක්කයේ මූලික යටිතල පහසුකම් පවා නොලැබුණු 
						විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආසියානු 
						සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර ඇතිව මාතලේ විල්ගමුව සෝනුත්තර 
						විහාරස්ථානයට පසුගියදා විදුලිබලය ලබා දීම සිදු විය. ඒ සඳහා 
						වැය වූ මුදල රුපියල් දසලක්‍ෂයකි. අමාත්‍ය ජනක බණ්ඩාර 
						තෙන්නකෝන් මහතා විසින් විදුලි බුබුළු දල්වා විදුලි බලය 
						ලබාදීම නිල වශයෙන් සනිටුහන් කළ අවස්ථාවයි මේ. විහාරාධිපති 
						විනීත දේවානන්ද හිමියන් ඇතුළු දායක දායිකාවෝ පිරිසක් ද 
						ඡායාරූපයේ වෙති.  | 
					
					
						| 
						 
						   | 
					
					
						| 
						 ලක්‍ෂ්මන් ජානක ඇඹුල්දෙණිය “ මහතා 
						විසින් රචිත” පෞරාණික චෛත්‍යය හා එහි විද්‍යාත්මක පදනම “ 
						කෘතිය එළි දැක්වීමේ උලෙළ පසු ගියදා මාතලේ සංචාරක පාසල් 
						ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී කතුවරයා ගැටඹේ 
						රාජොපවනාරාමාධිපති කැප්පෙටිගොඩ සිරිවිමල හිමියන් වෙත සිය 
						කෘතිය ප‍්‍රදානය කළ අයුරු. කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් 
						පුරා විද්‍යා උපාධි ආයතනයේ මහාචාර්ය” නිමල් ද සිල්වා” මහතා 
						ද ඡායාරූපයේ වෙයි. 
						ඡායාරූපය - චන්ද්‍ර ශ්‍රී අසෝක බණ්ඩාර හිඳගොඩ මාතලේ දිසා 
						විශේෂ වාර්තාකරු  | 
					
					
						
						  | 
					
					
						| 
						 අනුරාධපුර මහ 
						මාන්කඩවල පුරාණ රජ මහ විහාරස්ථානයේ අභිනව චෛත්‍යරාජයාණන් 
						වහන්සේ ගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය උතුරු මැද 
						පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඇතුළු සම්භාවනීය 
						පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී උතුරු මැද පළාතේ 
						ආණ්ඩුකාරතුමා ඇතුළු පිරිස උත්සව සභාව වෙත කැඳවාගෙන ගිය 
						අයුරු. ඡායාරූපය :- වෝල්ටර් දයාරත්න - අනුරාධපුර දිසා 
						විශේෂ  |