මළ ගිය අයට පින් දෙන
නිවැරැදි ක‍්‍රමය කුමක් ද?
මා දැනට නේවාසිකව සිටින දූනගහ වැඩිහිටි නිවාසයේ වාසය කරන අය පරලොව
සැපත් වූ විට මතක වස්ත‍්‍ර පූජා කොට පින් අනුමෝදන් කරන්නේ මේ ගාථා
කියමින්, පැන් වැඩීමෙනි.
1. යථාවාරි වහා පුරා - පරිපුරෙන්ති සාගරං
ඒවමේව ඉතෝදින්නං - පේතානං උපකප්පති
තේරුම – වැස්සෙන් වැටුණු ජලධාරාවෝ සයුර පුරවත්ද එසේම මේ දෙන පිං මළගිය
පේර්තයින්ට අත්වේවා!
2. උණ්ණ මේ උදකං වට්ටං - යථා තීරණ්ණං පවත්තති
ඒව මේව ඉතෝදින්නං - පේතානං උපකප්පති.
තේරුම – උස් තැනට වැටුණු ජලය පහත් බිම් කරා යේ ද එපරිද්දෙන්ම මෙයින්
දෙන ලද පින මළගිය පේර්තයන් කරා පැමිණෙත්වා.
එහෙත් මෙසේ මළගිය අයට පින් පැමිණවීම නුසුදුසු කි‍්‍රයාවකැයි අදහස්
කරමි.
පහත සඳහන් ගාථා භාවිතා කරමින් පැන් වැඩීමකින් තොරව පින් දීමම වඩා හොඳ
යැයි මම අදහස් කරමි.
1. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොත්තු ඥාතයෝ , 3 වරක්
තේරුම – අප රැස් කරගත් පින පරලොව සැපත් ඥාතීහු අනුමෝදන්ව සැපතට
පැමිණෙත්වා.
2. එත්තාවචාච අම්හේහි- සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු -සබ්බේ භූතා අනුමෝදන්තු
සබ්බේ සත්තා අනුමෝදන්තු - සබ්බ සම්පත්හි සිද්ධියා
තේරුම – අප රැස් කර ගත් මේ පින සියලු දෙවියෝද, සියලු භූතයෝ ද, සියලු
සත්වයෝද අනුමෝදන්ව සියලු සැප ළගා කර ගනිත්වා.
ගිහි පැවිදි ධර්මධර උගතුන්ට මේ ගැන අදහස් පළ කරන ලෙස ඉල්ලා සිටිමි.
හෙ.ආ. ජිනදාස |