බුදුරජාණන් වහන්සේ
කුසිනාරාවට වැඩම කළ වගයි...
රොහාන් එල්. ජයතිලක
භාරතයේ උත්තර් ප්‍රදේශයේ
කුසිනාරාවේ සිට
පිරිනිවන් මංචකය |
පිරිනිවන් මංචකය සහිත විහාර මන්දිරය |
තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසූවැනිවියට සැපත් වන විට පුරා
අවුරුදු 44 ක් මගධ දේශයේ (වර්තමාන බිහාර් ප‍්‍රාන්තයේ සහ උත්තාර්
ප‍්‍රදේශ්) පියවි ගමනින් වැඩමවමින් ධර්ම දේශනා කළ සේක. භාරතයේ සිදු කළ
වර්ෂ ගණනාවක අධ්‍යයනයන් මඟින් එම කාල සීමාව තුළ වැඩම කළ දුර ප‍්‍රමාණය
මෙසේ යැයි විශ්වාසයේ පවතී.මාසයක් තුළ දී සතර පෝය හැර වඩින ලද දින ගණන
26 කි. වස්සමයට අදාළ මාස සතර (චතුර්මාස ඉන්දීය වර්ෂා සමය ජූලි
ඔක්තෝබර්) හැර වර්ෂයක් තුළ දී වැඩම කළ මාස ගණන අටකි. ඒ අනුව වර්ෂ 44 ක්
තුළ වැඩම කළ දුර සැතපුම් කී දහසක් වේදැයි සාමාන්‍ය නිගමනයකට එළඹිය හැකි
ය.
දිනකට දළ වශයෙන් සැතපුම් 7 යි. ඒ අනුව 26ය 7ය 8ය 44 මේ අනුව අවසන්
වර්ෂයේ එනම් 45 වැනි වස රජගහ ගිජ්ජකූටයේ සිට (බිහාර් ප‍්‍රාන්තයේ)
කුසිනාරාවට මහා පරිනිර්වාණය සඳහා ,(උත්තර ප‍්‍රදේශ) වැඩම කළ දුර
ප‍්‍රමාණය සැතපුම් 310 කි. ඒ අනුව පුරා අවුරුදු 45 ක් වැඩම කළ දුර
ප‍්‍රමාණය දළ වශයෙන් සැතපුම් කෙතෙක්දැයි නිගමනය කළ හැකි ය.
එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා සමඟ හිරංමතී ගංගා තෙරට වැඩම
කළ අවස්ථාවේ සෘද්ධි බලය සහිත බ‍්‍රාහ්මණයන් පිරිසක් ඝෘද්ධි බලයෙන්,
ගංගාව තරණය කළහ. භික්‍ෂූ සංඝයා “අපිද භාග්‍යවතුන් වහන්සේ එසේ මෙම
පුළුල් ගංගාව තරණය කරමු යැයි පවසන ලදී. එවිට භාග්‍යවතුන් වහන්සේ තොටියා
අමතා “ගංගාව තරණය කිරීමට පාරුවට කිනම් මුදලක් අවශ්‍ය දැයි විමසන ලදුව
මස්සක් (ශතයක්) බවට ඔහු පිළිවදන් දෙන ලදී. දැනුදු එකල මෙන් පැවිදි
පක්‍ෂයට(ශ‍්‍රමණ බ‍්‍රාහ්මණ) ඉන්දියාවේ ගංගා තරණයට මුදල් අය නොකරන බැව්
අධ්‍යයන අනුව පෙනී යයි. එම පාරුවෙන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා
වහන්සේ ද ගංගා තරණය කර භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “භික්‍ෂුණි !
ඝෘද්ධි බලයේ වටිනාකම මස්සක් දැයි “ විමසන ලදී. මෙයින් පෙනී යනුයේ
භාග්‍යවතුන් වහන්සේ අතිදුෂ්කර අවස්ථාවල මිස මගධ දේශය සිසාරා වැඩීමට
සෘද්ධි බලය යොදා ගෙන නොමැති බවයි. ඒ බැව් 80 වැනි වියට පත්ව රජගහ
ගිජ්ජකූටයට වැඩම කළ සැතපුම් 310 ක අන්තීම ගමන ති‍්‍රපිටකයේ පහත සඳහන්
තැන්වල සඳහන් වේ. (දීඝ නිකාය 16- 17, 7 – 2, අංගුත්තර නිකාය 129 – 30,
4- 1, 4 –76, 4 – 180, 8 –70, සංයුක්ත නිකාය 47 – 14, 47 – 9, 47 – 13,
47 – 14, 6 –15, උදාන 8 –6, 6 –1, 8 –5, විනය මහා වග්ග 6 – 28, 6 – 29,
6 –30, සහ විනය චූලවග්ග 11- 21)
භාග්‍යවතුන් වහන්සේ සිය උපස්ථායක ආනන්ද හිමියන් සමඟ ගිජ්ජකූටයේ සිට ගමන
අරඹන අම්බලතික්ක, නාලන්ද, පාටලීගම (වර්තමාන බිහාර් ප‍්‍රාන්ත අගනුවර
පැථනා) කෝටිගම, නාදිකා, වේශා (විශාලා මහනුවර) අම්බපාලි උයන, බේලුව ගම
(අන්තීම වස් සමය ගත කළ ස්ථානය), උදේන ෙච්තිය, ගෝටමක ෙච්තිය, ඝට්ටංන්ඛක
ෙච්තිය, බාහු පුත්ත ෙච්තිය, සාරංදද ෙච්තිය, සහ චාපාල ෙච්තිය, භාණ්ඩගාම,
හත්තිගාම, භෝග නගර, පාවා, කුකුත්ත ගංගාව මෙහිදී භාග්‍යවතුන් වහන්සේට
දැඩි පිපාසයක් ඇති වී ආනන්දය මාගේ පිට සිවුර සතරට නමා භූමියේ තබන්න මට
මහන්සියි මෙහි වාඩි ගන්නෙමු. මාගේ පිපාසයට ගංගාවෙන් ජලය ටිකක් ගෙනෙන්න”
යැයි වදාළ සේක. ආනන්ද හිමියෝ කුකුත්ත, නදිය වෙත ගොස් ආපසු පැමිණ කරත්ත
පන්සියයක් පමණ ගංගාව හරහා ගමන් කර ජලය බොර වී ඇති බැව්
පැවසූහ.භාග්‍යවතුන් වහන්සේ මම එම බොර ජලය පානය කරමි. ආනන්දය මාගේ
පිපාසය අධිකයි. වදාළ සේක. දෙවැනිවර ද ගොස් ජලය බොර බැව් පැවසී ය.
“ආනන්දය මාගේ පිපාසය අධිකය. එම බොර ජලය පානය කරමියි වදාළ සේක. තෙවැනි
වර ආනන්ද හිමියන් ගංගාව වෙත ගිය අවස්ථාවේ ජලය පැහැදිලිව තිබූ අතර
බුදුරජාණන් වහන්සේගේ පාත‍්‍රයට ජලය රැගෙන පැමිණි අතර, භාග්‍යවතුන්
වහන්සේ එම ජලය පානය කරන ලදී.
එම ස්ථානයෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ආනන්දය අපි
කුසිනාරාවට හැරෙන මල්ල රජදරුවන්ගේ සල් උයනට හිරංවතී ගංගාවේ එපිට තෙරට
යමු. එසේ පැමිණ ආනන්ද මා හට සැතපීමට සල් වෘක්‍ෂ දෙකක් අතර හිස උතුරට
සිටින සේ සයනයක් පිළියෙළ කරනු යැයි වදාළ සේක. එසේ සයනය සැකසූ විට දකුණු
පසට පාදයන් සිටිනසේ එක් පාදයක් අනිකුත් පාදය මත සිටින සේ, සිංහ
සෙය්‍යාවෙන් බුදුරජාණන් වහන්සේ ඉතා අවදි මනසකින් සැතපුණු සේක.
සල් වෘක්‍ෂ දෙක මලින් භරිත විය. මෙම ඉන්දීය සල් වෘක්‍ෂ, ශ්‍රී ලංකා සල්
වෘක්‍ෂ නොවේ. ඉන්දියාවේ පමණක් ඇති ඉතාමත්ම ශක්තිමත් දැවයෙන් යුත් , පහළ
කොටසේ සිට අතු පතු විහිදෙන අති සුගන්ධවත් කුඩා කහපාට පුෂ්පයන් සහිත
දැනට එහි ඇති වෘක්‍ෂයන් ය. (Ficus Robusta) මෙසේ සල් ගස් සෙවණක්ම
භාග්‍යවතුන් වහන්සේ තෝරාගත්හ. උන්වහන්සේ වෘක්‍ෂයක් යට ලුම්බිණියේ දී
උපත ලදහ. ඉන්දියානුවෝ මෙකලත් එම සල්වෘක්‍ෂ සාල භංජිකා යනු දේවතාවියගේ
වාස භවන බව විශ්වාස කරති. දැනුදු ගැබ් ගත් ඉන්දියානු හින්දු කාන්තාවන්
එම වෘක්‍ෂ වෙත පැමිණ තෙවරක් පැදකුනු කර වම් පයෙන් වෘක්‍ෂය තෙවරක්
පිරිමදින විට එමඟින් තම වම් පාර්ශ්වයේ ඇති හෘද වස්තුවට එම දේවතාවිය
අරක්ගෙන දරුප‍්‍රසූතිය වේදනාවෙන් තොරව සිදුවන බවට ඇති විශ්වාස කරති.
මෙසේ පිරිනිවන් මංචකයට භාග්‍යවතුන් වහන්සේ සැකසුණු අවස්ථාවේ දිව්‍යමය
මංදාරම් පුෂ්පයන් සඳුන් කුඩුද අහසින් වැටුණු අතර දිව්‍යමය සංගීතයන්ද හට
ගැණුනි. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ අනුදැන වදාළ සේක. භාග්‍යවතුන්
වහන්සේට පූජෝපහාර පැවැත්වීම මෙසේ නොවේ. භික්‍ෂු භික්‍ෂූණී උපාසක
උපාසිකාවෝ ධර්මය අනුව ජීවත්විය යුතු ය. ධර්මය අනුව ගමන් කළ යුතු ය. එසේ
කි‍්‍රයා කරන අය භාග්‍යවතුන් වහන්සේට අති උත්තම ලෙස වන්දනා මාන කරන්නේ
ය. ආනන්දය මෙසේ පුහුණු වන්න. අපි ධර්මය අනුව ජීවත් වෙමු. ධර්මය අනුවම
නිසිලෙස ගමන් කරමු.
එම අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටි උපවාන හිමියන්ට
එතැනින් ඉවත්වන ලෙස භාග්‍යවතුන් වහන්සේ දැන්වූ සේක. එසේ භාග්‍යවතුන්
වහන්සේට දීර්ඝ කාලයක් ඇප උපස්ථාන කළ උපවාන හිමියනට ඉවත්වීමට දැන්වුයේ
කිම් දැයි ආනන්ද හිමියෝ විචාළ සේක. ආනන්දය! සදෙව් ලොව දෙවිවරු
භාග්‍යවතුන් වහන්සේට උපහාර කිරීමට රොක් වෙමින් සිටිති. මා අද
රාති‍්‍රයේ අන්තිම යාමයේ මහා පරිනිර්වාණයට පත් වෙමි යැයි භාග්‍යවතුන්
වහන්සේ වදාළ සේක. ආනන්ද හිමියෝ එම ශෝකාකූල අවස්ථාවේ දී මෙසේ ප‍්‍රකාශ
කළ සේක. භාග්‍යවතුන් වහන්ස! පෙර දවස විවිධ ස්ථානවල වස් සමය ගත කරන
භික්‍ෂූන් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට පැමිණෙති. එවිට එම භික්‍ෂූහු
භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරති. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්
පෑමෙන් අනතුරුව අපට එසේ සිදු කිරීමට නොහැකිවන්නේ ය. ආනන්දය!
සැදැහැවතුන් තුළ ශ‍්‍රද්ධාව ජනිත වීමට වැඳ පුදාගත යුතු ස්ථාන සතරකි. ඒ
ස්ථාන සතර කවරේද? මෙහි භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ සේක. මෙහි
භාග්‍යවතුන් වහන්සේ ධර්ම චක‍්‍රය ප‍්‍රවර්තනය කළ සේක. මෙහි භාග්‍යවතුන්
වහන්සේ මහා පරිනිර්වාණයට පත්වූ සේක. මෙම ස්ථාන වැඳ පුදා ගන්නා භික්‍ෂු
භික්‍ෂුණී, උපාසක, උපාසිකාවෝ මෙසේ පවසමින් වන්දනා මාන කරන්නේ නම් එය
ශ‍්‍රද්ධාව ජනිත කරන්නේය. එම භික්‍ෂු භික්‍ෂූණීන්, උපාසක උපාසිකාවන්
මෙසේ පවසමින් “මෙහි භාග්‍යවතුන් වහන්සේ උපත ලද සේක. මෙහි අති උත්තම
බුද්ධත්වයට පත් වූ සේක. මෙහි ධර්ම චක‍්‍ර ප‍්‍රවර්තනය සිදු කළ සේක”.
මෙහි භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වූ සේක”. මෙම ස්ථාන සතරට
ගමන්කර වන්දනා මාන කිරීමෙන් ශ‍්‍රද්ධාව ජනිතව මරණින් පසු පී‍්‍රතිමත්
ස්ථානයක මෙන්ද දෙව්ලොවද නැවත උපත ලබන්නේ ය. ශ්‍රී ලංකාවේ දඹදිව
වන්දනාවේ යෙදෙන භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා පිරිස් මෙසේ
භාග්‍යවතුන් වහන්සේ වදාළ වාක්‍යයන් කියමින් එම ස්ථාන වන්දනා කිරීම තම
තමන්ගේ සංසාර ගමනට ඉතා යහපත් කි‍්‍රයා මාර්ගයක් වන බැව් අවබෝධ කර ගැනීම
ධර්ම මාර්ගයේම ගමන් කිරීම වන්නේය.
එම අවස්ථාවේදී ආනන්ද හිමියන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ ආදාහන
පූජෝත්සවය පැවැත්විය යුතු අන්දම ගැනද ශ්‍රී ධාතුන් වහන්සේ ගැන කි‍්‍රයා
කළ යුතු ආකාරය ද භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන ලදී. “ආනන්දය එම කටයුතු
සිදු කළ යුත්තේ ධර්මිෂ්ඨ පාලන චක‍්‍රය ප‍්‍රවර්තනය කරන චක‍්‍රවර්ති
රජුකුªට සිදු කරන ආකාරයටමය. පළමුව ශරීරය අලුත් පිළියකින් ඔතනු ලැබේ.
ඉන් පසු හොඳින් පිරිසුදු කළ කපු පුළුන් ඔතනු ලැබේ. පසුව දෙපට පිළියෙන්
පන්සියකින් ඔතනු ලැබේ. ඉන් පසු මෘත ශරීරය තෙල් සහිත යකඩ දිග භාණ්ඩයක
තබනු ලැබේ. එය පසුව තවත් යකඩ භාණ්ඩයකින් වසනු ලැබේ.
මින් පසුව විවිධ සුවඳ සහිතව චිතකයක් තනා ආදාහනය කරනු ලැබේ. ඉන්පසුව
භෂ්මාවශේෂ තැන්පත් කර සතර මං සන්ධි වල ස්තූප ගොඩනගනු ලැබේ. චක‍්‍රවර්ති
රජුගේ අවසාන කෘත්‍යයන් මෙසේ වන අතර භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිද එසේ
සිදුකළ යුතුය. ඒ අනුව භාග්‍යවතුන් වහන්සේගේ ද ශ්‍රී ධාතුන් වහන්සේ
නිදන් කර ස්තූප ද සතර මංසන්ධිවල තැනිය යුතුය. මෙම භාග්‍යවතුන් වහන්සේගේ
ස්තූප වන්දනාමාන කරන හෝ සුණු පිළියම් කරන අය තුළ ශ‍්‍රද්ධාව ජනිතව එය
දීර්ඝ කාලයක් එම අයගේ යහපතට ආධාර වන්නේය. ස්තූප ගොඩ නැගීමට සුදුසු
පුද්ගලයින් සතර දෙනෙකි. එම සතර දෙනා කවරේද? බුද්ධත්වයට පත් භාග්‍යවතුන්
වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවක රහතන්
වහන්සේ ධර්මිෂ්ඨ පාලන චක‍්‍රය ප‍්‍රවර්තනය කරන චක‍්‍රවර්ති රජතුමාම
එවිට එම ස්තූප වැද පුදා ගන්නා භික්‍ෂු, භික්‍ෂුණී , උපාසක, උපාසිකාවන්
තුළ මෙසේ මෙනෙහි කරමින් ශ‍්‍රද්ධාව උපදී.
මෙය භාග්‍යවතුන් වහන්සේගේ ස්තූපයයි. මෙය පසේ බුදුන් වහන්සේගේ ස්තූපයයි.
මෙය බුදුන් වහන්සේගේ ශ‍්‍රාවක රහතුන් වහන්සේගේ ස්තූපයයි. මෙය ධාර්මිෂ්ඨ
චක‍්‍රවර්ති රජුගේ ස්තූපයයි. මෙසේ ශ‍්‍රද්ධාව ජනිතව මරණින් මතු සුගතියක
හෝ දෙව්ලොවක උපත ලබන්නෝය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී ධාතුන් වහන්සේ
වන්දනාමානය අනුදැන වදාළ සේක.
මෙම අවස්ථාවේදී ආනන්ද හිමියෝ විහාරය තුළට ගොස් මෙසේ සිතමින් කදුළු
හෙළමින් සිටියහ. “ මා තවම කාර්ය අවසන් නොකළ (රහත් භාවයට පත් නොවූ )
උගෙනුම ලබන භික්‍ෂුවකි. මාගේ ගුරුදේවයාණන් වූ භාග්‍යවතුන් වහන්සේ මට
දයා කරුණාව පෙන්වයි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑමට ආසන්නය.
භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන් කොහිදැයි භික්‍ෂුන්ගෙන් විමසූහ. එවිට
හඩා වැලපෙමින් උන්වහන්සේ සිටින බව සැල කළෝය. “ ආනන්ද වෙත ගොස් සිය
ගුරුතුමා කැදවන බව කියන්න. එවිට ආනන්ද හිමියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත
සපැමිණ වන්දනා මාන කර එකත්පස්ව සිට ගත්හ. “ඇති ආනන්ද, නොහඬන්න ,
නොවැලපෙන්න. මා ඔබට දේශනා කර ඇති නේද නිතර තමා පි‍්‍රය කරන දෙයින්
වෙන්වීම සිදු වන බැව්? සියලු උපන් අය අන්තිමයේදී නැසෙන බැව්.ඔබ
භාග්‍යවතුන් වහන්සේට දීර්ඝ කාලයක් ඇප උපස්ථාන කර පුණ්‍ය සම්භාරයක් රැස්
කරගෙන ඇත. ආනන්දය නිතර උත්සාහ ගන්න. ඔබ කෙලෙස් වලින් මිදෙනු ඇතැයි “
භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන් අමතා “ දැන් ආනන්දය
කුසිනාරාවට ගොස් මළල රජදරුවන්ට මෙසේ දන්වන්න. , භාග්‍යවතුන් වහන්සේ අද
රාති‍්‍රයේ අන්තිම යාමයේ මහා පරිනිර්වාණයට පත් වන සේක. පැමිණෙන්න ඔබ
නැත්නම් පසුතැවෙන ඇත. අපගේ නගරයේම භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිර්වාණයට
පත්වූවත් අපට භාග්‍යවතුන් වහන්සේ සිය අන්තිම මොහොතේදී දැක බලා ගැනීමට
නොහැකි වූවා යැයි සිතමින්” භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ අන්දමට මල්ල
රජදරුවෝ සිය සම්මන්ත‍්‍රණ ශාලාවේ වෙනත් රාජකාරියකට රැස්ව සිටි අවස්ථාවේ
එම දැන්වීම් දන්වන ලදී. අති ශෝකයට පත්වූ මල්ල රජදරුවන් සිය තරුණ
පිරිස්, කුමරියන් සහ උපාසිකාවන් සමග වහාම කුසිනාරා නුවර සල්වනයට
පැමිණියෝය. පිරිස විශාල බැවින් එක් එක් මල්ල රජ පවුල්වලට එක් එක්
නියෝජිතයා හා ඔහුගේ බිසවවරු දරුවන් සමග භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ
වන්දනාමාන කිරීමට ආනන්ද හිමියන් කටයුතු කරණ ලදී. එම පිරිස් භාග්‍යවතුන්
වහන්සේගේ ශ්‍රීපාද යුග්මයට හිස තබා වන්දනා මාන කළෝය.
එම අවස්ථාවේ සුභද්ද නමැති (අන්තිම භික්‍ෂු ශ‍්‍රාවකයා නොවේ)
පරිබ‍්‍රාජක පැමිණ භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට අවශ්‍ය බැව් ආනන්ද
හිමියන් වෙත සැළ කළේය. ඔහු එම ඉල්ලීම කිහිපවිටක්ම සිදු කළමුත් “
මිත‍්‍ර සුභද්ද ඇති, භාග්‍යවතුන් වහන්සේට කරදර නොකරන්න. භාග්‍යවතුන්
වහන්සේ විඩාවට පත්ව ඇත ‘යි ආනන්ද හිමියෝ පැවසීය. මෙම කථාබහ භාග්‍යවතුන්
වහන්සේට ඇසී” ඇති ආනන්ද සුභද්දට මා වෙත පැමිණීමට ඉඩ දෙන්න. ඔහු යම්
කිසි දෙයක් විමසන්නේ නම් එය දැනුම ලබා ගැනීම පිණිස මිස, මාහට කරදර
කිරීමට නොවේ යැයි භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියනට පැවසූහ. එම අවසරය
පරිදි ආනන්ද හිමියන් විසින් සුභද්දට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණීමට
ඉඩ හරින ලදී.
මෙසේ සුභද්ද භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පිළිසදර කථා කර සුව දුක් ද
පවසා එකත්පස්ව හිඳ මෙසේ පවසන ලදී. “උත්තම ගෝතමයාණනි දැනට තම තමන්ගේ
පිරිස් වල නායකත්වය දරන එම පිරිස්වල ශාස්තෘවරයන් වූ සුප‍්‍රසිද්ධ විශාල
පිරිස් ශාස්තෘවරයන් යැයි පිළිගන්නා ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් දැනට ඇත. මා
පවසන්නේ පූර්ණ කස්සප , මක්ඛලීගෝසාල , අජිත කේෂකම්බලිනා, පකුද කච්චායන
සංජය බෙල්ලටිපුත්ත, සහ නිගන්ඨනාථ පුත‍්‍රයන්ය. සියලු දෙනාම හෝ සුළු
පිරිසක් ඔවුන් කියාපාන ආකාරයට නුවණින් ධර්මය අවබෝධ කර ඇත්දැයි, නැතිනම්
කිසිවෙක් නැද්ද” යි විමසන ලදී.
එම අවස්ථාවේ” ඇති ඇති සුභද්ද එම අය සියලු දෙනා හෝ සමහර අය පමණක් හෝ
සියලු දෙනාම ධර්මය අවබෝධ කර ඇත්ද යන්න එසේම තිබීමට ඉඩ හරින්න . සුභද්ද
මා පවසන දෙයට හොඳීන් සවන්දී ඒ ගැන සිතන්න “ යැයි භාග්‍යවතුන් වහන්සේ
ප‍්‍රති උත්තරදෙන ලද සේක.”එසේය ස්වාමීනි” යැයි සුභද්ද පිළිතුරු දෙන
ලදී.
සුභද්ද යම් කිසි ධර්මයක හෝ විනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය නොදන්නේනම් එහි
ප‍්‍රථම , දෙවැනි, තෙවැනි හා සතරවැනි පැවිදි අයෙක් නොමැත්තේය. මාගේ
ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත්තේය.
එබැවින් පළමු, දෙවැනි, තෙවැනි හා සතරවැනි භික්‍ෂුව ඇත්තේ ය. එබැවින්
අනිකුත් ශාසනවල පැවිද්දන් නොමැත. මෙම භික්‍ෂූන් නිසිලෙස පැවැතෙන්නේ නම්
ලෝකයේ ධර්මය අවබෝධ කර ගත් රහතන් වහන්සේ නොමැති නොවන්නේය යි
භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
මහා පරිනිර්වාණයෙන් පසු මල්ල රජදරුවන් විවිධ සුගන්ධයන් එක් රැස් කර,
මල් මාලා සහිතව චිතකයක් තනා එසේ දින හයක් පුද පූජා පවත්වා චිතකයට
ගිනිදැල් වූ නමුත් ගිනි නොගත්තේ ය. එවිට අනුරුද්ධ රහතන් වහන්සේගෙන්
මල්ල රජදරුවන් මෙයට හේතුව විමසූ අතර එම ආදාහන පූජෝත්සවයට මහකස්සප මහ
රහතන් වහන්සේ භික්‍ෂු සංඝයා සමඟ පාවා නුවර සිට කුසිනාරාමට වඩිමින්
සිටින බැවින් එම රහතන් වහන්සේ වැඩීමෙන් අනතුරුව පමණක් චිතකය ගිනි
ඇවිලෙන බැව් පැවසූ සේක.
එම රහතන් වහන්සේ සපැමිණි පසු ඇති විශාල රමණීය පෙරහරකින්, නගරයේ
නැගෙනහිර දිසාවේ රජුන්ට ඔටුනු පළඳවන ස්ථානයේ මකුට බන්ධන ශ්‍රී දේහය
තැන්පත් කර ආදාහන පූජෝත්සවය පවත්වන ලදී.
ඉක්බිතිව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේ තම තමනට අයත් යැයි
මගධ දේශයේ රජවරු කලහ කර ගැනීමක් ඇරඹුණි. මල්ල රජදරුවන් ශ්‍රී ධාතූන්
වහන්සේ සිය රාජ්‍ය සභාවේ තැන්පත් කර එයට ඉදිරියෙන් ආරක්‍ෂාව සඳහා උල්
ආයුධවලින් කරකැවෙන ආවරණයක් තනා දුනු ඊතල සහිත ආරක්‍ෂා වැටක්ද ගොඩනගන
ලදී. එසේ සිදු කර සංගීත, නාට්‍ය, සුවඳ දුම් මල් මාලා වලින් පූජෝත්සවයක්
පැවැත්වූහ. එවිට දෝණ බ‍්‍රාහ්මණයා එම කලහකාරී රජදරුවන් අමතා “මෙසේ කලහ
කිරීම නුසුදුසු ය, භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ අන්දමට අප සියලු
දෙනාගේ වන්දනාමානය සඳහා සතර දිග් භාගයේ එම ශ්‍රී ධාතූන්වහන්සේ නිදන් කර
ස්තූප ගොඩ නගමු යැයි පවසා එක්තරා භාජනයකින් ශ්‍රී ධාතූන් වහන්සේලා බෙදා
වෙන්කර එම රජදරුවන් අතර සාමකාමීව බෙදා දෙන ලදී.
මෙසේ ශ්‍රී ධාතූන් වහන්සේ තැන්පත් කර ස්තූප තැනීමට ශ්‍රී ධාතූන්
වහන්සේලා ලැබුණු රජදරුවන් මෙසේ ය. මගධ රාජ්‍යයේ අජාසත්ත රජ, විශාල
මහනුවර ලිච්චවීන්, කපිල වස්තුවේ ශාක්‍යයන්, අල්ලප්පක බූලියන්,
රාමශ‍්‍රාම කෝලියන් ෙච්ත දූපතේ බ‍්‍රාහ්මණයා, පාවාවේ මල්ලයෝ, උටලි
අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ තම රාජධානියේම පිරිනිවන් පෑ බැවින් ශ්‍රී
ධාතූන් වහන්සේලා අයිතිය තමනට පමණක් බැව් කියමින් කලහ කලහ. සහ නාගප‍්‍රර
නාගයන්ට යන අයට ශ්‍රී ධාතූන් වහන්සේ කොටස් අටකට වෙන් කර බෙදා දෙන ලදී.
ඉන් පසු දෝණ බ‍්‍රාහ්මණයා රජ දරුවන් මෙසේ බෙදීමට යොදා ගත් භාජනය මට
දෙන්න යැයි පැවසූ අතර ඔහුට එය ලැබී එය නිදන් කර ඔහු විසින් ද ස්තූපයක්
තනන ලදී. පිප්පලි වනයේ (රජගහ) මෝරිය රජ දරුවනට භාග්‍යවතුන් වහන්සේගේ
පිරිනිවන් පෑම දැනගැනීමට හැකි වූයේ සියලු කාර්යයන් අවසන් වූ විටය.
ඔවූන්ද පැමිණ ශ්‍රී ධාතූන් වහන්සේලා ඉල්ලා සිටිය මුත් සියල්ල බෙදා
අවසන් වූ බැවින් ඔවුන් ලැබුවෝ චිතකයේ අළු පමණි. ඔවුන්ද එම අළු නිදන් කර
ස්තූපයක් තනන ලදී.
මගධ රාජ්‍යයේ අජාසත්ත විදේහ පුත්ත රජු පළමු ස්තූපය ගොඩ නැඟූ අතර
අනිකුත් රජදරුවන් විසින් ද එසේ සිදුකරන ලදී. දැනට කුසිනාර නම්
මකුටබන්ධන චෛත්‍යයට (නටබුන් පමණි) ආසන්නව ස්තූප ප‍්‍රදක්‍ෂිණ පථයට මදක්
පහතින් කොටුවක් තුළ එම ස්තූප අටේ අනුරූ වල අත්තිවාරම් ඇත. මෙම පොදු
බිම් වල සියලු ස්තූප කි‍්‍ර.ව. 12 වැනි සියවස භාරතය ආක‍්‍රමණය කළ
ඇප්ගනීස්ථානයේ මොහොමඩ් ගෝර් නැමැති මුස්ලිම් ආක‍්‍රමණිකයා විසින් විනාශ
කර ඇත. දැනට අවුරුදු කිහිපයකට පෙර ඇප්ගනිස්ථානයේ බාමියන් බුද්ධ
ප‍්‍රතිමාවන් ද අන්‍ය ආගමික දැඩිමතධාරීහු විනාශ කළෝ ය. |