ගෝත්ර මදය
ශාස්ත්‍රපති, මීගස්තැන්නේ රතනජෝති හිමි
අභිධර්මයේ “ගොත්ත” නමින් වෙනම මදයක් දක්වා තිබුණත් සූත‍්‍ර පාලියේ ඒ
තරමටම එම වචනය භාවිතා වී නොමැත. කුල ගෝත‍්‍ර යන්න සිංහල භාවිතයේ දී
යුගල පදයක් ලෙස භාවිතාකොට තිබුණත් පෙළේ ‘කුලවංස යන්න තනි පදයක් හැටියට
යොදා තිබේ. (කුලවංසො චිරං ඨස්සති සිඟාලෝවාද සූත‍්‍රය)
බ‍්‍රාහ්මණ, ක්ෂතී‍්‍රය, වෛශ්‍ය, ක්‍ෂුද්‍ර යන සිව් කුලයටම ගෝත‍්‍රයක්
ඇත. ක්ෂති‍්‍රකයා මම කොණ්ඩඤ්ඤ ගෝති‍්‍රකයෙක්මි, මම ආදිච්ච
ගෝත‍්‍රිකයෙක්මි යි මානය ඇති කරගනී බ‍්‍රාහ්මණ වංශිකයාද මම කාශ්‍යප
ගොති‍්‍රකයෙක්මි මම භාරද්වාජ ගොති‍්‍රකයෙක්මි මානය ඇතිකරගනී.වෛශ්‍ය,
ක්‍ෂුද්‍ර වංශිකයෝද මේ ආකාරයටම තම තමන්ගේ කුලගෝත‍්‍ර නිසා මානය ඇති
කරගනිති. මේ සිව්කුලයේම අය තම මානය උපදවා ගැනීමට උපයෝගී කරගන්නා එක්
පොදු මිම්මක් නම් මම පරම්පරාවෙන් ශස්ති‍්‍රකයෙක්මි අසවලා පසුව
ක්ෂති‍්‍රයකු වූ අයෙකියි තමාගේ පැරැණි භාවය ප‍්‍රකාශ කිරීමයි. ඒ හැර
වෙනත් ප‍්‍රබල විශේෂත්වයක් දක්වා නැත. මෙයින් දැක්වෙන එක් අදහසක් නම්
ප‍්‍රධාන කුලයක් තුළ ඇති කුඩා ප‍්‍රභේදයක් ගෝත‍්‍ර යන්නෙන් හඳුන්වන්නට
ඇති බවයි.
බමුණු බෙදීම්වලට අනුව වෛශ්‍ය, ක්‍ෂුද්‍ර, විශේෂයෙන් ශුද්‍ර වංශිකයින්
පහත්ගොඩට ඇද දැමූවද තමන්ගේ වංශය පිළිබඳ අභිමානයක් පහත් යයි සම්මත
කුලවලට ද තිබුණු බව පෙනේ. එහිදීද පෞරාණිකත්වය විශේෂ සුදුසුකමක් සේ
සලකන්නට ඇති බව පෙනේ. තමන් විසින්ම තමන්ගේ කුලය පහත්කොට සිතීමක්
කවදාවත් සිදු නොවේ.
අනෙක් ක්ෂති‍්‍රයයෝ මාසේ නොවෙති. මා පමණක් පරපුරෙන් ක්‍ෂති‍්‍රයෙක්මියි
ඇති කරගන්නා කෘතිය තුළ දක්නට ලැබෙන්නේ අතරමඟදී ලැබෙන උරුමයට වඩා
පරම්පරාවෙන් හිමිවන උරුමය අයිතිය ප‍්‍රබල බවයි. අසවලා සමඟ විවාහ වූ
නිසා හේ අසවලාගේ ඇසුර නිසා එසේත් නැත්නම් ලැබෙන්නට යන විශාල මුදල්
ප‍්‍රමාණය දෙස බලා ඔව්හු පසුව බෞද්ධ වූවෝ ය. අපි පරම්පරාවෙන්ම බෞද්ධයෝ
වෙමුයි කියන අය අද ද සිටිති. එපමණක් නොව අපේ පරපුරට ගුරුවරු අපේ පරපුරම
නීතීඥවරු අපේ පරපුර බැංකු නිලධාරීන්, අසවල් අය මේ ඊයේ පෙරේදා ඔය
තත්ත්වයන් ලබාගත් අයයි. ආදී වශයෙන් උගත් නූගත් කා තුළත් මෙවැනි මත අඩු
වැඩි වශයෙන් කි‍්‍රයාත්මක වෙයි. මෙසේ ඇතිවන ගෝත‍්‍ර මදය ක්‍ෂති‍්‍රයාදී
සතර වර්ණිකයන් තුළම ඇති බව අටුවාව කියයි. අනෙක් ක්‍ෂති‍්‍රයයෝ මා සේ
නොවෙති. ඔවුන් පසුව ක්‍ෂති‍්‍රය වූ අයයි. මා පමණක් පරපුරෙන්
ක්‍ෂති‍්‍රය වූවෙක්මියි. ඔහු මානය ඇති කරගන්නා ආකාරයටම බ‍්‍රාහ්මණ
වෛශ්‍ය ක්‍ෂුද්‍රයෝද සිතති.
බුද්ධ කාලයට හෝ ඊට පෙර “ගොත්ත” නාමයෙන් හැඳින් වූ පුද්ගලයන් හා අද
ගෝති‍්‍රකයන් අතර විශාල පරතරයක් තිබෙන බව පෙනේ. අද අපි‍්‍රකානු රටවල්
ඉන්දියාවේ ඇතැම් ප‍්‍රාන්තවලත් ගෝත‍්‍ර පදනම් කොටගත් බෙදීම් දක්නට ඇත.
ඉතා දුක්ඛිත ජීවිත ගත කරන මොවුන්ගේ බෙදීම් හේතු කොටගෙන ඉතා සුළු
විදේශිකයන් පිරිසකට මෙම රටවල් යටත්කොට ගෙන පාලනය කිරීමට හැකියාව ලැබී
ඇත. අටුවාව දක්වන ආකාරයට තමන්ගේ පැරැණි භාවය ප‍්‍රකාශ කරමින් මත්වීම
මෙවැනි බෙදීම්වලට හේතු වන්නට ඇත. අද දක්වාත් ඉන්දියාවේ ‘පංචම’ නම්න්
හඳුන්වන පිරිස අන්ත අසරණ භාවයෙහි ගිලී සිටින්නේ ය. නමුත් එදා ගෞතම
ගෝත‍්‍ර හෝ භාරද්වාජ ගෝත‍්‍ර නමින් හැඳින් වූ පිරිස එසේ දුක්ඛිත අසරණ
තත්ත්වයට පත්ව සිටි බවක් නොපෙනේ.
බලංගොඩ ආනන්ද මෛති‍්‍රය මහා නා හිමියෝ තම බුද්ධචරිතය පොතෙහි ශාක්‍යයන්
ගෞතම ගෝත‍්‍රයෙහි වූ බවත් (ගෝත්තේන ගෝතමො) එබැවින් සමහර විටක පෙළ පතේ
නමද ඔවුන් ව්‍යවහාර කළ බවත් පවසති. බෝසතාණන්ට ද ආනන්ද හාමුදුරුවන්ට ද
ගෝතම යන නම ව්‍යවහාර කළ බවත් එහිම පැවසේ.
බ‍්‍රාහ්මණයන්ම ශ්‍රේෂ්ඨ යැයි උඩඟුව සිටි ජටිල බමුණකුට සිවුසස් දහම් හා
නව ලොව්තුරා දහම් පසක් කළ තැනැත්තාම බ‍්‍රාහ්මණ වන බවත්, ගෝත‍්‍රවාදය
අර්ථශූන්‍ය බවත් දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ
න ජටාහි න ගොත්තේන
න ජච්චා හෝති බ‍්‍රහ්මණො
යම්හි සච්චං ච ධම්මොච
සෝ සුචී සෝ ච බ‍්‍රාහ්මණො (ධ.ප. බ‍්‍රාහ්මණ වග්ගය)
වර්ණ භේදය, කුල භේදය වැනි මාතෘකා පිළිබඳ විවිධ විචාරාත්මක ලිපි ලේඛන පළ
වී තිබුණත් සත්විසිමද තුලට ‘වණ්ණ කුල’ යන දෙක මදයක් හැටියට ඇතුළත් වී
නැත. වණ්ණමද නමින් සත් විසි මද අතර ඇත්තේ ශරීර වර්ණය පැහැය අනුව ඇති
කරන් මානයයි. (12 මදය) චතුර්වර්ණ පිළිබඳ විස්තර කරන තැන්වල කිසිම උස්
පහත් භේදයක් නැතුව වණ්ණ හෝ වර්ණ ශබ්දය යොදා ඇත්තේ එයින් ශරීර පැහැය
අදහස් නොකළ නිසා විය හැකි ය. නමුත් ඉන්දියාවේ කුලවාදයේ ආරම්භය ශරීර
වර්ණය පදනම් කරගෙන බිහි වූ බව සිතීමට අනුබල දෙන සාධක ඇත. බුදුරජාණන්
වහන්සේ පවු පින් හැඳින්වීමට කණ්හ සුක්ක (කළු - සුදු) යන වචන භාවිතා
කළහ.
“කණ්හං ධම්මං විප්පහාය
සුක්කං භාවෙථ පණ්ඩිතො
ඒ අනුව පව් කිරීමෙන් දුර්වර්ණ වී උපදින බවත් පින් කිරීමෙන් පැහැපත්ව
උපදින බවත් ඉන්දියානුවන් සිතන්නට ඇත. භික්‍ෂූන් වහන්සේ දානානිශංස
ප‍්‍රකාශ කරන අවස්ථාවලදී දායකයාට ලැබෙන පංචානිශංස අතරට වර්ණයද ඇතුළත්
කර ඇත. ඒ සමඟම වර්ණයෙන් හා රූපයෙන් පමණක් පුද්ගලයින් හඳුනා ගැනීම අපහසු
බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
“ න වණ්ණ රූපෙන නරො සුජානො (ස.නි. සත්තජටිල සුත්ත)
කවුරු පිළිගත්තත් නැතත්, වර්තමාන ලාංකික සමාජමය පරිහානිය දෙස බලන කල
පෙනෙන්නේ ආගම් වශයෙන් හෝ පක්‍ෂ වශයෙන් මත්වීම, බෙදීමට මූලික වූ බවය.
එසේ මත් වූ විට යථාර්ථය නොපෙනෙයි. බෙදීම ඉතිහාසයේ දක්වා ඇත්තේ
ගෝති‍්‍රක ලක්‍ෂණයක් ලෙස නම්, එතැන මිලේච්ඡත්වයද ඇති බව තේරුම් ගත
යුතු ය. |