පාලි භාෂාව ඉගෙන ගනිමු
			දොඩම්පේ අධිකාරිය, ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ, ප්‍රධානාචාර්ය
			 
			විශ්‍රාම ලත් විදුහල්පති, සාම විනිසුරු
			සෝමසිරි නාවලගේ 
			
			 
			පුරුෂත‍්‍රයට අයත් කි‍්‍රයාපද වර්තමාන අතීත හෙවත් අජ්ජතනී යන කාල දෙකට 
			වර නැඟෙන අයුරු අප මීට ප‍්‍රථම දක්වන ලදී. අද අපි ආඛ්‍යාත පදයක් අනාගත 
			කාලයට වර නැඟෙන ආකාරය විමසා බලමු. අනාගත කාල කි‍්‍රයා පද යනු මෙතෙක් 
			නොපැමිණි ඉදිරි කාලයේදී සිදුවන බව අඟවන කි‍්‍රයාපදය. පාලි ව්‍යාකරණයේදී 
			අනාගත කාල කි‍්‍රයාපද ‘භවිස්සන්ති’ විභක්ති නමින් හැඳින්වේ. 
			අනාගත කාලය අඟවන වෙනම රූපයක් සිංහල භාෂාවේ නැති නමුත් පාලි භාෂාවේ 
			වර්තමාන කාලික ප‍්‍රථම පුරුෂ කි‍්‍රයා පදයෙක ධාතු ප‍්‍රකෘතියත් ඒක වචන 
			හෝ බහුවචන රූපයත් අතරට “ඉස්ස” යන රූපය යෙදීමෙන් අනාගත කාලික කි‍්‍රයා 
			පදය සාදා ගත හැකිය. 
			පඨමා පුරිස, මජ්ක්‍ධිම පුරිස, යන දෙකට “ඉස්ස” යන රූපය එකතු කළ යුතු අතර 
			උත්තම පුරිස කි‍්‍රයා පදයෙක ධාතු ප‍්‍රකෘතිය අගට එකතු කළ යුතු වන්නේ 
			“ඉස්සා” යන රූපයයි. උදාහරණයක් ලෙස ධාවති (දුවයි) යන කි‍්‍රයා පදය ගෙන 
			බලමු. 
			ධාවති යන කි‍්‍රයා පදයේ ධාතු ප‍්‍රකෘතිය “ ධාව“ යන්නයි. ධාව යන පදයට 
			“ඉස්ස” යන රූපය එකතු කළ විට ධාව + ඉස්ස යනුවෙන් සිටී. ප‍්‍රථම පුරුෂ 
			වර්තමාන කාල ඒකවචන රූපය (ති) එකතු කළ විට ධාව + ඉස්ස + ති (ධාව + 
			ඉස්සති) යනුවෙන් සිටී. ධාව + ඉස්සති යන පද දෙකේ මුල පදයේ අග ඇති “අ” 
			කාරය හෙවත් පූර්ව ස්වරය ලෝපයෙන් ධාව් (අ) + ඉස්සති යන්න ධාව් + ඉස්සති 
			වේ. එම පද දෙක සන්ධි කළ විට ධාවිස්සති (දුවන්නේය) යන අනාගත කාල ප‍්‍රථම 
			පුරුෂ ඒක වචන කි‍්‍රයා පදය සැදේ.මෙහි බහු වචනය ධාව + ඉස්සන්ති , 
			ධාව්(අ) + ඉස්සන්ති පූර්ව ස්වර ලෝපයෙන් ධාවිස්සන්ති (දුවන්නෝය) යන 
			අනාගත කාල බහු වචන පදය සෑදේ. 
			ධාව“ යන ධාතු ප‍්‍රකෘතියෙන් අනාගත කාල උත්තම පුරුෂ ඒක වචන හා බහුවචන 
			ආඛ්‍යාත පද සෑදෙන්නේ මෙසේය. ධාව + ඉස්සාමි (ධාවිස්සාමි) දුවන්නෙමි. ධාව 
			+ ඉස්සාම (ධාවිස්සාම) දුවන්නෙමු. යන ආකාරයෙනි. 
			“ධාව“ යන ධාතු ප‍්‍රකෘතිය පුරුෂත‍්‍රයට අනාගත කාලයෙහි මෙසේ වර නැගේ. 
			පුරුෂය                                          ඒක වචන                                    බහු වචන 
			පඨමා පුරිස                                 ධාවිස්සති (දුවන්නේය)             ධාවිස්සන්ති (දුවන්නෝය) 
			මජ්ක්‍ධිම පුරිස                           ධාවිස්සසි (දුවන්නෙහි)               ධාවිස්සථ (දුවන්නහු) 
			උත්තම පුරිස                              ධාවිස්සාමි (දුවන්නෙමි)              ධාවිස්සාම (දුවන්නෙමු) 
			මේ අනුව පහත දැක්වෙන වර්තමාන කාල සරල වාක්‍ය කීපය අනාගත කාලයෙන් 
			දක්වමු. 
			1. හෙතෙම විහාරයට යයි. 
			2.ඔව්හු විහාරයට යති. 
			3. නුඹ ගමට යහි. 
			4. තෙපි ගමට යහු. 
			5. මම ගෙදර යමි. 
			6.අපි ගෙදර යමු. 
			 
			මේ වැකිවල අනාගත කාලය පිළිවෙළින් මෙසේය. 
			1. සො විහාරං ගමිස්සති 
			2. තෙ විහාරං ගමිස්සන්ති 
			3. ත්වං ගාමං ගමිස්සසි. 
			4. තුම්හෙ ගාමං ගමිස්සථ . 
			5. අහං ගෙහං ගමිස්සාමි. 
			6. මයං ගෙහං ගමිස්සාම 
			මේ වැකි කෙරේද අවධානය යොමු කරන්න. මය්හං මාතා සෙතානි උත්පලානි 
			ඕචිනිත්වා සුවේ පාතෝව විහාරං ගමිස්සති. (මගේ මව සුදු මානෙල් මල් නෙළා 
			එක් රැස් කොට ගෙන හෙට උදයේම විහාරයට යන්නීය) 
			ආචරියො සිස්සානං ඕවාදං දදිස්සති (දස්සති) 
			ආචාර්ය වරයා සිසුනට අවවාද දෙන්නේ ය.  |