කතරගම කිරිවෙහෙරේ පෝදා පින්කම් රැසක්
			
			කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී නිකිණි පෝදා පින්කම් රැසක් ඌව 
			විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම් පත්තුවේ ප‍්‍රධාන සංඝනායක කතරගම 
			කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත 
			නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.  
			මෙදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම , මල් පහන් ගිලන්පස 
			කිරිපිඬු පූජාව හා ෂඩ්වර්ණ සාටකයක් ශබ්ද පූජා මධ්‍යයේ කිරිවෙහෙර දාගැබ 
			වටා පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ. 
			මහාසෝෂපුර බෞද්ධ සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයට 
			පැමිණීමෙන් අනතුරුව දුටුගැමුණු ධර්ම ශාලාවේදී උදෑසන ධර්ම දේශනාව 
			කිරිවෙහෙර රාජ මහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් පවත්වනු 
			ලැබේ. මහාසේන සිල් සමිතියේ උපාසක උපාසිකාවන් මල් පෙරහර කින් කිරිවෙහෙර 
			රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් බෝධීන් 
			වහන්සේට මල් පහන් පූජා කර සුවඳ පැණින් නහවා බෝධිපූජාව පැවැත්වේ. 
			පහන් දස දහසක ආලෝක පූජාව කිරිවෙහෙර 3 ව මලුව අබියස පැවැත්වීමෙන් 
			අනතුරුව විහාරස්ථ ධර්ම ශාලාවේ සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්මදේශනාව 
			පැවැත්වේ. 
			කතරගම තරුණ බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය සංඝමිත්තා කුළඟන සමිතිය 
			ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය 
			කර ඇත. 
			ඊ.එච්.සෝමපාල කතරගම විශේෂ 
			 |