මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ
			වැඩිහිටි සීල සමාදාන පින්කම
			
			 
			මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් 
			නිකිණි පෝදා දවස පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. 
			එදින(28) පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව තිරිකුණාමලේ ආනන්ද 
			අනුනාහිමි. 8 - 9 භාවනා වැඩසටහන මෙහෙයවීම කිරින්දේ සද්ධානුසාරී හිමි. 9 
			- 10 දහම් දෙසුම කළුතර ජිනාරාම නාහිමි, 10 - 11 අභිධර්ම කථාව පියදාස 
			මුතුගම මහතා . 11 බුද්ධ පූජාව මෙහෙයවීම පාදුක්කේ සුජිත හිමි. පස්වරු 
			12.25 - 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා 
			තෙරුවන් ගුණ ගම්පහ ඤාණාවාස හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව වැලිමඩ පසන්නමානස 
			හිමි. 2 - 3 දහම් දෙසුම අලුත්ගම විපුලඤාණ හිමි. 3 - 3.45 දහම් දෙසුම 
			වැලිගම ඤාණරතන මහ නාහිමි. 4 - 4.45 අනුශාසනය පාණදුරේ පසන්න හිමි, 4.45 
			- 6 දහම් දෙසුම ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක නාහිමි. 6 - 6.30 බෝධි 
			පූජාව මෙහෙයවීම මහඔය අනුරුද්ධ හිමි. 
			 |