කොරියාවේ බුදු දහම
යුනෙස්කෝ - ශ්‍රී ලංකා
සංස්කෘතික ති‍්‍රකෝණයේ හිටපු අධ්යක්ෂ,
ශ්‍රී ජයවර්ධනපුර
විශ්ව විද්‍යාලයේ
හිටපු උප කුලපති,
ප‍්‍රංශයේ හිටපු
ශ්‍රී ලංකා තානාපති
කොරියාවේ ඩොංගුක් බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපදේශක
මහාචාර්ය
ඇස්. බී.
හෙට්ටිආරච්චි
කොරියාවේ හා ලංකාවේ බුදුදහම අතර දැකිය හැකි සම විසමතා මොනවාද?
මූලික බුදුදහමේ සම්ප‍්‍රදායන් දෙකක් තියෙනවා. මහායාන හා ථෙරවාදි කියලා.
ඒ අනුව ලංකාව ථෙරවාදි රටක්.බුරුමය, තායිලන්තය, කාම්බෝජය,ලාඕසය වැනි
රටවල් ථෙරවාදි බෞද්ධ රටවල් , කොරියාව, චීනය, ජපානය, මොංගොලියාව වගේ
රටවල් මහායාන රටවල්.
සිදුහත් බෝසත් පිළිමය නෑවීමේ කොරියානු බොදු සිරිත |
භික්ෂූන්ට ඇති ප‍්‍රධානම වැදගත් දෙයක් තමයි උපසම්පදා කර්මය. ඒ උපසම්පදා
කර්මය ආදී බුදුසමයට අනුව ලංකාවේ සිද්ධ වෙනවා. එහි සීමා කර්ම දෙකක්
තියෙනවා. පළවෙනි එක ථලුජ , ගොඩබිම් ප‍්‍රදේශයක සිට උපසම්පදා කර්මය කරන
එක දෙවෙනි එක උදකුකේප සීමාව, එය ඉතා පිරිසිදුව සීමාකර්මය ලෙස
හඳුන්වනවා. එයින් ථලජ සීමාව නරක යැයි අදහස් කරන්නේ නෑ. ඒත් එහි යම් යම්
අඩුපාඩු තියෙනවා. උදකුක්ඛේප සීමා කර්මය ථෙරවාදි රටවලට ආවේනික වූවක්,
සාමාන්‍යයෙන් කොරියාවේ මෙවැනි උපසම්පදා කර්මයක් කරන්නේ නෑ.
අපේ තියෙනවා චතුක්කවාචික උපසම්පදා කියලා එකක්. ඒ හාමුදුරුවරුන් එකතුවෙලා
උපසම්පදා කරන ක‍්‍රමය භික්ෂුණීන් වහන්සේලාට අට්ඨවාසික උපසම්පදා කර්මය
කරනවා. භික්ෂූන් වහන්සේලා ගෙන් උපසම්පදා වෙලා භික්ෂූනීන්
වහන්සේලාගෙනුත් උපසම්පදාව ලබා ගන්නවා. භික්ෂුනින් වහන්සේලා එකළොස් නමක්
මේ සඳහා අවශ්‍යයයි. භික්ෂූණීන් වහන්සේලා ලංකාවේ නෑ කියලා තර්කයක්
ගොඩනඟන්නේ ඔය විදිහටනේ. නමුත් ලංකාවේ නියම උපසම්පදා භික්ෂූන් වැඩ
සිටිනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒත් උපසම්පදා භික්ෂුව කිකිළියක්
බිත්තර රකිනවා වගේ උපසම්පදා ශීලය ආරක්ෂා කරගන්න ඕන. විශේෂයෙන්ම
පාරාජිකා 4 ක් තියෙනවා. ඒ 4 න් මොනම දේකට හෝ භික්ෂුවක් ගොදුරු වුණොත්,
විනය පිටකයේ පැහැදිලිවම කියන ආකාරයට සරණාගමනය බිඳෙනවා. භික්ෂූත්වය
නැතිවෙනවා. ඔය බව මනාව ;ත්රුම් ගත් ශික්ෂාකාමී භික්ෂූන් විශාල පිරිසක්
අපේ රටේ ඉන්නවා.
දැන් කොරියාව වගේ රටක මේ සතර පාරාජිකා කියන ඒවා ගැන කිසිඳු සැලකිල්ලක්
නෑ. ඒ කියන්නේ කසාද බඳින හාමුදුරුවරුන් ඉන්නවා. එහි ප‍්‍රධාන නිකාය
චෝග්‍ය නිකායත විශාල භික්ෂූන් පිරිසක් සිටින රටේ තියෙන පන්සල් වැඩි
ගණනක් අයත් වන්නේත් චෝග්‍ය නිකායට. මේ නිකාය අපේ රටේ වනවාසී නිකායට
සමානකම් තියෙනවා. මේ නිකායේ හැර අනෙක් නිකාය වල හාමුදුරුවරුන් විවාහ
වෙනවා. එතකොට විවාහ වුණොත් අපි දන්නවා භික්ෂුවක් මේතුන් ධම්ම කියන
පාරාජිකාවට හසු වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අඩුම ගානේ
බැල්ලියක් සමග සංවාසයේ යෙදුනත් මෙයට හසුවෙනවා කියලා.
ඉතින් ඕක මං එහේ ඉන්න යම් යම් හාමුදුරුවරුන් ගෙන් අහලා බැලූවහම ඒ අය
ඕකට හොඳ විග‍්‍රහයක් සපයනවා, ඒ මොකක්ද? හැම කෙනෙක්ම බෝධි සත්ත්වයෙක්.
බෝධි සත්ත්වයෙකුගේ කාර්ය විය යුත්තේ කුමක්ද? කෙනකුට උදව් කරන එක අර
විවාහ වීම මගිනුත් මේ අය කරන්නේ යම් උදව්වක් උපකාරයක් කරන එකලු. ඕක
තමයි ඔවුන් දෙන අර්ථකථනය. ඒ අර්ථකථනය මුල් බුදුසමයට කොතරම් දුරට එකඟද
කියන එක වෙනමම ප‍්‍රශ්නයක්
හතර පාරාජිකා වෙන් වෙන්වී සිටිනවා කියන විශ්වාසය මත අපි භික්ෂූන්
වහන්සේලාට වඳිනවා. එතකොට කොරියාව වගේ රටක ථෙරවාදී බෞද්ධයින් ලෙස එහේ
භික්ෂූන් දෙස බලන්නේ කෙසේද යන්න බරපතළ ප‍්‍රශ්නයක්. නමුත් ඒක ඒ රටේ
ජනතාවට ගැටලුවක් නෙවෙයි. මොකද ඒ අය හැඩ ගැසිලා තියෙන්නේ ඒ සම්ප‍්‍රදාය
අනුව. දැන් එහේ හාමුදුරුවන් විවාහ වෙනවා. අඹුදරුවන් රකිනවා
.ප‍්‍රසිද්ධියේම දුම්පානය කරනවා ප‍්‍රසිද්ධියේම මධුවිත පානය කරනවා.
රාති‍්‍රයේ ආහාර ගන්නවා. චෝග්‍ය නිකායේ භික්ෂූන් රාති‍්‍රයට ආහාර
ගත්තත් මධුවිත පානය ඔවුන් අතර එතරම් ජනපි‍්‍රය නෑ.
එළියට බහින්න බැරි හීතල දවසක උනත් හිම උඩින් ගිහිල්ලා කොරියාවේ
හාමුදුවරුන් දවසකට තුන් වරක් බුදුන් වඳිනවා. ඒක නොවරදවා ඔවුන් කරනවා.
කොරියානු බෞද්ධයින් බුදුදහමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
ප‍්‍රධාන වශයෙන් එහේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ පන්සලෙන් ඔවුන්ට
ලැබෙන සේවයයි. සමාජ සේවය මෙහි ඉතා අගය කරනවා. දැන් චෝග්‍ය නිකාය මගින්
පවත්වාගෙන යන රෝහල් තියෙනවා. සමාජ සේවයක් හැටියට තමයි ඒවා පවත්වා ගෙන
යන්නේ. ලංකාවේ රජයේ රෝහල් වගේ ඒවා අකාර්යක්ෂම නෑ. ලංකාවේ හොඳම
පෞද්ගලික රෝහල් වලටත් වඩා හොඳට නඩත්තු කරන රෝහල් තියෙනවා. ඒ වගේම ඒ
නිකාය වලට අදාළ විශ්වවිද්‍යාලත් තියෙනවා. ඩොංගුත් කියන විශ්වවිද්‍යාලය
කොරියාවේ තියෙන විශ්වවිද්‍යාල වලින් හොඳම එකක්. එය නඩත්තු කරන්නේ මේ
චෝග්‍ය නිකායෙන්. මමත් මේ විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කරනවා. මෙහි
උගන්වන්නේ බුදුදහම විතරක් නොවෙයි. වෛද්‍යවිද්‍යාව, තාක්ෂණය, භාෂාව වැනි
දේත් බෞද්ධ පරිසරයක් තුළ මෙහි උගන්වනවා. අපි හිතාගෙන ඉන්නවා අපේ
විශ්වවිද්‍යාල තමයි හොඳම විශ්වවිද්‍යාල, සියලුම පහසුකම් තියෙන හොඳටම
බුද්ධධර්මය උගන්වන, හොඳම ආචාර්යවරු සිටින කියලා නමුත් ඒක අමූලික
බොරුවක්. ඒ රටේ විශ්වවිද්‍යාලයක නොවෙයි. සාමාන්‍ය කොලීජියක තියෙන
පහසුකම් අපේ මේ ජාතික විශ්වවිද්‍යාලවල නෑ.
ඒවගේම ලංකාවේ වගේ දහම් පාසල් ක‍්‍රමයකුත් කොරියාවේ පන්සල් වල
කි‍්‍රයාත්මක වෙනවා. ඒ ඉරිදාට නොවෙයි දවසේ සවස් කාලයේ තමයි තියෙන්නේ.
දහම් පාසැලට තරුණ තරුණියන් විතරක් නොවෙයි වැඩිහිටියනුත් සහභාගි වෙනවා.
ඒ සියලු දෙනාටම අවසානයේ රාතී‍්‍ර ආහාරය පන්සලෙන් දෙනවා.
පන්සල ආශ‍්‍රය කරගෙන විශ්වවිද්‍යාල , රෝහල් වැඩිහිටියන් නඩත්තු කරන
තැන්, ළමයින් බලාගන්න තැන් මාතෘධාරකාභිවෘද්ධි මධ්‍යස්ථාන හා වෙනත් සමාජ
සුභසාධන මධ්‍යස්ථාන රැසක් කි‍්‍රයාත්මක වෙනවා. මේ සියල්ල සාර්ථකව
ඉටුවෙනවා. එහේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ දේවල්. නැතුව ඒ
මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ. හාමුදුරුවෝ සිල් රකිනවද නැද්ද? වගේ
දේවල්. කොරියානු බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම,
පිරිනිවන් පෑම යන තෙමඟුල එකම දිනයේ සිදු වූ බවට පිළිගන්නේ නෑ නේද?, එයට
හේතුව කුමක්ද?
ගණන් හදලා බැලුවහම සිද්ධාර්ථ කුමාරයා, ඉපදුනේ වෙසක් මාසේ පුර
පසළොස්වකදා කියන එක ලෝකයේ කවුරුත් පිළිගන්නවා. නමුත් කොරියානුවන් ගණන්
හදන විදිහට අවු.35 දී සිදු වූ බුදු වීම වෙසක් මාසයට එන්නෙ නෑ. තවත් අවු
. 45 ක් එතැන් සිට උන්වහන්සේ ජීවත් වුණා. අවු. 80 දී පිරිණිවන් පෑම
සිදුවුණා. නමුත් අවු. 80 දී සිදු වූණයි කියලා කියන ඒ පිරිනිවන් පෑම
ඔවුන්ට අනුව වෙසක් මාසයට වැටෙන්නේ නෑ. වෙනත් මාසයකට එකක් වැටෙන්නේ ඒ
නිසයි බුදු තෙමඟුල එකම මාසයේ සිදු වුණේ නෑ කියලා ඔවුන් කියන්නේ, ඔවුන්ට
අනුව වෙසක් මාසයේ සිදු වුණේ සිද්ධාර්ථ කුමාරයාගේ උත්පත්තිය විතරයි. ඒ
අනුව ඔවුන් එය සමරනවා.
ඒ අය කොහොමද එය සමරන්නේ?
ඒකහරි ලස්සනට පවත්වන උත්සවයක්, මාසයකට දෙකකට පෙරතමයි ඔවුන් ඊට ලැහැස්ති
වෙන්නේ, විශේෂ කෑම ජාති හදනවා, පන්සලත් ඒ අවටත් හරි ලස්සනට සරසනවා.
බුදුහාමුදුරුවන්ගේ නොවෙයි සිද්ධාර්ථ කුමාරයාගේ ජන්මෝත්සවයයි සමරන්නේ.
ඔවුන් ඒ වෙනස හොඳට සලකනවා සිද්ධාර්ථ කුමාරයා කියලා කියන්නේ
මනුෂ්‍යයෙක්නේ. අනිත් කුමාරවරුන්ට වඩා වෙනස්කම් තියෙන එක ඇත්ත, නමුත්
මනුෂ්‍යයකුගේ උපන්දින උත්සවයක් වගේ තමයි එය සමරන්නේ. එහිදී හැම දෙනාටම
හොඳට කන්න දෙනවා. පන්සලේදීම මධුවිතත් දෙනවා. ඒවගේම හොඳම වාදක කණ්ඩායම්,
නැටුම් කණ්ඩායම් ගෙනල්ලා හොඳට කාල බීලා නටලා උපන්දිය සමරනවා. ඒක තමයි
ඔවුන්ට අනුව වෙනස්.
බුදුවීම, පිරිනිවන් පෑම සිදුවන දවස් දෙක සැමරිය යුතු දේවල් හැටියට
ඔවුන් සලකන්නේ නෑ. ඉතින් ඔවුන්ගේ ස්වාධීනකම ඉන් පිළිබිඹු වෙනවා. එක්සත්
ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශයට පත් කරලා තියෙනවා වෙසක් දිනයේ බුදු
තෙමඟුළ වුණා කියලා නමුත් ඒ අය ඒ බව පිළිගන්නේ නෑ. ඒ අයගේ අනන්‍යතාව
රකිනවා.
මෙම වෙසක් උත්සවයේ දී විහාර ගෙයි තිබුණා ලස්ස, රත්තරන් පාට ගාපු
සිද්ධාර්ථ කුමාරයාගේ පිළිමයක් ඔවුන් විහාර භූමියේ සුදුසු තැනකට
වැඩම්වනවා. සමහර පිළිම රත්තරනින් හදපුවත් තියෙනවා. එදාට හැම ෙකනෙක්ම ඒ
සිද්ධාර්ථ පිළිම නාවනවා සල්ලිත් ටිකක් එතනට දීලා තමයි එතනින් යන්නේ.
එදාට අපේ රටේ පන්සල් වල වාගේ දේශනා කිහිපයක්ම පවත්වනවා. ඒවගේම උදේ
පටන්ගත්තු මේ උත්සවය දවල් 2, 3 වෙනකල්ම නැටුම් ගැයුම් වැයුම් වලින්
පවත්වනවා.
කොරියාවේ ජනතාව පවත්වන වෙනත් බෞද්ධ උත්සව මොනවාද?
කොරියාවේ පවත්වන ඇතැම් බෞද්ධ උත්සව හා ලංකාවේ පවත්වන බෞද්ධ උත්සව අතර
යම් සබඳතාවකුත් නෑ කියලම කියන්න බෑ. මොකද මුල් බුදුසමයේ ඉගැන්වීම් වලට
බාහිරව එතිච්ච සරුව පිත්තල ගොඩක් මෙහෙත් තියෙනවානේ. කොරියානුවන් දින
දර්ශන දෙකක් භාවිතා කරනවා. එකක් මේ සාමාන්‍ය දින දර්ශනය අනික චන්ද්‍ර
මාස ක‍්‍රමය. නමුත් අපට වඩා ඔවුන් ඒක පිළිපදිනවා. චන්ද්‍ර මාස ක‍්‍රමයේ
එන සෑම පළමුවැනිදාවක්ම ඔවුන්ට ඉතා වැදගත් ශුද්ධ දවසක් මේනිසා එදාට හැම
බෞද්ධයකුම පාහේ පන්සලට යනවා. එදා පූර්ණ මී දවස කියලා තමයි ඔවුන්
හඳුන්වන්නේ. හාමුදුරුවෝ එදාට විශේෂ පුජා පවත්වනවා.
ඊළඳට ඔවුන් අතර තියෙන තවත් බෞද්ධ උත්සවයක් තමයි සතුන් නිදහස් කිරීම,
හරක් නොමෙයි මාළු. පන්සලේ දායකයෝ සමඟ හාමුදුරුවෝ ඈත දුරබැහැර තියෙන
විලකට ගිහින් හොඳ අනුශාසනාවක් එහෙම කරලා සේරම මාළු නිදහස් කරනවා.
කොරියානු ජනතාවගේ ද්වාර කර්ම අවස්ථාවන්ට (උපත, විවාහය, මරණය) බුදු දහම
බලපා තිබෙනවාද?
ද්වාර කර්ම අවස්ථාව ලෙස උපතේ දී කොරියානු බෞද්ධයින් දරුවකු ඉපදුණු පසු
පළමුව පන්සලට ගෙනියනවා. එසේ ගොස් හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ලබා ගන්නවා.
ඒ වගේම භෞතීස්ම කරනවා වගේ බෞද්ධ කිරීමේ ක‍්‍රමයකුත් තියෙනවා. පන්සලේ
හාමුදුරුවෝ යම් ලකුණක් එහිදී අතේ තියනවා. නමුත් විවාහයට පන්සල එතරම්
මැදිහත් වෙන්නේ නෑ. ද්වාර කර්ම අවස්ථාවක් ලෙස මරණයේ දී ඉතා වැදගත්
කොටසක් පන්සලෙන් කරනවා.
අපේ රටේ යම් කෙනෙක් මිය ගියාම දවස් ගණනක් තියා ගන්නවා අහල පහළ උදවියටත්
කරදරේ. කොරියාවේ කවුරුවත් මැරුණම ගෙට ගේන්නෑ. ඒවගේම මෙහේ වගේ පාංශුකූලය
දෙන්න 15, 20 ක් හාමුදුරුවරුන් වඩම්ම වන්නේත් නෑ. එහිදී හාමුදුරුවරුන්
කිහිපනමක් ඇවිල්ලා ධර්ම බෙරය ගහනවා. සූත‍්‍ර කිහිපයකුත් කියනවා.
අනිත් වැදගත් දේ තමයි හැම කන්දක්ම එහේ සොහොන් බිමක්. එහේ ගිහිල්ලා තමයි
භූමදානය කරන්නේ. ආදාහනය කරන අවස්ථාවක් තියෙනවා. මෙහේ හත්දවසේ දෙනවා වගේ
එහේ උත්සවයක් තියෙනවා.ඒකට සිසිබිකුජේ කියලා තමයි කියන්නේ ඒකේ තේරුම
දවස් 49 ත් පූජා පවත්වනවා කියන එකයි. හැම සතියකම එක දවසක්, මැරුණු
තැනැත්තා ඉරිදා, මැරුනානම් හැම සතියකම ඉරිදාවල් 7 ක් ඒ කියන්නේ සති 7
ක් මේ සසිබිකුජේ උත්සවය පවත්වනවා. ඒක මහායාන ලක්‍ෂණ පෙන්නුම් කරන එකක්.
මහායාන මන්තරත් එහිදී කියවන. හාමුදුරුවරුන් ඒ මන්ත‍්‍ර කියන්නේ ආවේශ
වෙලා වගේ. වෙනදා භාවිතා කරන පොඩි ධර්ම බෙරයට වඩා විශාල බෙරයකට
හාමුදුරුවෝ ගහ ගහ තමයි ඒ මන්ත‍්‍ර කියන්නේ. ඔවුන් විශ්වාස කරනවා මිය
ගිය කෙනාගේ භූතාත්මය ඇවිල්ලා ඇතැයි කියලා. ඒභූතාත්මය එළවන්න තමයි
හාමුදුරුවෝ මන්ත‍්‍ර කියන්නේ.
ඒ පූජාව පවත්වන තැන මිය ගිය කෙනාගේ පින්තූරයකුත් තියලා තියෙනවා.ඔහු
කැමැති කෑම ජාති හැමෝටම එදාට දෙනවා. ඒවගේම මධුවිතත් හැම දෙනාටම
විහාරගෙයිදීම දෙනවා. ඔය වගේ එදාට පන්සලට එන හැමෝම කාලා බීලා යනවා.
කොරියාවේ කොපමණ බෞද්ධයන් වාසය කරනවාද?
කලකට පෙර කොරියාවේ බෞද්ධ ජනගහනය 88% ක් . දැන් එය 25% දක්වා පහළ
බැහැලා. 27% ක් වෙලා, කි‍්‍රස්තියානි. ඒ කියන්නේ ශුද්ධ කුරුසය පිළිගත්
සියලු පිරිස, හැබැයි 88% සිට 25% දක්වා අඩුවීමත් ඒ සියලු දෙනා
අන්‍යාගමික වුනා කියන දේ අදහස් වෙන්නේ නෑ. කරුණු දෙකක් එතන තියෙනවා.
එහේ හුඟාක් අය කියනවා මට ආගමක් නෑ කියලා.
ඒ සඳහා ප‍්‍රධාන හේතුව කුමක් ද?
එයට හේතුව වශයෙන් මම දකින්නේ ආගම කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන
හරියට තරුණ හදවත් වලට කා වද්දලා නැති එකයි. තරුණ හදවත් වලට කවලා
තියෙන්නේ, ප‍්‍රාතිහාර්යය, විජ්ජා වාගේ දේවල්. නමුත් බුදු දහම ලෝකයේ
වේගයෙන් ව්‍යාපත් වෙනවා. ඒ බුද්ධාගම නොවෙයි. බුදු සමය. බුදු සමය
කියන්නේ මුළු බුදුදහමේ ඉගැන්වීම්, බෞද්ධ භාවනා ක‍්‍රම වාගේ දේ.
බුදුරජාණන් වහන්සේ කාලාම සූත‍්‍රයේදී පෙන්වා දුන් නිදහස් චින්තනය ලෝකය
පුරා ගමන් කරනවා. ඒවගේම බුදුසමයේ ඉගැන්වීම් ගැන ලොකු උනන්දුවක් ලෝකයේ
දැන් තියෙනවා.
මං ප‍්‍රංශයේ සිටිද්දී සඟරාවක් කියෙව්වා. ඩබ්ලිව්.එස්.ඩී. කියලා සති
අන්ත සඟරාවකි. එයින් එක සඟරාවක් තිබුණා බුද්ධ මේනියා කියලා. ඒ කියන්නේ
බුදුරජාණන් වහන්සේ පිළිබඳ පිස්සුව මොකක්ද ඔවුන් මෙයින් බලාපොරොත්තු
වුණේ තරුණ තරුණියන් විතරක් නොවෙයි ලොකු ව්‍යාපාරිකයන් සියලු දෙනා
බුදුරජාණන් වහන්සේ උගන්වපු දෙයින් වික්ෂිප්ත වෙලා ඉන්නවා. කොහොමද
බුදුරජාණන් වහන්සේ මේ දේවල් දේශනා කළේ කියලා.
කොරියාවේ නිදහස් සටන් ව්‍යාපාරයත් සමඟ ආගම් 3ක් අලුතින් පහළ වුනා.
චංදෝග්‍ය , තේසංජිලියේ හා වොං බුද්ධාගම (ධර්ම කාය) ඉතින් බෞද්ධයින්
ගෙන් වැඩි ප‍්‍රමාණයක් ඔය ආගම් වලටත් ගියා. කොරියාවේ ආදීම ආගමක්
තියෙනවා කොන්ෆියුසිස් ආගම කියලා . ඒ වගේම කි‍්‍රස්තියානි ආගමෙත්, තවත්
දේශීය ඇදහිලිත් එකතු වෙලා තමයි මෙම ආගම් අලුත් ආගම් හැදිල තියෙන්නේ. මේ
ආගම් වල මූලිකම දේ තමයි වීරත්වය ගොඩනැගීම , ඒ ජාතික නිදහස උදෙසා මේ
ආගම් බිහිකරපු නායකයින් කිව්වේ පාලකයෝ විතරක් නොවෙයි වැඩ කරන නුඹලාත්
දෙවියෝ, ඒ කියන්නේ ඒ මිනිසුන්ගේ හදවත් වල ඇති කළා ශක්තියක්, අභිමානයක්.
ඉතිං ඒ ආගම් වලටත් කොටසක් ගියා.
කොරියාවේ බෞද්ධ විහාර කොපමණ තිබෙනවාද?
කොරියානු ශිෂ්ටාචාරය ප‍්‍රධාන වශයෙන්ම බෞද්ධ ශිෂ්ටාචාරයක් කොන්ෆියුසිස්
ආගම තිබුණත් බෞද්ධ ශිෂ්ටාචාරයක්. හැම දිස්ති‍්‍රක්කයකම අඩුම ගානේ එක
පන්සලක්වත් තියෙනවා. ඒ පන්සලෙන් තමයි නායකත්වය දීලා තියෙන්නේ මුල්කාලයේ
ඒ දිස්ති‍්‍රක්ක වලට පන්සල් වශයෙන් ගත්තොත් තිස් දාහකට ආසන්න
ප‍්‍රමාණයක් තිබෙනවා. හාමුදුරුවරුන් 50,000 ක් විතර ඉන්නවා. පන්සල්
ආශ‍්‍රය කර ගෙන ගම ගොඩනැගිලා තියෙනවා. ගම ආශ‍්‍රය කරගෙන ජනාවාස
බිහිවෙලා තියෙනවා. ඒ විදිහට එකට අත්වැල් බැඳගන්නවා. ඒ නිසා පන්සල හා
මිනිසුන් අතර ගම් සම්බන්ධයක් තියෙනවා.
අපේ රටේ වැඩිහරියක් පැවිදිවෙන්නේ කුඩා වයසින්. ඒ නිසාම යම් යම්
ප‍්‍රශ්නත් තිබෙනවා. දැන් සංඛ්‍යා ලේඛණ වලට අනුව කොරියාවේ සාමාන්‍යයෙන්
මහණ වෙලා තියෙන්නේ වයස අවුරුදු 20 , 25 අතර කාලසීමාව ඇතුළත , ඒනිසා
නැවත වරක් උපවැදි වෙන්නවත් වෙනත් වෙනත් දේවල් වලට යොමු වෙන්නවත් ඕනෑ
නෑ. යම් කිසි කෙනෙකුට විවාහ වෙන්න අවශ්‍ය නම් , හාමුදුරුවන් කෙනෙක්
හැටියට ඔහු වෙනත් නිකායකට යනවා. ඒ වගේම උපසම්පදාවෙදි තිසරණ සහිත
පන්සිල් සමාදන් වීමේදී ශරීරයේ හණ තියෙනවා. කවුරුහරි බෞද්ධ වීම පන්සලේ
හාමුදුරුවන් සුවඳ කූරකින් එයාගේ අත පුච්චනවා. අති පිච්චුනාට පස්සේ
තිසරණ සහිත පන්සිල් සමාදන් වූ බෞද්ධයෙක් ලෙස සලකනවා. උපසම්පදා වුණාට
පස්සේ නායක හාමුදුරුවෝ අතේ තවතැනක් පුච්චනවා. එහෙම වුණාට පස්සේ
සදාකාලිකවම භික්ෂුවක් ලෙස කටයුතු කරනවා.
කොරියාවේ බුදුදහමේ ව්‍යාප්තිය හා පැවැත්ම සඳහා ඊට ලැබෙන රාජ්‍ය
අනුග‍්‍රහය කෙසේද?
කොරියාවේ ලෞකික රාජ්‍යය කියලා කියන්නේ ඒක ආගම් රාජ්‍යයක් නොවෙයි. ඒ
නිසා ව්‍යවස්ථාවේ ආගම ගැන කිසි සඳහනක් නෑ. පාසල් වල කිසිඳු ආගමක්
උගන්වන්නෙත් නෑ. නමුත් රටේ තියෙන පෞද්ගලික විහාරාරාම ඉතා හොඳට
පවත්වාගෙන යනවා. හොඳට නඩත්තුª කරනවා. ඒවා ඉදිරිපත් කිරීම හරි ශ්‍රේෂ්ඨ
විදිහට කරනවා. ඒවා දකින කොට ඇත්තටම අපිට දුකත් හිතෙනවා. දැන් අපි
අනුරාධපුරයට පොලොන්නරුවට ගියොත් ඒවායේ හොඳ ඉදිරිපත් කිරීමක් නෑ. ඔහේ
තියෙනවා. මේ දේවල් වලට කොරියානු රජය ආධාර ලබා දෙනවා. ඊළඟට යම් කිසි
උත්සවයක් කරන්න ඕනෑ උනොත් ඒ බව ව්‍යාප්තියක් මගින් රජයට ඉදිරිපත් කළ
විට ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදෙනවා.
කොරියානු බුදුදහමේ පැවැත්මට හා ව්‍යාප්තියට මාධ්‍ය මගින් ලබා දී ඇති
අනුග‍්‍රහය මොන වගේද ?
කොරියාවේ මාධ්‍ය මඟින් හොඳ සේවයක් ඇත්තටම සිදුවෙනවා. ඒවගේම චෝග්‍ය
නිකාය මගින් පවත්වාගෙන යන රූපවාහිනි නාලිකා තියෙනවා. ඒවා පැය 24 පුරා
විකාශය වෙනවා. තවත් බෞද්ධ නාලිකා 5 ක් , 6 ක් තිබෙනවා. බෞද්ධ
ගුවන්විදුලි නාලිකා 7 ක් 8 ක් තිබෙනවා.ඒ වගේම බෞද්ධ පුවත්පත් 30 කට වඩා
කොරියාවේ තිබෙනවා. මේවා මගින් බණ දේශනා, ධර්ම සාකච්ඡා වැඩසටහන් විකාශය
කරනවා.
|