ගෞතම බුදුරදුන්ගේ දකුණු සිරිපා සටහන සහ වම් සිරිපා සටහන පිහිටි 
			ස්ථාන
			
			පුරාවිද්‍යා ගවේෂක, 
			අභිලේඛන විද්‍යා විශාරද,
			ආචාර්ය 
			ජයරත්න 
			පතිරආරච්චි 
			 
			 සාරාංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම බුද්ධිමතා 
			නම් ගෞතම බුදුරදුන් ය. කල්ප ගණනක් තිස්සේ පිරූ පාරමිතා බල මහිමයට 
			බුදුරදුන්ගේ ශ‍්‍රී පාදයේ දෙසිය සොළසක් මංගල්‍ය ලක්ෂණ පිහිටා තිබූ බව 
			බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වී ඇත. කි‍්‍ර. පූ. යුගයේ හෙළ ඉතිහාසය සඳහන්ව 
			ඇතැයි සැළකෙන සිහළ අට්ඨකථාවේ ඇති තොරතුරු ඉවත් කර හෙළ ඉතිහාසය ලිවීමත්, 
			පුරාණ හෙළ අටුවා පාලියට නැගීමත් සමග බොහෝ තොරතුරු ඉවත් වී ගොස් ඇත. 
			නූතනයේ ජන ප‍්‍රවාදයේ සහ විවිධ වූ ජන සාහිත්‍යයේ ද ශ‍්‍රීපාද ලාංඡනය 
			තුළ වූ මංඟුල් ලකුණු 212 ක් ගැන කියැවේ. නමුත් අද අප අතර තිබෙන්නා වූ 
			කෘති තුළ මඟුල් ලකුණු 212 නැත. මේවා ඉවත් කළෝ කවරහු ද යන්න කිව නොහැකි 
			ය. ශ‍්‍රී පතුලෙහි මඟුල් ලකුණු 212 ක් තිබෙන බව කීවද, එහි මඟුල් ලකුණු 
			212 ක් නැත. තිබෙන ලකුණු දෙක බැගින් එහි සඳහන් වෙයි. ඒ අනුව මඟුල් 
			ලකුණු 212 දෙකට බෙදිය යුතු වෙයි. එවිට ලකුණු 106 ක් වෙයි. එම ලකුණු 106 
			ද දැන් දැකීමට නොමැත. සංස්කෘත භාෂා ආභාෂයෙන් ලියා ඇති එම ලකුණුවල අර්ථ 
			දැක්වීම ලෙහෙසි පහසු කි‍්‍රයාවක් ද නොවේ. දැනට ව්‍යවහාරයේ පවතින එම 
			මඟුල් ලකුණු විමසා බලමු. 
			01. ස්වස්තික දෙකයි. 
			02. සිරිවට දෙකයි. 
			03. නඳවට දෙකයි. 
			04. සෝවැති දෙකයි. 
			05. අවතංස දෙකයි. 
			06. වර්ධමාන දෙකයි. 
			07. භද්‍රපීඨ දෙකයි. 
			08. ප‍්‍රසාද දෙකයි. 
			09. තොරණ දෙකයි. 
			10. ශ්වෙත ඡත‍්‍ර දෙකයි. 
			11. බංධි දෙකයි. 
			12. තාලවෘත දෙකයි. 
			13. මයුරහස්ත දෙකයි. 
			14. චාමර දෙකයි. 
			15. උෂ්ණිෂ දෙකයි. 
			16. මණි දෙකයි. 
			17. සුමනාදාම දෙකයි. 
			18. නීලෝත්පල දෙකයි. 
			19. රක්තෝත්පල දෙකයි. 
			20. රක්ත පද්ම දෙකයි. 
			21. ශේවතෝත්පල දෙකයි. 
			22. ශෛ්වත පත්ම දෙකයි. 
			23. පුන්කලස් දෙකයි. 
			24. පූර්ණ පාත‍්‍ර දෙකයි. 
			25. සමුදු දෙකයි. 
			26. චක‍්‍රවාට පර්වත දෙකයි. 
			27. හිමවත් පර්වත දෙකයි. 
			28. මහාමේරු පර්වත දෙකයි. 
			29. සූර්යමණ්ඩල දෙකයි. 
			30. චන්ද්‍ර මණ්ඩ දෙකයි. 
			31. සපරිවාර සතර මහාද්වීප දෙකයි. 
			32. සපරිවාර සප්ත රත්න චක‍්‍රවර්ති රාජයෝ දෙදෙනාය. 
			33. දක්ෂිණවර්ත ශේවතශංඛ දෙකයි. 
			34. ස්වර්ණ මත්ස්‍ය යුගල දෙකයි. 
			35. චක‍්‍රයුධ දෙකයි. 
			36. සප්ත මහාගංග දෙකයි. 
			37. සප්ප මහා සිදන්ත සාගර දෙකයි. 
			38. සප්ත මහා ශෛල දෙකයි. 
			39. සප්ත මහා තටාක දෙකයි. 
			40. සුපර්ණ රාජයෝ දෙදෙනාය. 
			41. ධ්වජ දෙකයි. 
			42. සුංසුමාරයෝ දෙදෙනාය. 
			43. පතාක දෙකයි. 
			44. ස්වර්ණ පර්වත දෙකයි. 
			45. ස්වර්ණ සිවිකා දෙකයි. (ශිවිකා යනු දෝලාවයි) මේ රත්තරන් දෝලා දෙකක් 
			විය යුතුය. සෙල් ලිපිවල සඳහන් වන්නේ මෙසේය. 
			මහරඣශ ගමණි අබයශ ශිවික අදක පරුමක මමශ ලෙණෙ 
			කුරුණෑගල, මාවතගම අසල කුඹුරු ලෙන සෙල් ලිපිය. 
			46. ස්වර්ණ වාලච්ඡනී දෙකයි. 
			47. කෛලාශ පර්වත දෙකයි. (ලංකාවේ සහ ඉන්දියාවේ ද කෛලාශකූ®ට විහාර දෛකක් 
			තිබිණි. කෛලාශකූ®ට විහාරයේ වැඩ සිටියා වූ භික්ෂූන්ට මක්කම විහාරයේ 
			සිටියා වූ භික්ෂුවක් දානය දුන් කථාවක් මෙසේය. 
			මධ්ගණවාසිකො ඛුද්දතිස්ස ථේරෝ මහින්දිකෝ කෛලාසෙ සට්ඨසහස්සානං දත්වාන 
			පරිභූ®ඤ්ජිතං 
			48. සිංහරාජයෝ දෙදෙනාය. 
			49. ව්‍යාඝ‍්‍රරාජයෝ දෙදෙනාය. 
			50. වලහක අශ්ව රාජයෝ දෙදෙනාය (වලාහක ජාතකේ ලංකාව ගැනත් එහි වෙළඳාම් 
			ගැනත් කියැවේ.) 
			51. උංපොසථ හස්ථි රාජයෝ දෙදෙනාය. 
			52. වාසුකි නාග රාජයෝ දෙදෙනාය. 
			53. හංස රාජයෝ දෙදෙනාය. 
			54. වෘෂභ රාජයෝ දෙදෙනාය. 
			55. ෙඓරාවණ හස්ති රාජයෝ දෙදෙනාය. 
			56. ස්වර්ණ මකර රාජයෝ දෙදෙනාය. 
			57. චතුර්මුඛ ස්වර්ණ නෞකා දෙකය. (කටවල් සතරක් ඇති රත්තරං නැව්) 
			58. සවස්සක ධෙනුවෝ දෙදෙනාය. 
			59. කිම් පුරුෂයෝ දෙදෙනාය. 
			60. කින්නරා¼ධ්ගනාවෝ දෙදෙනාය. (දිය කිඳුරියෝ) 
			61. මයුර රාජයෝ දෙදෙනාය (මොණර) 
			62. කුරවික රාජයෝ දෙදෙනාය. 
			63. ක්‍රෞඤ්ච රාජයෝ දෙදෙනාය. 
			64. චක‍්‍රවාක රාජයෝ දෙදෙනාය. 
			65. ජීවඤ්ජිවක රාජයෝ දෙදෙනාය. 
			66. ෂඩ්විධ දිව්‍යලෝක දෙකය. 
			67. ෂොඩශවිධ බ‍්‍රහ්ම ලෝක දෙකය. 
			දෙසිය සොළසක් මංගල ලකුණු ඇති බව ප‍්‍රවාද ගත වුවද අද අපට දැකීමට ලැබෙන 
			කෘති තුළ ඇත්තේ 67 ක් පමණි. ඉතිරි මඟුල් ලකුණු 39 ට කුමක් සිදු වී ද 
			යන්න කීමට අපට දැනුමක් නැත. නමුත් බුදු සසුනේ පැවැත්මට එරෙහි වූ යම් 
			පුද්ගලයකු මෙම අගනා දෑ ඉවත් කර ඇති බව පමණනක් අපට පැවසිය හැකි ය. 
			අවුරුදු ලක්ෂ 21 කට පෙර සිටම අපට තිබුණා වූ උරුමය යටපත් කළ ඉන්දයාවේ 
			සිට මෙරටට පැමිණි මහින්ද, මහානාම, බුද්ධඝොෂ, ධම්මපාල වැනි අටුවා ඇදුරන් 
			අතින් මෙය ගිලිහී යන්නට ද ඉඩ නැතිවා නොවෙ. මේ ලාංඡන 39 යටපත් කළ 
			ඉතිහාසඥයන් විසින් දකුණු බුදු සිරි පතුල පිහිට වූ මක්කම ද අපේ 
			ඉතිහාසයෙන් ඉවත්කර තිබේ. මේ පිළිබඳ ගවේෂණයක යෙදුණු මාගේ පර්යේෂණ 
			වාර්තාවකි මේ. 
			ලංකා ඉතිහාසයේ අප දැකීමට හා ඇසීමට ලැබෙන පළමුවන චෛත්‍යය නම් තිරියායේ 
			හිරිගඩු (ගිරිහඩු) සෑයයි. තූපය, චෛත්‍යය, සෑය, තුබ, වෙහෙර යන විවිධ 
			නම් වලින් හඳුන්වනු ලබන්නේ බුදුවරයන්ගේ ශරීරයේ කුමන හෝ කොටසක් තැන්පත් 
			කර ඉදි කරන ලද පස් ගොඩැල්ලකටය. මෙම පස් ගොඩැල්ල (තිරියාය සහ මකුලාන තුබ 
			දෙකම පූර්ව යුගයේ පස් වලින් නිර්මාණය කර ඇති බැවින් මෙම වචනය මෙහිදී 
			භාවිත කර ඇත්තේ පුරාණ ග‍්‍රන්ථ තුළ ඇති බැවිනි) නම් කරනුයේ එය තුළ 
			තැන්පත් කරවන ලද පූජා වස්තුව අනුව ය. මෙම මහා භද්‍රකල්පය තුළ පහළ වූ 
			කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරයන්ගෙන් පළමුව පහළ වූ කකුසඳ 
			බුදුරදුන්ගේ ඩබරා ධාතුව තැන්පත් කර ඉදි කළා වූ අඩි 07 ක් උස චෛත්‍යයක් 
			අද දින ද දැකිය හැකිය. (මෙම චෛත්‍යය ඡයාරූප ගත කර අප විසින් මෑත දී 
			ලියන ලද ලිපියක බෞද්ධ සම්මේලනය මගින් ප‍්‍රකාශ කරනු ලබන බෞද්ධාලෝකය 
			නමැති සඟරාවේ පළ කරවා ඇත. 2006 09 කලාපය බලන්න. මෙලෙස වංස කථාවල 
			සඳහන්වන චෛත්‍ය අතර දැනට කිසිවකු විසින් නොදන්නා වූ චෛත්‍යයක් ඇත. එය නමින් 
			‘පාද චෛත්‍යය’ යි. ති‍්‍රකුණාමලයේ ඉදිකර ඇති නිකුපන්පාත (ශිලාලේඛන අනුව 
			නිටුපත්පානය) නම් ස්ථානයේ ඇති නිකුපත්පාන හෙවත් තබා වෙහෙර ඉදිකර ඇත්තේ 
			බුදුරදුන්ගේ නියපොතුවක් තැන්පත් කරමින් බව එහි ඇති සංස්කෘත සෙල්ලිපිවල 
			ද සඳහන් වී ඇත. බුදුරදුන් ලක්දිවට වැඩම කරවූ ප‍්‍රථම අවස්ථාවේ දී සුමන 
			විසින් කේශධාතු තැන්පත් කර මහියංගණය චෛත්‍යය ඉදිකර ඇති අතර, 
			බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් දින කිහිපයකට පසුව සරභූ හිමියන් විසින් 
			උගුරුදන්ඩ (ශි‍්‍රවා ධාතුව) තැන්පත් කර මෙම චෛත්‍යය ලොකු කරන ලද බව 
			මහාවංසයේ සඳහන් වී ඇත. 
			“පරිනිබ්බුතම්හි සම්බුද්ධෙ චිතකතො වා ඉද්ධියා ආදාය ජින ගිවට්ඨිං ථේරෝ 
			සරභුනාමකෝ” (මහා වංශය 1 පරි. 37 ගාථා) 
			කැලණියේ ඇති චෛත්‍යය තුළ බුදුරදුන් ස්නානය කිරීමේ දී දියට ඇන්දා වූ දිය 
			රෙද්ද තැන්පත් කර ඇති බවක් ද කියැවේ. එසේම බුදුරදුන් පරිභෝග කළ මිණිපළඟ 
			ද නිදන් කොට ඇති බවත් කියැවේ. බුදුරජාණන් වහන්සේ නාගදීපයට ගුවන් 
			රථයකින් ආ බව ද කියැවේ. 
			අහසින් අවුත් මිණි අක් නයිඳු යැදුම ට 
			රහතන් මැදෙහි මුනි හිඳ මිණි පළඟ පි ට 
			දහමුත් දෙසූ තැන කළ සැටරියන් කො ට 
			මහ දාගබ් හිමින් වඳු සොළොස තැන් සි ට 
			යන සැළලිහිණි වැයුමෙන් ද මෙම පුවත සනාථ වේ. මහාසේචන රජුගේ ආරාධනාවට 
			කතරගමට වැඩම කළා වූ බුදුරදුන් එහිදී ධර්ම දේශනය කිරීමට භාවිත කළා වූ 
			ස්වර්ණමය කිහිරි ආසනය ද, සිදුහත් කුමරු කේශච්ඡේදය කළ මඟුලේ කඩුව ද 
			තැන්පත් කර කිහිරි ගස් බහුලව ඇති උයනෙහි කර වූ ඛදිරි විහාරය, කිරිවෙහෙර 
			වී යැයි ව්‍යවහාර වේ. නාගදීපයෙහි පිහිටි චෛත්‍යයෙහිද සමිද්ධි සුමන 
			දිව්‍යා රාජයා රැගෙන ආවා වූ කිරිපළු රුක ද මිණිපළඟ ද තැන්පත් කර 
			නාගදීපයෙහි රාජායතන නම් වූ චෛත්‍යය කරවා ඇති බව වංස කථාවල සඳහන් වී ඇත. 
			ඉහත සඳහන් කළා වූ සෑම චෛත්‍යයකම කුමක් හෝ පූජා භාණ්ඩයක් තැන්පත් කර ඇති 
			බව ප‍්‍රකට ය. අප මාතෘකාව ලෙස තෝරා ගත් “පාද චෛත්‍යය” යනු කුමක්ද? ඒ 
			තුළ තැන්පත් කළේ කුමක්ද? යන්න විමසීම වටී. පාද චෛත්‍යය යනු පාදයක් 
			තැන්පත් කර ඉදිකර වූ චෛත්‍යයක් විය යුතු ය.  
			ගෞතම බුදුරදුන් පිරිනිවන් මංචකය දක්වාම දෙපයින් ඇවිද්ද බව පරිනිර්වාණ 
			සූත‍්‍රයේ ද දීර්ඝ විස්තර දැකිය. (දීර්ඝ නිකාය, 2 වන කාණ්ඩය) 
			යං නම්මදාය නදියා පුලිනේච තීරේ 
			යං සච්ච භද්ද ගිරිකේ සුමනාච ලග්ගේ 
			යං තත්ථ යෝනක පුරේ මුනිනේච පාදං 
			තං පාද ලාංඡන මහං සිරසා නමාමි 
			ගෞතම බුදුරදුන් සමනළ කඳු මුදුනේ ශ්‍රී පාද ලාංඡනය තැබූ බව ලෝක ප‍්‍රකට 
			ය. තවත් පාද ලාංඡනයක් “මක්කම” වැල්ලේ තැබූ බවද ප‍්‍රකට කරුණකි. 
			ලකුණු බලාලා මහමෙර එල්ලේයා 
			වැටුණු තලිය තලි තුනකට පල්ලේයා 
			ඉසුණු බුදු සිරිත් මහමෙර සෙල්ලේයා 
			දකුණු බුදුසිරි පතුල මක්කම වැල්ලේයා 
			 
			ධාතු විස්තරයේ සහ ජනප‍්‍රවාද ගත මෙම තොරතුරු අනුව දකුණු සිරිපා සටහන 
			මක්කම (කල්පිටිය) වැල්ලේ තැබූ බවද, වම් සිරිපා සටහන සමන් ගිරි මුදුනේ 
			තැබූ බව ද හෙළ අටුවාවේ සඳහන් වී තිබිණි. හෙළ අටුවා කෘති සියල්ලම අපට 
			නුහුරු වූ, අක්‍ෂර ද නොමැති පාලි භාෂාවට නැගීමත් සමඟ, අපට උරුම වූ බොහෝ 
			තොරතුරු ඉවත් කර ඇත. මෙය විද්වත් ලෝකයා දන්නා වූ කරුණකි. සමනළ කන්ද 
			මුදුණේ භික්‍ෂූන් 900 ක් වැඩ වාසය කළා වූ පන්සලක් සහ චෛත්‍යයක් තිබුණු 
			බව මනෝරථපූර්ණයේ සහ මහාවංශයේ ද සඳහන් වී ඇත. මෙහි විශේෂය නම්, මක්කම 
			විහාරයේ වැඩ වාසය කළා වූ කුද්දතිස්ස හිමි සහ මහාමලියදේව හිමි සහ 
			මහාමලියදේව හිමි කන්දේ තිබුණු පන්සලේ භික්‍ෂූන්ට දානය බෙදූ පුවතක් ද 
			සඳහන් වීම ය. එම පාලි පාඨය ඉදිරිපත් කිරීම මෙහිදී වැදගත් වේ. 
			තෙසු පඤ්චසු ථේරේසු කඪිගු අම්බිලගාහකෝ මලිය මහා දේවත්ථෙරෝ සුමන කුටම්හි 
			පබ්බතේ මඬ්ගණවාසිකො ඛුද්දතිස්ස ථෙරෝ මහින්දිකො කෙලාසෙ සට්ඨිසහස්සානං 
			දත්වාන පරිඥඤ්ජිතං” 
			මංගණ වාසිකෝ - මංගණ යනු මක්කමයි. 
			කි‍්‍ර.ව. 140 දී පළමුවරට සකස් කළ ලංකා සිතියමේ දී මන්නාරම සහ කල්පිටිය 
			අයත් ප‍්‍රදේශය ටොලම් විසින් හඳුන්වා ඇත්තේ ද මර්ගන යන නාමයෙන් ය. 
			කි‍්‍ර.පූ. 161 දී (මහා වංශය අනුව) පමණ සමනළ කන්ද මුදුනේ තිබුණා වූ 
			චෛත්‍යයට දීඝඡන්තු ඇමැතිරතු පට වස්ත‍්‍රයක් පූජා කළ බවද මනෝරථපූර්ණි 
			නම් අටුවාවේ දැක්වේ. මෙම ඉතිහාස ගත කරුණු අනුව කි‍්‍ර. පූ. යුගයේ සමනළ 
			කන්ද මුදුනේ චෛත්‍යයක් තිබුණු බව අනාවරණය වෙයි. එම චෛත්‍යය පාද චෛත්‍යය 
			විය යුතු ය.  
			මෙම ස්ථානය අහස උසට තිබුණු නිසා ආකාශ චෛත්‍යය ලෙස ව්‍යවහාර කර තිබේ. 
			මෙහිදී තවත් ගැටලුවක් පැන නැගෙන නොඅනුමාන ය. එනම් මක්කම විහාරයේ 
			චෛත්‍යය ද පාද චෛත්‍ය විය හැකි බවය. සැබැවින්ම එය එසේ වීමට ද පුළුවන. 
			එකම නාමයෙන් චෛත්‍ය දෙකක් තිබිය හැකි ය. උදාහරණ ලෙස මහියංගණය නමින් 
			චෛත්‍ය සහ විහාර දෙකක් ඇත. නාගදීපය නමින් චෛත්‍ය දෙකක් සහ විහාර දෙකක් 
			ඇත. ලෝක ප‍්‍රකට ජේතවන චෛත්‍යය ද දෙපොළක විය. මක්කම ශ්‍රී පා සටහන 
			වැල්ලේ තැබූ පුවත ප‍්‍රවාදගත වූවත්, මේ සිරිපතුල වැල්ලේ නොව ගල් 
			පර්වතයක තබා ඇති බව, ඉතිහාසය සහ ජනකවිය හාරා අවුස්සා බලන විට පෙනේ. 
			 
			උඩම උඩම උඩ මක්කම වැල්ලේ 
			වසින වසින වැසි ඒ ගල පල්ලේ 
			දුවන දුවන නැව් සුමුදුර එල්ලේ 
			අපිත් පදිමු දැන් රං ඔන් චිල්ලේ 
			 
			මෙයින් පෙනෙනුයේ මක්කම වැල්ලේ විශාල ගල් පර්වතයක් තිබුණු බව ය. නූතන 
			කල්පිටිය නාවික හමුදා කඳවුර අයත් ප‍්‍රදේශය කි‍්‍ර.පූ. යුගයේ විශාල ගල් 
			තලාවකි.  
			මෙම ගල්පර්වතය කඩා විනාශ කළෝ නම් පෘතුගීසීහුමය. ඔවුහු ගල් පර්වත කඩා 
			කොටු පහුරට ගත්හ. චෛත්‍යය සහ විහාරය විනාශ විය. මෙහි රෝපණය කළා වූ ජය 
			ශ්‍රී මහා බෝධි වෘක්‍ෂය අදත් ජීවමානව වැඩ සිටිති. මෙම බෝධියට ජලය දමා 
			බෝධියේ වැලි මළුවට වැලි පුරවා පුද සත්කා කළ ධීවරයකු පිළිබඳ අපූරු 
			කථාවක්, සද්ධර්මාලංකාරයේ ථෙරපුත්ථ වස්තුවේ සඳහන් වී ඇත. එකල මෙම 
			විහාරයට අයත් චෛත්‍යය වටේට ලෝකඩ බුදු පිළිම නවයක් තිබුණු බව සඳහන් ය. 
			විහාරය විනාශ කළා වූ පෘතුගීසීන්, එම ලෝකඩ පිළිම, අසල වත්තක වල දමා සඟවා 
			ඇත. පසු කාලයේ මෙම ප‍්‍රදේශයේ ජීවත් වූ අයෙකුට අයත් වූ එම ඉඩම හාරා 
			අවුස්සන විට ඉහත සඳහන් කළ ලෝකඩ පිළිම නවය හවු වී ඇති අතර, එම පිළිම 
			නවයට මොනවා වූවාද යන්න සිංහල බෞද්ධයෝ නොදනිති. මේ පිළිබඳ දීර්ඝ 
			විස්තරයක් මුද්‍රිත කෘති දෙකක් දැකිය හැකි ය. (සියල්ලම පාඨක සටහන් 
			මඟින් අප ඉදිරිපත් කළ විට එහි අගයක් නැත. එම කෘති දෙක අප අත තිබේ. ඕනෑම 
			අයකුට අප හමුවීමෙන් එම පිළිම නවය ද, ගල්පර්වතය කැඩූ ගල් කුට්ටි ද 
			ඡායාරූප සමඟ දැක බලා ගත හැකි ය. 
			මේ අනුව මේ කළ පාද චෛත්‍ය දෙක සමනළ කන්ද මුදුනේ එකක් ද, මක්කම වැල්ලේ 
			ගල් පර්වතය උඩ එකක් ද වශයෙන්, තිබී ඇති බව, ඉතිහාස ගත අප‍්‍රකට 
			මූලාශ‍්‍ර ඔස්සේ සොයා ගත හැකි ය. කි‍්‍ර.ව. 1426 දී ලියන ලද කෝකිල 
			සංදේශයේ ද මක්ම විහාරය බලාගෙන යන ලෙස කෝකිලයාට විධාන කර තිබේ. 
			කි‍්‍ර.ව. 1200 කාලයේ මහා පරාක‍්‍රමබාහු රජ දවස 40, 000 ක බල ඇණියක් 
			මක්කම රැඳ වූ බව මහාවංශයේ 70 පරිච්ඡේදයේ 283 වන පාලි ගාථාවේ සඳහන් වී 
			ඇත. එහිදී මක්කම යන වචනයේ අග අකුර ‘ල’ වී ඇත. දැන් ලංකාවේ භාවිතා කරන 
			සියලු පිරිවාණ පොත් වහන්සේ (පිරිත් ;පාත) තුළ ද මක්ම විහාරය දැක ගත 
			හැකි ය. මෙය නූතන සිංහල බෞද්ධයා සේම සංඝ පීතෘවරු ද නොදැක සිටීම, ජාතික 
			පාඩුවකි. 
			කෙසේ හෝ වේවා කි‍්‍ර.පූ. යුගයේ සමනළ කන්ද මුදුනේ ද මක්කම වැල්ලේ ද පාද 
			ලාංඡන පිහිට වූ ස්ථාන සිහිවීම පිණිස චෛත්‍ය දෙකක් කරවා ඇත. මෙහි ඇතුළත 
			තැන්පත් කළේ මොනවාද යන්න සොයා ගැනීමට, ඉතිහාසයෙන් ඉඩක් නොලැබේ. මේ 
			පිළිබඳ කරුණු සෙවීමට නම්, නව පුරාවිද්‍යාත්මක කැණීම් සමඟ විශේෂ 
			ගවේෂණයක් ඇරැඹිය යුතු ය. මෙයට මූලාශ‍්‍ර මහා වංශයේ 64 වන පරිච්ඡේදයේ 
			සඳහන් මෙම ගාථාවෙන් ම ගත හැකි ය. 
			“කෙස, අක්ඛක, ගීවථි, දාඨා, පත්ත‍්‍රාන, මේව ච පාදචෛත්‍යය ,මහාබොධි, 
			සාඛානඤ්චා, පි සත්ථුතො” 
			කෙස ධාතුය, අකු ධාතුය, ශි‍්‍රවාස්ඨිධාතුය, දාඨා ධාතුය, පාත‍්‍රධාතුය, 
			පාද චෛත්‍යය මහා බෝධි සාඛාය යනු සිංහල මහාවංශයෙන් දැක බලා ගත හැකි ය. 
			මෙසේ වංශ කථා ගත තොරතුරු නැවත නැවත විමර්ශනය කර බැලීමෙන්, ලංකා 
			ඉතිහාසයේ යටගිය බොහෝ තොරතුරු යළි මතු කර ගත හැකි ය. 
			 |