ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ පොසොන් පුර අටවක පෝදා 2025 ජුනි 03 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න
ජුනි 02 සඳුදා අ.භා. 08.42 පුර අටවක ලබා 03 අඟහරුවාදා අ.භා 10.02න් ගෙවේ. 03 අඟහරුවාදා සිල්
පුර අටවක
ජුනි 03
පසළොස්වක
ජුනි 10
අව අටවක
ජුනි 18
අමාවක
ජුනි 25
කර්මය පිළිබඳ වැරැදි අර්ථ කථනයන් හා අතාර්කික මත ගැන අංගුත්තර නිකායේ සඳහන් වේ. නුවණැත්තන් ඒ ගැන පරීක්ෂා කොට පහත සඳහන් මත අත්හැර දැමීම නුවණට හුරු ය. සියල්ල පූර්ව ජාතියේ කළ ක්‍රියාවන් ගේ ප්‍රතිඵලය යි විශ්වාස කිරීම, උත්තරීතර පාලකයකු ගේ නිර්මාණයන්හි විපාක යැයි ඇදහීම හා සියල්ල පැන නඟිනුයේ හේතුවක් හෝ ඵලයක් හෝ නොමැතිව ය යන විශ්වාස ය. පුද්ගලයකු මිනීමරුවකු, හොරකු, ස්ත්‍රී දූෂකයකු වීමත් ඔහුගේ ක්‍රියාවන් පූර්ව ක්‍රියාවන් නිසා ඇති වූවක් සේ ද, උත්තරීතර පාලකයකු ගේ නිපදවීමක් හේතු කොට සිදුවන්නක් ද, ඒ ඒ අවස්ථාව අනුව නිකම් සිදුවූවක් ද වේ නම් ඒ පුද්ගලයා ගේ අයහපත් ක්‍රියාවට ඔහු වග කිව යුත්තකු සේ සැලකිය නො හැකි ය. කර්මය පිළිබඳ ව තවත් සදොස් අදහසක් මෙසේ දැක්වේ. කර්මය ක්‍රියාත්මක වන්නේ යම් පුද්ගලයකු විශ්වාස කරනු ලබන, ඔහු ගේ ඇදහිල්ල අනුව ය. මිනිසා ගේ ඊළඟ ජීවිතය පිළිබඳ ඉරණම ඔහු තෝරාගත් විශේෂ ආගම මත යන්තමින් හෝ රඳා පවතී යැයි සිතිය නො හැකි ය. ඔහු අදහන ආගම කුමක් වුව ද මිනිසා ගේ ඉරණම මුළුමනින් ම රඳා පවත්නේ ඔහු ගේ කයින්, වචනයෙන්, සිතුවිල්ලෙන් කරන ක්‍රියාවන් මත ය. ඔහුට කවර අඩයාලමක් තිබුණ ද යහපත් ක්‍රියාවන්ගෙන් පිරි නො කිලිටි ජීවිතයක් ගත කරයි නම්, ඊළඟ ජීවිතයේ හෝ වාසනාවත් ජීවිතයකට හිමිකම් ලබයි. තම සිතෙහි දුෂ්ට සිතිවිලි රඳවා ගනිමින්, පාප ක්‍රියාවන්හි යෙදෙමින් ජීවත් වන මිනිසා ගේ ඊළඟ ජීවිතය ද කාලකණ්ණි තත්ත්වයට පත් වේ. බෞද්ධයෝ මරණින් පසු සුගතිගාමී වීමට වාසනාව ඇත්තේ තමනට පමණකැයි කිසි විටෙකත් නො කියති. කවර ආගමක් ඇදහුව ද මිනිසා ගේ කර්මානුකූල සිතුවිලි ඔහුගේ ඉරණම මේ තම ජීවිතයේ දී එය තීරණය කරනු ඇත.කර්මය පිළිබඳ ඉගැන්වීම් පශ්චාත් මරණ පරීක්ෂණ තීන්දුවල නිර්නායකයක් හෙවත් ප්‍රදර්ශකයක් නො වේ. බුදුරජාණන් වහන්සේ කර්ම න්‍යාය දේශනා කෙළේ ධනවතුන් ආරක්ෂා කිරීමට හෝ දුප්පතුන් සැනසීමට හෝ ඊළඟ ජීවිතයේ දී උරුම වන වාසනා මහිමය පිළිබඳ මනෝ දර්ශකයක් දැක්වීමට හෝ නො වේ.බුදු සමයට අනුව කර්මය පැහැදිලි කරන්නේ මනුෂ්‍ය වර්ගයා අතර පවතින අසමානතාව යි.
අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වය පිණිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට උතුම් සමතිස් පාරමී ධර්මයන් පූරණය කළ සේක. ඒ මහා පුණ්‍ය මහිමය නිසාවෙන් දෙතිස් මහා පුරිස් ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා වැඩ සිටි සේක. එමෙන් ම ගුරු උපදේශ රහිත ව චතුරාර්ය සත්‍යය පරිපූර්ණ ලෙස අවබෝධ කොට ගෙන අපමණ ඤාණ බලයෙන් ද, ගුණ බලයෙන් ද, එමෙන් ම සෘද්ධිබල ඤාණයන්ගෙන් ද සමන්විත ව වැඩසිටි සේක. ඒ අතර තථාගත ශ්‍රී ශරීරයෙන් එකවර ගිනි ජාලා සහ ජල දහරා විහිදුවන යමක මහා ප්‍රාතිහාර්ය ඤාණය සුවිශේෂ වූවකි. ශ්‍රාවකයන් හා සාධාරණ නො වූ භාග්‍යවතුන් වහන්සේට පමණක් ආවේණික එම යමක මහා ප්‍රාතිහාර්ය පෑ ප්‍රධාන අවස්ථා තුනක් ධර්මයේ සඳහන් වේ. සම්බුද්ධත්වය ලබා සතියක් ගත වූ තැන දෙව් බඹුන්ගේ සැක දුරු කරනු පිණිස ජය ශ්‍රී මහා බෝධි මූලයේ ඉහළ අහසේ දී, සම්බුද්ධත්වයෙන් දෙවන වර්ෂයේ දී ඥාතීන්ගේ මානය දුරු කිරීම පිණිස ශාක්‍ය දේශයේ කිඹුල්වත් පුර අහස් කුසේ දී හා තීර්ථකයන් දමනය කිරීම පිණීස සැවැත්නුවර ගණ්ඩම්බ රුක සමීපයේ ආකාශයේ දී ය. මේ අසිරිමත් යමාමහ පෙළහර පිළිබඳ ව ඛුද්දක නිකායේ පටිසම්භිදා මග්ග පොත් වහන්සේගේ සඳහන් වන්නේ මෙලෙසිනි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශරීරයෙහි උඩු කයින් ගිනි ජාලා පතුරවන සේක. යටි කයින් ජල දහරා පතුරවන සේක. එමෙන් ම යටිකයින් ගිනි ජාලා පතුරුවන සේක. උඩු කයින් ජල දහරා පතුරුවන සේක. ඉදිරිපස කයින් ගිනිජාලා පතුරුවන සේක. පසුපස කයින් ජලදහරා පතුරුවන සේක. යළි ඉදිරිපස කයින් ජල දහරා පතුරුවන සේක. පසුපස කයින් ගිනි ජාලා පතුරවන සේක. දකුණු ඇසින් ගිනි ජාලා පතුරවන සේක. වම් ඇසින් ජල දහරා පතුරවන සේක. යළි දකුණු ඇසින් ජල දහරා පතුරවන සේක. වම් ඇසින් ගිනිජාලා පතුරවන සේක. දකුණු කන්සිළෙන් ගිනිජාලා පතුරවන සේක.
ශ්‍රී ලංකාවෙහි ජනයා වෙසක් පොසොන් මාසවල දී දන්දීමෙහි විශේෂයෙන් නිරත වෙති. ඔවුහු සිල්වතුන් වහන්සේට පමණක් නොව දුගී මගී යාචකාදීන්ට නොයෙක් දෑ දීමටත්, රටෙහි විවිධ තැන්වල දන්සැල් පැවැත්වීමටත් මෙසේ සිදුකරනු ලබන මෙම ක්‍රියාවලිය අතිශයින් අගය කළ යුත්තේ ය. එය බුදු දහමේ උගන්වනු ලබන ප්‍රධාන පුණ්‍ය කර්මයක් වන නිසා ය. එහෙයින් දන්දීම පිළිබඳ ව ධර්මානුකූල යමක් අවබෝධ කර ගැනීම ප්‍රයෝජනවත් කරුණකි. ලෝකයෙහි දීම (දානය) වූ කලි මිනිසකුගේ උත්තුංගභාවය හඳුනා ගැනීමේ ප්‍රධාන ගුණාංගයකි. ලෞකික වශයෙන් කෙනෙකුට උපභෝග පරිභෝග සම්පත් ලබා ගැනීමේ සැඟවුණු ක්‍රමවේදය දානය වන අතර, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සතු තෘෂ්ණාව නැති කර ගැනීමේ ක්‍රමවේදය වන්නේ ද දානය යි. මේ නිසා ලැබීම හා නැති කිරීම යන උභය කාර්යයන් ම සාධනය කිරීමේ ආගමික චර්යාව වූ කලි දානයමැයි. ලෝකයෙහි දීමකින් තොරව ලැබීමක් සිදු නොවේ. එසේම ලෝකයෙහි දෙන්නෙකු නොමැති නම් ලබන්නෙක් ද, ලබන්නෙක් නොමැති නම් දෙන්නකු ද ඇති නොවේ. මේ නිසා දානය අපේක්ෂා රහිත ව මෙන්ම නිරපේක්ෂකව ද කළ හැකි උතුම් ක්‍රියාවකි. වෙනත් විධියකින් කිවහොත් දානය වූ කලී ලෞකික මෙන් ම ලෝකෝත්තර ඵලප්‍රාප්තීන් ද්වය ම අත්විඳීය හැකි උපාය මාර්ගයකි. අප විසින් දානය පිළිබඳ ව දතයුතු විශේෂ කරුණක් වේ. සැබැවින් ම එය නිරපේක්ෂක ව කිරීම ම උසස් වේ. දස පින් කිරියවත්, දස රාජ ධර්ම යනාදියට මෙන්ම දස පාරමිතාවන්ට ද දානය ඇතුළත් වීමෙන් ලෞකික හා ලෝකෝත්තර අපේක්ෂා මුල් කර ගෙන දන් දිය හැකි බව පෙනේ.
“ධම්මයාත්රා” ඉංගි්රසි ත්‍රිපිටක පොත් බෙදා දීමේ පුණ්යාත්සවය
සඳමෙත් අරණට දාන ශාලාවක්
රිල්පොල රාහුල හිමියෝ සංඝ නායක පදවියෙන් පිදුම්ලබති
පැන විසඳුම්
ඉතිරිය»
ස්වාක්ඛාත ධර්මයෙහි හැසිරීමට කුසීත නොවෙමු
පුද්ගල චිත්ත සන්තති ක්රියාකාරීත්වයේ ස්වභාවය
බුදු දහමෙන් හැඩවන ලෞකික ජීවිතය
අනතිමානී ගුණ සුපෝෂිත වතෝගල ධම්මික නා හිමිපාණන් වහන්සේ
ආගමික සමාජීය ක්ෂේත්රයන්හි අද්විතීය මෙහෙවරක් ඉටු කළ කාන්තා රත්නය
විල්ගම් වෙහෙර පුදබිම වරුණ
දළදා වහන්සේ වැඩ සිටි ඓතිහාසික ගෙඩිගේ විහාරය
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]